IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


‘රාජපක්ෂ රජය ගත් ණය චණ්ඩිපාට් දමා නොගෙවා සිටීමට නොහැකියි‘



(නිමල කොඩිතුවක්කු)


හිස් සංවර්ධන ව්‍යාපෘති සදහා රාජපක්ෂ රජය ගත් ණය මුදල් මැද මුලනේ චණ්ඩි පාට් දාමා නොගෙවා සිටීමට වත්මන් රජයට හැකියාවක් නොමැති  බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී  අද(18) පැවසීය.


රාජපක්ෂවරුන්ගේ ණය මුදල්  අහිංසක මිනිස්සුන්ගේ පිරිප්පු කිලෝවෙන්,  සිනි පන්සීයෙන් ගෙවිමට අද සිදුව ඇති බවත් මන්ත‍්‍රිවරයා  සඳහන් කළේය.


පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.


මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර් මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.


      ‘‘භාරකාර ආන්ඩුවක් පිළිබඳ දැන් කට්ටිය කතා කරනවා. ව්‍යවස්ථාව පිළිබඳ  අවබෝධයක් නැති අය තමයි මේ ගැන කතා කරන්නේ. කාටහරි  ඕනනම් පාර්ලිමේන්තුවේ 113  පෙන්නලා අලූත් ආණ්ඩුවක් හදන්න පුලූවන්. ඒකාබද්ධයයි ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයයි එකතු වුනත් 96යි තියෙන්නේ. තව 17ක් අවශ්‍යයි. ඒ නිසා අලූත් ආණ්ඩුවක් පිහිටුවන කථාවත් මිත්‍යාවක් කියලා  ඕන  කෙනෙකුට තේරෙනවා.


මේ කතාව පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම භාරකාර ආන්ඩුවක් පිහිටුවිම නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය බයවෙලා ඉන්නේ ඊළඟ පාර පාර්ලිමේන්තු එන එක ගැන. ඒ නිසියි මේ අය පොඩි ටොපියක් දෙන්නේ.


විශේෂ අධිකරණ  පිහිටුවලා කඩිනමින් නඩු අහන්න ගත්ත එකත් එක්ක ඒකාබද්ධයේ අයට දැන් දරා ගන්න බැරි පිඩාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා පොඩි චුන් එකක්  ගන්න තමයි මේ භාරකාර කතාව කියන්නේ.


මේ භාරකාර කතාවත් එක්ක ඒකාබද්ධය  කල්ලි කිපයකට කැඩිලා තියෙනවා.  ඒ නිසා මේක දැන් ඒ  අය අතරෙම ලොකු අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. මහින්ද මහත්තයා  තරුන මන්ත‍්‍රීවරුන්ට  කියලා තියෙනවා මේ ගැන කතා කරන්නත් එපා කියලා.


රැපියල  අවප‍්‍රමාණය විම පිළිබඳව ගොඩක් අය කතා කරනවා. රුපියල අවප‍්‍රමාණ  විම අපේ රටේ ආර්ථිකයට ලොකු පාඩුවක්. අපේ රටේ තියෙන්නේ ආනයන ආර්තිකයක්ත මේ නිසා අපිට මේක තදින් බලපානවා.


ආනයන ආර්තිකයක් මේ රටේ හැදුවේ අපි නෙමෙයි. 94 අපි ආන්ඩුව  භාරදෙනවිට තේ, පොල්, රබර්, ඇඟලූම් ආදි විශාල අපනයන  ආදායමක් එන විදියේ ආර්ථිකයක් හදලා තිබුනා. අවුරුදු විසි ගණනක්  රට පාළනය කරපු මේ සන්දාන ආන්ඩුව ආනයන ආර්ථිකයක් හැදුවා.
මේ ආර්ථික අර්බුදයට රජයට කළහැකි දේ සිමා සහිතයි. අපේ  රුපියල  සියයට නමයකින් අව ප‍්‍රමාණය වෙද්දි ඉන්දියාව 13%  කිනුත් ආජන්ටිනාව සියයට 53 කිනුත් ඩොලරය හමුවේ අවප‍්‍රමාණය වෙලා තියෙනවා.


අපනයන ආර්ථිකයක් තියෙන  වියට්නාමය, සිංගප්පුරුව වගේ රටවල් මෙම තත්වය හොදින් කළමනාකරනය කරගෙන තියෙනවා. ඒ නිසා  අපි මේ අයට පැහැදිලිව කියන්න  ඕන මේකෙන්  දේශපාළන චුන් ගන්නේ නැතුව රට හමුවේ  ඇති අභියෝග ජයගැනීමට කටයුතු කළ  යුතුයි කියලා.  


2012 වසරේදි සියයට 14කින් රුපියල අවප‍්‍රමානය වුනා. ඒ වෙලාවේදි මහ බැංකු සංචිතයේ  තිබුණු  ඩොලර් බිලියන 4.1ක් මුදා හැරියා. මේ මොහෙතේ  අපි මුදාහැරලා තියෙන්නේ ඩොලර් මිලියන 440ක් පමනයි. 2014 මුදා හැරපු මුදල් වලින් සියයට 10කින්වත් අපි මුදාහැරලා නැහැ. 2012 මේ අය ඒ සංචිත යලි එකතු කරගන්න නැවත ණය පිට ණය ගත්තා. රුපියල් කෝටි ගනන් වලින් වරායවල්, ගුවන්තොටුපල ක‍්‍රිඩාංගණ හැදුවා. මේ දේවල් වලින් අපිට තවම ප‍්‍රතිලාභ නැහැ.


කවුද මේ ණය ගෙවන්නේ. මේවා අපේ රටේ සල්ලිවලින්  කලානම් අපේ ආර්ථිකයට බරක් නැහැ. ණය අරන් මේ දේවල් කළ නිසා තමයි අද මෙතරම් අපිට අසිරූ වෙලා තියෙන්නේ.


මේ අය ගත්ත ණය අද ගෙවන්න වෙලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ පිරිප්පු කිලෝවෙන්,  සිනි පන්සීයෙන් තමයි ගෙවන්න වෙලා තියෙන්නේ.  ජාත්‍යන්තර සම්මුතින් වලට යටත්ව තමයි මේ ණය අරන් තියෙන්නේ.  මැද මුලනේ චන්ඩි පාට් දාලා මේවා ගෙවන්නේ නැතුව ඉන්න බැහැනේ.  දැන් කියනවා රුපියල එහෙම යනවා මෙහෙම යනවා කියලා. මේ අයගේ වෙබ් සයිට් දැන් දානාවා අද අච්චර අවප‍්‍රමාණය වෙලාලූ හෙට මෙච්චර අවප‍්‍රමාණය වෙලාලු ඒ අය මේ හේතු කතා කරන්නේ නැහැ.


රජයත් මේ තත්වය පිළිබඳ අවධානය යොමුකළ යුතුයි.  ආනයනය සිමා කිරීමෙන් පමණක් මේක කරන්න බැහැ. අපිට ඩොලර් ගේන්න පුලූවන් හැම විදියකින්ම ඩොලර් ගේන්න අවශ්‍යයි. 
 
  ඡායාරූපය - ගයාන් අමරසේකර 


 
 
 



අදහස් (0)

‘රාජපක්ෂ රජය ගත් ණය චණ්ඩිපාට් දමා නොගෙවා සිටීමට නොහැකියි‘

ඔබේ අදහස් එවන්න

දියත

කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 446 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 509 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 233 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 368 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 59 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 613 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 497 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1947 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site