(ජේ.කේ.එල් චාමින්ද)
කන්නෙලිය රක්ෂිතයේ නිති විරෝධිලෙස වල්ලපට්ටා කැපු පිය පුතු දෙදෙනෙකු වල්ලපට්ටා කිලෝ පහක් සමඟ අද (06) කන්නෙලිය රක්ෂිතය තුළදී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.
බණ්ඩිය දොළ මාවතේ සිටි කිලෝමීටර් දෙකක් පමණ ඇතින් කන්නෙලිය රක්ෂිතය තුළ වල්ලපට්ටා කපා ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වි ඇත.
සැකකාර පිය පුතු දෙපල දින තුනක් පමණ රක්ෂිතය තුළ සිට වල්ලපට්ටා කපා ඇති බව පොලිසිය පවසයි.
වල්ලාපට්ටා කැපීමට යොදාගත් පොරවක්, පිහි කැති ඇතුළු උපකරණද පොලිස් භාරයට ගෙන ඇත. මොවුන් රක්ෂිතයෙන් පිටතට පැමිණෙන විට වල්ලපට්ටා අළෙවී කිරීම සඳහා ගැනුම්කරුවන්ට ජංගම දුරකතන මගින් දන්වා ඇති බවද පොලිසිය පවසයි. වල්ලපට්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12ත් 15ක් අතැ වන බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනරම් ස්ථානය කන්නෙලිය රක්ෂිතය නැරබීමට අපි කිහිප විටක්ම ගියා. එය සුන්දර වටින ගස් ඇති වටින ස්ථානයක්. අපි යන විට මුදල් ගෙවා ඇතුළු වීමට සිදු වුන අතර එහි කිහිප දෙනෙකු මගපෙන්වන්නන් සහ ආරක්ෂකයන් ලෙස රාජකාරි කලා. එසේ තිබියදී මේ විශාල වනාන්තරයට ඇතුළු වී හොරෙන් වල්ලපට්ට කපා ගන්නේ කෙසේද? මෙහි වැඩ කරන අයගේ අනුදැනුමකින් තොරව එසේ කල හැකිද? නැවත මෙවැනි දේශද්‍රෝහී විදියට වැරදි කිරීමට බැරිවෙන ලෙසට දැඩි දඬුවම් දී මේ රක්ෂිතය ආරක්ෂා කල යුතුයි.