‘ රැකියා නොදී තරුණයින් රැවටු ආණ්ඩුවලට පාඩමක් උගන්වනවා‘
සම්මුඛ පරීක්ෂණ දෙක දෙක පවත්වා අහෝසි කළ පත්වීම්, නැවත ලබා නොදුන්නොත් සමස්ත තරුණ බලවේගයම සමඟ පාරට බැස තරුණයින්ට සෙල්ලම් දාන ආණ්ඩුවලට පාඩමක් උගන්වන්න තම සංවිධානය සූදානම් යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අද (19) පැවසීය.