‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න කටයුතු කරනවා‘ අපේ පාලනයක් යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න කටයුතු කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (05) පැවසීය. 05 December 2018
‘දේශපාලන කුමන්ත්රණයේ පාඩුව සිදු වුයේ රටටයි’ ඔක්තෝබර් 26 වැනිදා විධායකයේ මැදිහත්වීමෙන් රට තුළ සිදුවූ දේශපාලන කුමන්ත්රණයේ පාඩුව සිදුවූයේ රටට බව එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය. 04 December 2018
දැන් එජාපයේ කඩතොළු සේරම වැහිලා ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී තවත් රූකඩ අගමැතිවරයකු පත් කරන්නට යන බවට විශ්වාස කටයුතු ආරංචි ලැබෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (04) පැවැසීය. 04 December 2018
ස්වාධීන මන්ත්‍රීවරයකුට වුවත් අග්රාමාත්යධූරය ලබා ගැනීමට පුළුවන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට සිටින ස්ථාවරයට අනුව ස්වාධීනව පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයකුට වුවත් අග්රාමාත්යධූරය ලබා ගැනීමට හිමිකම ලැබෙතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. 04 December 2018
රුසියාවෙන් එවු සුබ පැතුම විදේශ කටයුතු අමාත්‍යංශය හංගලා රුසියානු සමුහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය ශර්ගෙයි ෂොයිගු මහතා විසින් ශ්‍රී ලංකාවේ නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා වෙත නිල සුභ පැතුම් පණිවිඩයක් එවා ඇත. 03 December 2018
‘විපක්ෂ නායක ධූරයත් ෆෙඩරල් වාදය යටතතේම තියා ගැනීම අරමුණයි’ ෆෙඩරල් බලයට යටවූ අගමැතිවරයෙක් පත් කරගන්නා ගමන්ම විපක්ෂ නායක තනතුරත් ෆෙඩරල් වාදය යටතේම තියාගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ වී ඇතැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කොළඹදි අද (2) පැවැසීය. 02 December 2018
විශ්වාසභංග ක්‍රමවේදය ජනපතිට තීරණය කළ නොහැකියි පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මත යැයි ද ජනාධිපතිවරයා යෝජනා කරන ක්‍රමවේදවලට විශ්වාසභංග යෝජනා ගෙන එන්නට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැතැයි ද ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කීය. 02 December 2018
ජාතික සඟ සමුළුව නෙළුම් පොකුණ රඟහලේ ශ්‍යාමෝපාලි මහා නිකාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය, සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය යන ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් දහසකට අධික ස්වාමින් වහන්සේලා සහභාගී වූ ජාතික මහා සඟ සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අද (30) පස්වරුවේ පැවැත්විණි. 30 November 2018
බහුතර කණ්ඩායමට ඉඩදීමට ජනපති පියවර ගත යුතුයි - මහාචාර්ය ප්‍රිශාන්ත පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමට ඉඩදී රට යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා දැන්වත් පියවර ගත යුතු බව ජාතික විද්වත් සංසදයේ සභාපති සහ කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කොළඹදී පැවැසීය. 29 November 2018
‘යුක්තිය ඉටුකරනවා නම් කතානායකවරයා ජම්පරය අඳින්න ඕන නෑ’ යුක්තිය ඉටුකරන්නේ නම් කතානායකවරයාට ජම්පරය ඇඳීමේ කිසිඳු අවශ්‍යතාවයක් ඇති නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29) පැවැසීය. 29 November 2018
මාධ්‍යවේදීන්ට පහර දීම හෙළා දකිමින් නිවේදනයක් තරුණයන් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර ගුණරත්න මහතා කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයට පැමිණි අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ඔහුගේ ආරක්ෂකයින් සිදුකරන ලද පහර දීම දැඩිව හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි. 29 November 2018
පාර්ලිමේන්තුවේ කලහ කළ මන්ත්‍රීන් පරාජය කරන්න පාර්ලිමේන්තුව තුළ කලකෝලාහල කරන, පිහියෙන් අැනීමට සැරසෙන, මිරිස්කුඩු ගසන, පුටු කඩන සියලු දෙනා මහමැතිවරණයකදී පරාජයට පත් කිරීම ජනතාවගේ වගකීමක් යැයි නියංගොඩ විජිතසිරි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනා හිමියෝ අද (28) පැවසූහ. 28 November 2018
‘පවතින අරාජික බව පරිසරය විනාශ කරනවා’ රට පුරා පරිසරයට හානි කෙරෙන ක්‍රියාකාරකම් ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇතැයි නිරික්ෂණවලින් පෙනී යන බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 28 November 2018
පත්රකලා සංගමයේ 63 වැනි සංවත්සරය සමරයි ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ 63 වැනි සංවත්සරය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ලේකම් නිතින් නියෝලා මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (27) පැවැත්විණි. 27 November 2018
අගමැති මාරුවෙන් අයිතිවාසිකම් කඩ වුණැයි මානව හිමිකම් යති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ව්‍යවස්ථා විරෝධීව යැයි ද එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර හා දසිත් මන්තිලක යන මහත්වරු අද (27) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත. 27 November 2018
‘මිනිසුන්ගේ මනසේ සාමය ගොඩනැගීමට ලෝකය අසමත් වෙලා’ විද්‍යාව හා තාක්ෂණය කොතරම් දියුණු වුවත් ආර්ථිකය කොතරම් වේගයෙන් වර්ධනය වුවත් මිනිසුන්ගේ මනස් තුළ සාමය ගොඩනැගීමට ලෝකය අසමත්ව ඇතැයි ආචාර්ය නියංගොඩ විජිතසිරි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක හිමියෝ අද (27) ප්‍රකාශ කළහ. 27 November 2018
‘බහුතරය ඇති නායකයා අගමැති නොකිරීමෙන් ජනපතිගේ ඒකාධිපති භාවය පේනවා’ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා සිටින පක්ෂයේ නායකයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරිම ප්‍රතික්ෂේප කිරීමෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියම ඒකාධිපති ස්වරූපය පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (27) පැවැසීය. 27 November 2018
මිනිස් ජාවාරම නතර කිරීමට ඇමතිගෙන් උපදෙස් නීතී විරෝධි මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා අරඹා ඇති වැඩ කටයුතු තව දුරටත් උසස් තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී තිබේ. 27 November 2018
හැකිනම් මහ මැතිවරණයකට එන්න මැතිවරණයකට නොගොස් බලයේ රැදී සිටීමට දරණ උත්සහය මේ දිනවල පාර්ලිමෙන්තුවේ සිදුවන වැඩ වලින් පෙනෙන්නට ඇතැයි පැවසු ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක රාජ්‍ය භාෂා සහ සංහිදියා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හැකිනම් මහ මැතිවරණයකට මුහුණ දී පෙන්වන්නැයි එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක්ද කළේය. 25 November 2018
ජනපති සිදුකළ කුමන්ත්‍රණය පිළිකාවක් මෙන් වර්ධනය වෙලා ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වැනිදා සිදුකළ කුමන්ත්‍රණය අද වනවිට පිළිකාවක් මෙන් ඉතාම බරපතල ලෙස වර්ධනය වෙමින් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට කොළඹදී අද (21) එක්වෙමින් පැවැසීය. 21 November 2018
ජනපති සිදුකළ කුමන්ත්‍රණය පිළිකාවක් මෙන් වර්ධනය වෙලා ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වැනිදා සිදුකළ කුමන්ත්‍රණය අද වනවිට පිළිකාවක් මෙන් ඉතාම බරපතල ලෙස වර්ධනය වෙමින් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට කොළඹදී අද (21) එක්වෙමින් පැවැසීය. 21 November 2018
ජනමාධ්‍ය නිදහස තහවුරු කරන්න මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය පිරිනැමීමෙන් පසුව දේශපාලන අර්බුදකාරීත්වයක් නිර්මාණය වී ඇතැයි ද එම තත්ත්වය මත ජනමාධ්‍ය නිදහස නැවතත් අභියෝගයට ලක්ව ඇතැයි ද ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 21 November 2018
‘‘දුර්දාන්ත බලවේගයන්ට එරෙහිව නැගී සිටිය යුතුයි‘‘ ආණ්ඩුක්රමව්යවස්ථාවත් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය තහවුරුකර ගැනීමටත් සියලු දේශපාලන එදිරිවාදිකම් පසකලා සෑම පුරවැසියෙකුම දුර්දාන්ත බලවේගයන්ට එරෙහිව ඉදිරියට පැමිණිය යුතු කාලය එළැඹ ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 21 November 2018
‘වැඩිකල් නොගොස් මැතිසබේ 2/3 බලය පෙන්වනවා’ වැඩිකල් නොගොස් පාර්ලිමේන්තුව තුළ 150 ක් හෙවත් තුනෙන් දෙකක බලය පෙන්වීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අද (20) පැවසීය. 20 November 2018
‘පාර්ලිමේන්තුව පන්සලක් සේ සිතා කටයුතු කළ යුතුයි’ විධායක ජනාධිපති ධුරය ශ්‍රී ලංකාවේ වඩාත් ශක්තිමත්ව ස්ථාපනය විය යුතුම බව පාර්ලිමේන්තුවේ පසුගිය සතියේ සිදුවූ සිද්ධීන් දෙස බැලීමේ දී වැටහී යන බව කොළඹ 7, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති හිමියෝ පැවසූහ. 20 November 2018
‘කතානායකගේ ක්‍රියාකලාපය නිසා මැතිසබේ පවත්වාගෙන යා නොහැකියි’ කතානායකවරයා ක්‍රියාකරන ආකාරය අනුව තවදුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (19) පැවසීය. 19 November 2018
දේශපාලනඥයින් - විද්‍යාඥයින් අතර වෙනස පැහැදිලියි පුද්ගලෙයකු තූල තිබිය යුතු තැන්පත් බව, ඉවසීම, වැදගත් බව හා සදාචාරාත්මක බවින් බැහැර වී දේශපාලනය කරන්නන් දේශපාලඥයින් යැයි හඳුන්වන්නට නොහැකි යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 19 November 2018
දින තුනක් පරාද වු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කිසිදු බලයක් නැහැ ස්ථාවර නියෝග වලට අනුව පාර්ලිමේන්තුවේදි පිට පිට දින තුනක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඊනියා ආණ්ඩුව පරාජය කර ඇති බැවින් ව්‍යවස්තානුකූලව ඔවුන්ට කිසිලෙසකින්වත් ආණ්ඩු බලය හෙබවිය නොහැකි බව එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කොළඹදී පැවැසීය. 19 November 2018
නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව ජනමාධ්‍ය නිදහසට තර්ජනයක් ජනමාධ්‍යවේදීන්ට සිදු වූ හිංසන සම්බන්ධයෙන් යුක්තිය අපේක්ෂා කළ ජනමාධ්‍ය සමාජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබාදීම මගින් කම්පනයට පත්ව සිටින්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 19 November 2018
විදේශ බලවේග පරදවමු රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලය අවසන් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කර ගනිමින් ආරම්භ කළ මෙම රාජ්‍ය පාලන ක්‍රමය රට පැත්තෙන් බලන විට රටට හිතකර ඉතාම හොඳ දෙයක් යැයි යුතුකම පදනමේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද (18) පැවසීය. 18 November 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026