නිමල කොඩිතුවක්කු
වැඩිකල් නොගොස් පාර්ලිමේන්තුව තුළ 150 ක් හෙවත් තුනෙන් දෙකක බලය පෙන්වීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අද (20) පැවසීය.
රාංජපක්ෂ මහතාගේ ඊනියා ආණ්ඩුව පිළිබඳ කළකිරුණූ බොහෝ පිරිස තම කණ්ඩායම වටා එක් රැස් වන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා මෙසේ ද කීවේය.
ප්‍රජාතන්ත්‍ර විරෝධීව, පාර්ලිමේන්තු දේපල වලට හානි කරමින් අද ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම හැසිරෙමින් සිටිනවා.
අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණයට අපි කැනඩා මුදල් සම්බන්ධයෙන් හෝ යම් යම් දේවලට අත්සන් කිරිමේ දී ඒ වගකීම ඔබ තමන් ගත යුතුයි.
ඡායාරූප - එස්.කොඩිකාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd