(මනෝප‍්‍රිය ගුණසේකර)
වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූට ලෙස වෙනස් කර බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ලඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන 28 වැනිදා කැඳවීමට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය අද (8) නියම කළේය.
පැමිණිලි පාර්ශවය විසින් විත්ති පාර්ශවයට බාරදිය යුතු ලේඛන ආදිය නිසි අන්දමට බාරදී ඇද්ද යන්න දැනගැනීම සඳහා මෙම නඩුව කැඳවීමට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය එලෙස නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතීපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතීපතිවරයා මෙම නඩුව පවරන ලදී.
2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ මහරගම, නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යාණුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
වන සතත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ, දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ පොදු දේපළ පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි රොෂාන් ඇතුළු 7 කගේ නඩුව 28 දා