ජනපති වහා තීරණයක් ගත යුතු බව හෙළ උරුමය කියයි
ඇමති රිෂාඞ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, සහ අසාත් සාලි යන මහත්වරුන් එම ධූරයන්ගෙන් ඉවත් කළ යුතු බවට රට තුළ දැඩි ජනමතයක් ගොඩනැගී ඇති මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වහා පියවරක් නොගතහොත් රටපුරා විරෝධතා මතුවී සාමකාමීබව බිඳවැටීමට ඉඩ ඇතැයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.