IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘බහුතරය ඇති නායකයා අගමැති නොකිරීමෙන් ජනපතිගේ ඒකාධිපති භාවය පේනවා’

(නිමල කොඩිතුවක්කු)       

 
පාර්ලිමේන්තුවේ බහුතරය දිනා සිටින පක්ෂයේ නායකයා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කිරිම ප‍්‍රතික්ෂේප කිරීමෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියම ඒකාධිපති ස්වරූපය පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා අද (27) පැවැසීය.

බහුතරය පිළිබඳ කට මැත දොඩවන  මහින්ද රාජපක්ෂ මහතාට හැකිනම් පාර්ලිමේන්තුවේ ඡන්ද 90ක් ගෙන පෙන්වන ලෙසට  තමන් අභියෝග කරන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය. 
තමන්ට පාර්ලිමේන්තුවේ ඇති ඡන්ද ප‍්‍රමාණය පරීක්ෂා කරගන්නා ලෙසට මහින්ද රාජපක්ෂ මහතාට යොජනා කරන බවත් පැවසූ මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තු ඡන්දයක් විමසන අවස්ථාවේ මේ යතාර්ථය පරික්ෂා කරගැනීමට හැකියාව ඇති බවද කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා මෙසේද කීවේය.
 ‘‘පවතින දේශපාලන අර්බුදය හමුවේ එක්සත් ජාතික පෙරමුණ තනි මතයක සිටිනවා. එක්සත් ජාතික පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු බෙදීමක් නැහැ. මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපාය මාර්ගය තමයි එක්සත් ජාතික පක්ෂය තුළ  බෙදිමක් ඇතිකරලා අපේ පක්ෂය දුර්වල කිරීම.
එතුමා මුලින්ම  අපේ පෙරමුණේ සිටින පක්ෂ කඩලා එලියට ගන්න උත්සාහ කලා. ඒවා  අසාර්ථක වුණාහම දැන් උත්සාහ කරනවා  එක්සත් ජාතික පක්ෂය තුළ  බෙදිමක් ඇති කරන්න. අපේ සතුරාට අපිව දුර්වල  කරන්න පුලූවන් කිසිම දෙයක් අපි කරන්නේ නැහැ.
අපි මෛත‍්‍රිපාල සිරිසේනටත්  මහින්ද රජපක්ෂත් යන දෙන්නටම කියනවා එක්සත් ජාතික පෙරමුණ හෝ එක්සත්  ජාතික පක්ෂය කොටස් වලට කඩන්න ඔබට බැහැ. අපි ඒකට ඉඩ දෙන්නෙත් නැහැ කියලා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය.
 



අදහස් (0)

‘බහුතරය ඇති නායකයා අගමැති නොකිරීමෙන් ජනපතිගේ ඒකාධිපති භාවය පේනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 223 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site