‘අභියෝග ජයගත හැකි දරු පරපුරක් බිහි කිරිම රජයේ අරමුණයි’ 21 වන ශත වර්ෂයේ අභියෝග ජයගත හැකි දරු පරපුරක් බිහි කිරිම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පැවසීය. 04 July 2019
‘ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර රට විදේශීකරණය වේගවත් කරලා’ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඉදිරි දින 90 කාලය ඇතුළතදී රාජ්‍ය ආයතන විකුණාදමා, ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර රට විදේශීකරණය කිරීම වේගවත් කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද (3) පැවැසීය. 03 July 2019
‘බෝම්බ ප්‍රහාර හමුවේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් කරන්න රජයට හැකිවුණා’ දේශපාලන කුමණ්ත්‍රණ සහ බෝම්බ ප්‍රහාර හමුවේ රුපියල ශක්තිමත් කරමින් දැවැන්ත ආර්ථික, සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය. 03 July 2019
‘අලුත් ව්‍යවස්ථාවක් ගෙන එනවා’ ඉදිරි මැතිවරණවලින් පසු විධායක ජනාධිපතිධූරය අහෝසි කර පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කරමින් රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. 27 June 2019
‘ජපන් රැකියා ලබාගන්න ගොස් තැරැව්කරුවන්ට රැවටෙන්න එපා‘ ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතනයන්ට හසුනොවී කටයුතු කරන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉල්ලා සිටියි. 26 June 2019
19 ආපස්සට හරවන්න දෙන්නේ නෑ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඑන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඊට සුදුසුම ක්‍රමය එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට එය ඇතුලත් කර ඊට ජනවරමක් ලබා ගැනීම යැයි නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 26 June 2019
බලය වෙනුවෙන් විපක්ෂය ගෝත්‍රිකයන් ලෙස ක්‍රියා කරනවා’ විසිඑක් වන සියවසේ ජීවත්වනවා වෙනුවට බලය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ගෝත්‍රිකයන් ලෙස කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය. 21 June 2019
‘‘බැදුම්කර සිද්ධියට වැඩියෙන්ම චෝදනා එල්ල කළේ මගේ පක්ෂයේ සමාජිකයන්‘‘ මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී තමාටත් තමාගේ බිරිඳ හා දරුවන්ටත් දිගින් දිගටම චෝදනා එල්ල කළ අතර එයින් වැඩි පිරිසක් ම සිය පක්ෂයේ සමාජිකයන් යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (14) පැවැසීය. 14 June 2019
එජාපයට ජයග්‍රහණය කළ හැකි ජනාධිපති අපේක්ෂකයෙක් අවශ්‍යයි ජනාධිපතිවරණයට ඇත්තේ තවත් මාස කිහිපයක් බැවින් එක්සත් ජාතික පක්ෂට නව නායකත්වයක්, නව ජනාධිපති අපේක්ෂකත්වයක් තෝරා ගැනීමට සුදුසුම කාලය එළඹ ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. 14 June 2019
‘ඉන්දියාව ලංකාවේ සෞඛ්‍ය සේවාව අනුගමනය කරනවා’ රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් විවිධ පිරිස් නගන චෝදනා අසත්‍යයක් බවත් ඉන්දියාව ඇතුළු රටවල් බොහොමයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අනුගමනය කරමින් සිටින බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද (13) පැවසීය. 13 June 2019
‘කැබිනට් රැස්වීම නොපැවැත්වීම ගැන ජනපතිගෙන් විමසනවා’ කැබිනට් රැස්වීම් නොපැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු විමසීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කොළඹදී පැවසීය. 13 June 2019
‘ආගම්වාදීව - ජාතිවාදීව දේශපාලනය කිරීමේ අරමුණක් මට නැහැ’ ආගම්වාදී, ජාතිවාදී දේශපාලනය කිරීමේ අරමුණක් තමා සතුව නැතැයිද පටු අරමුණු පරාජය කිරීම සඳහා ජාතිමාමක බලවේග සමග එකට සිට ගැනීමට සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 10 June 2019
‘කාර්යාල නිල ඇඳුම් චක්‍රලේඛයට අනුව වැඩ කරන්න ඕනෑ නැහැ‘ කාර්යාල නිල ඇඳුම් පිළිබද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුකූලව කටයුතු කිරිමේ අවශ්‍යතාවයක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 09 June 2019
‘කොළඹ වරායේ නැ’හිර පරයන්තය ගිවිසුමකින් බාරගැනීමට මෝදි සතුටුවෙනවා’ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තුන්වන වරටත් තමන්ට ලැබුණු අගමැතිකමටත් වඩා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගිවිසුමකින් බාරගැනීම ගැන සතුටු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අද (9) පැවසීය. 09 June 2019
‘කෙටිකාලීන වාසි ගන්න ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සනවා’ කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පිරිස් ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 07 June 2019
විදුලිය මිලදීගැනීමේ ගාස්තු සංශෝධනයක් සූර්යබල සංග්‍රාමය යටතේ විදුලිය මිලදීගැනීමේ ගාස්තු සංශෝධනය කළ බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. 05 June 2019
වගකීම් විරහිත දේශපාලනඥයින්ට රතනහිමි ආදර්ශයක් සංහිදියාව මුවාවෙන් තම වගකීම් මග අරින දේශපාලනඥයන්ට අතුරලියේ රතන හිමියෝ හොද ආදර්ශයක් බව කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටපල අමරකිත්ති හිමියෝ කොළඹදී අද(02) පැවැසූහ. 02 June 2019
ජනපති වහා තීරණයක් ගත යුතු බව හෙළ උරුමය කියයි ඇමති රිෂාඞ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, සහ අසාත් සාලි යන මහත්වරුන් එම ධූරයන්ගෙන් ඉවත් කළ යුතු බවට රට තුළ දැඩි ජනමතයක් ගොඩනැගී ඇති මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වහා පියවරක් නොගතහොත් රටපුරා විරෝධතා මතුවී සාමකාමීබව බිඳවැටීමට ඉඩ ඇතැයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 02 June 2019
‘පාස්කුදා ප්‍රහාරය වෙනත් පිරිසකගේ කරමත පටවන්න ආණ්ඩුව උත්සාහ කරනවා’ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සොයා බැලීම සදහා පත්කරන ලද තේරීම් කාරක සභාව පත් කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ඔවුන්ට එන චෝදනා වෙනත් පිරිසකගේ කර මත පටවා බදියුදීන්ට එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාවෙන් ද නිදොස් කොට නිදහස් කරන්නට මඟක් පාදා ගැනීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප්‍රකාශ කළේය. 31 May 2019
අසත්‍ය ප්‍රචාර පැතිර වූ කටාන පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණයක් ඉල්ලයි පාසල්වල අනාරක්ෂිත තත්ත්වයක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසද්දීත් එවැනි තත්ත්වයක් ඇතිවිය හැකියැයි පාසල්වලට ගොස් පැවසීමෙන් ප්‍රදේශය පුරා නොසන්සුන් වාතාවරණයක් ඇතිකළ කටාන පොලිසියේ නිලධාරීන් ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය පොලිස්පතිවරයාට අද (30) ලිඛිත පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටියේය. 30 May 2019
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයාගත් පරිගණක ඇතුළු උපාංග සීඅයිඩීයට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු මේ දක්වා කළ විමර්ශනවලදී පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ සහ උපාංග රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 30 May 2019
‘‘කොළඹ නාගරික කොමසාරිස්වරයාගේ ස්ථානමාරුව අසාධාරණයි‘‘ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සිය නිල බලයට මුවාවෙමින් ඉතා අසාධාරණ අයුරින් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා ස්ථානමාරු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (29) රාජගිරිය සදහම් සෙවන විහාරස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ. 29 May 2019
ගිනි අවුලුවනවා නොව නිවා දැමීමට කටයුතු කළ යුතුයි ත්රස්තවාදයට එරෙහිව අවි ආයුධවලින් කරන මෙහෙයුමට වඩා පුළුල් හා ගැඹුරු බුද්ධි මෙහෙයුමක් සිදුවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 29 May 2019
පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ප්රතිලාභ සමෘද්ධි ප්රතිලාභ තවත් පවුල් හය ලක්ෂයකට ලබා දීම (30) වැනිදා සිට ආරම්භ වන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළේය. 28 May 2019
තල් සංවර්ධන අරමුදල අරඹයි රජය රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල වගකීමක් ගෙන කටයුතු කරන බැවින් අයවැයෙන් වෙන් කර තිබෙන සියලූ මුදල් සංවර්ධන වැඩසටහන් සඳහා නිසියාකාරව වියදම් කර අවසන් කිරීම ප්රමුඛ කාර්යය විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) දින අරලියගහ මන්දිරයේදී පැවසීය. 27 May 2019
මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක් මේ රට සිංහල බෞද්ධ බහුතරය තියෙන ඒකීය රටක් බවත් එය කාටවත් වෙනස් කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය. 24 May 2019
දේශපාලනඥයින් ලැබුණු අවස්ථාවට පයින් ගැහුවා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට හොද අවස්ථාවක් උදාවී තිබුණත් තම තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලනඥයින් එම අවස්ථාවට පයින් ගසා ඇති බව පළමු පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ හිටපු අමාත්‍ය චන්ද්‍රසේන විජේසිංහ මහතා කොළඹදී පැවැසීය. 24 May 2019
මුහුණු ආවරණ සහිත ඇඳුම් - හිස් ආවරණ ගැන පාසල් ප්‍රධානීන්ට ලිපියක් මුහුණු ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂක හිස් ආවරණ පැළැඳීම සම්බන්ධයෙන් නියෝග ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් ප්‍රධානීන් වෙත යොමු කර තිබේ. 23 May 2019
පාසල් ප්‍රවාහන සේවා නියාමනයට පාසල් වෑන් රථ නියමනයට වැඩපිළිවෙළක් සකස් කරන්නේ යැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 23 May 2019
විදුලි සංදේශ කොමිසමේ නිලධරයන්ට අධිකරණයට එන්නැයි නොතීසී දුරකථන සංඥා අවහිර කිරීමේ උපකරණ ළඟ තබාගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට විදුලි සංදේශ නියාමන කොමිසමට නියම කළ මීගමුව මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය මේ සම්බන්ධයෙන් කරුණු දැනුම්දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතිසි නිකුත් කළාය. 22 May 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026