IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කීඩෑ වසංගතයෙන් බැට කෑ ගොවීහු කබලෙන් ලිපට

 
හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
කීඩෑ වසංගතයෙන් බැට කමින් කුඹුරු වගා කළ තමන්ට වන්දි ලබාදීම තබා වගා හානි සඳහා පිරවිය යුතු පෝරමවත් ලැබී නොමැති බව කොට්ටුකච්චිය ගොවීහු පවසති.

කොට්ටුකච්චිය සහ කච්චිමඩුව ප්‍රදේශවල ගොවීන් මේ වසරේ යල කන්නයේ වැපිරූ වී වගාව  බරපතල ලෙස කීඩෑ හානියට ලක්ව තිබූ අතර එය අක්කර 500 කට ආසන්න විය.

කීඩෑ වසංගතය හේතුවෙන් ඇතැම් ගොවීන්ගේ වී වගාව සම්පුර්ණයෙන් විනාශව තිබූ බවත් සමහරුන්ගේ අස්වැන්න 20% දක්වා පහත වැටී තිබූ බවත් ගොවීහු පවසති. 

මාධ්‍ය මගින් දැනුවත්වීම් කර තිබුණ ද කිසිදු නිලධාරියකු අවධානය යොමු නොකළ බවත් කුඹුරු වගාව අවසන් කර මාස ගණනාවක් ගතව ඇතත් මේ දක්වා අදාළ පෝරම නොදුන් බවත් ඔවුහු කීහ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ කීඩෑ වසංගතයෙන් හානි සිදුවු වගාකරුවකු වන ජයන්ත රෝෂාන් මහතා මෙසේ කීවේය.
“කීඩෑ වසංගතයෙන් අපේ කුඹුරු සියල්ල විනාශ වුණා. කෘමි නාශකවලට වියදම් වුණ මුදල අක්කරයක් සඳහා රුපියල් 8000 කට වැඩියි. ඒත් කිසිම නිලධාරියකු මෙහෙ පැමිණියේ නැහැ. අඩුම තරමින් සොයා බැලීමක් පවා වුණේ නැහැ.

මේ පිළිබඳව ආණමඩුව ගොවිජන සේවා නිලධාරි ප්‍රේමචන්ද්‍ර බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ වගා හානි චක්‍ර ලේඛනයේ කීඩෑ හානිවලට වන්දි ගෙවීමට ක්‍රමවේදයක් නැති බවයි. 

කීඩෑ හානිය විශාල වශයෙන් පැතිරී ගොස් නැතැයි සිය නිලධාරීන් පැවසූ බවත්  ඔවුන් නිතර ඒ ප්‍රදේශයට ගොස් සොයා බැලීම් කිරීම නිසා කීඩෑ හානිය පාලනය කරගැනීමට හැකි වූ බවත් ඔහු කීය.

 

 

 

 



අදහස් (0)

කීඩෑ වසංගතයෙන් බැට කෑ ගොවීහු කබලෙන් ලිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site