පැවැති දේශපාලන අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳාගැනීම ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ප්‍රසාදය මෙරට පැවති දේශපාලන අර්බුදය සාමකාමී ලෙසින් හා ව්‍යස්ථානුකූලව විසඳා ගැනීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රසාදය පළ කර ඇත. 21 December 2018
‘ ප්‍රමාද නොවී නිවැරදී තීන්දු ගන්නවා‘ නිවැරදි තීන්දුව ගෙන ප්‍රමාද නොවී කණ්ඩායමක් ලෙස වැඩ කරන බව වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. 21 December 2018
ගුවන් හමුදා නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානයක් ගුවන් හමුදා සේවයේ නියුතු සහ ගුවන් හමුදා සිවිල් සේවයේ නියුතු නිලධාරීන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පැවැති අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. 20 December 2018
‘තීරක බලය ෆෙඩරල්වාදී කඳවුර තුළම තබාගැනීමේ කුමන්ත්‍රණයක්’ රටේ ප්‍රධාන තනතුරුවලට ප්‍රධානීන් පත්කිරීමේ තීරක බලය ෆෙඩරල්වාදී ඊළාම් කඳවුර තුළම තබාගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතින බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (19) සඳහන් කළාය. 19 December 2018
ලංකාවේ ප්රජාතන්ත්රවාදය හා ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීම ඇමෙරිකාව අගය කරයි ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික හා ව්‍යවස්ථාමය සම්ප්රදාය සුරක්ෂිත කරමින් ඇතිවූ දේශපාලන තත්ත්වය අගය කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය අද (17) නිවේදනය කළේය. 17 December 2018
අගමැතිගේ දිවුරුම්දීම මාධ්‍යය වාරණය කළාට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විරෝධය ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් අවස්ථාව ජනමාධ්‍යයට වාරණය කිරිම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය විරෝධය පළ කරයි. 17 December 2018
‘එජාපෙ රජයකින් රට සෑම අංශයකින් නඟා සිටුවනවා’ කඩා වැටුණු ආර්ථිකය, සංවර්ධනය නගා සිටුවමින් එක්සත් ජාතික පෙරමුණු රජයක් තුළින් සෑම අංශයකින්ම රට නගා සිටුවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 16 December 2018
‘‘රනිල්ට අගමැතිකම ලබාදීම හැර වෙනත් විකල්පයක් නෑ‘‘ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව යළිත් තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවැසීය. 14 December 2018
‘එජාපෙ තාවකාලිකව ලබන ජය මැතිවරණයේ දී ආපසු හරවනවා’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් එක්සත් ජාතික පෙරමුණ තාවකාලිකව ලබන ජයග්‍රහණය ඉදිරි මහ මැතිවරණයේ දී ආපසු හරවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා කොළඹදී අද (14) පැවසීය. 14 December 2018
‘රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනපති ගැන කම්පා වෙනවා’ ගමක මරණාධාර සමිතියක්වත් ව්‍යවස්ථාවක් උල්ලංඝණය කරන්නේ නැති බවත්, රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපති ගැන දැඩි කම්පාවකට පත්වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී අද (14) පැවසීය. 14 December 2018
ජනමතය බලාගන්න ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි ජනමතය කුමක්දැයි බලාගැනීම සඳහා කළ යුතු එකම ක්‍රියාව ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පැවසීය. 13 December 2018
’ප්රජාතන්ත්රවාදය ගැන කතා නොකළ අය අද කතාකිරීම පුදුමයක්’ එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ කල් දමන විට ප්රජාතන්ත්රවාදය පිළිබඳව කතා නොකළ උදවිය අද ප්රජාතන්ත්රවාදය ගැන කතාකිරීම පුදුමයට කරුණක් යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (13) පැවැසීය. 13 December 2018
‘එජාපයට ඉදිරියේ දී දෙමළ සන්ධානයේ පදයට නැටීමට සිදුවෙනවා’ රට ගොඩනැගීම කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ පදයට නැටීමට සිදුවනු ඇති බව පැවිදිහඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී අද (13) පැවැසූහ. 13 December 2018
‘ජනමතය කුමක්දැයි බැලීමට ජනාධිපතිවරණයකට යා යුතුයි’ ජනමතය කුමක් දැයි බලාගැනීම සඳහා කළ යුතු එකම ක්‍රියාව ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය. 13 December 2018
‘ප්රජාතන්ත්රවාදය තහවුරු වන තුරු ජනබල මෙහෙයුමට එන ජනතාව යන්නේ නෑ’ ප්රජාතන්ත්රවාදය ඉල්ලාගෙන ජනබල මෙහෙයුමෙන් ලබන සඳුදා (17) කොළඹට එන ජනතාව ප්රජාතන්ත්රවාදය තහවුරු කරන තුරු නැවත ගම් රටවලට නොයන බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 12 December 2018
උත්සව සමයේදී සාධාරණ මිලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න ජනතාවට අවස්ථාව සලසන්න එළැඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව සාධාරණ මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වලට උපදෙස් ලබා දී තිබේ. 11 December 2018
‘ සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමෙහි විද්වත් කමිටු වාර්තාව රටට හෙළි කරන්න ‘ සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කිරීමට පත් කළ විද්වත් කමිටු වාර්තාව වහාම රටට හෙළිකරන ලෙසට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. 11 December 2018
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වාර දෙකකට සීමා කළ යුතුයි - ධම්ම දිසානායක ජනාධිපති ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ද දෙවරකට සීමා කර ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි පරිදි නීති සම්පාදනය කළ යුතු යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 10 December 2018
එජනිසය බදාදා පාර්ලිමේන්තු යනවාද නැද්ද තීරණය තවම නෑ බදාදා (12) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන්නේදැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය තවමත් තීරණයක් ගෙන නොමැත. 10 December 2018
’කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වෙලා’ - වාසු කියයි අධිකරණ නියෝගයට අනුව දහතුන් ලක්ෂයක් පමණ වන රජයේ සේවකයන්, විශ්‍රාමිකයන්ගේ වැටුප් ලබාදීම සඳහා ගත යුතු පියවර ගන්නට නොහැකි වන පරිදි කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වී ඇති බවත් මෙය රජයේ සේවාවන් පවත්වාගෙන යන්නට හානිදායක ලෙස බලපා හැකි බවත් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹ දී පැවසීය. 10 December 2018
‘එජාපෙ තීරණය ජනබල මෙහෙයුමේ 7 වැනි දවසේ ගන්නවා’ ජනපති තවදුරටත් රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ඒකාධිපතියකු ලෙස හැසිරෙන්නේ නම් එක්සත් ජාතික පෙරමුණේ ජනබල මෙහෙයුම හත්වැනි දිනයේ දී තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. 10 December 2018
‘ දේශපාලන බල අරගලයට ආණ්ඩුවේ ස්වාධීන නිලධාරීන් සම්බන්ධ කර ගන්න එපා ‘ දේශපාලන බල අරගලයට ආණ්ඩුවේ ස්වාධීන නිලධාරින් සම්බන්ධ කර නොගන්නැයි පාඨලී චම්පික රණවක මහතාගෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පිවිතුරු හෙළ උරුමය නායක, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 10 December 2018
එජාපෙ ට සහය දීමට ටීඑන් ඒ සුදානම් බව දිගම්බරන් කියයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පුර්ණ සහය දෙන බව දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක පලනි දිගම්බරන් මහතා පැවසීය. 09 December 2018
‘‘කිසිදු දේශපාලන කණ්ඩායමකට දෙන්න පොරොන්දු පත්‍රයක් එජාපයේ නෑ‘‘ දෙමළ ජාතික සන්ධානයට හෝ වෙනත් දේශපාලන කණ්ඩායමකට ලබාදීමට කිසිදු පොරොන්දු පත්‍රයක් එක්සත් ජාතික පක්ෂය සතුව නොමැති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹදී අද (07) පැවැසීය. 07 December 2018
‘පාර්ලිමේන්තු රැස්කර මහජන මුදල් නාස්ති කිරීම ගැන කතානායක වගකිව යුතුයි’ එක් දේශපාලන කණ්ඩායමක උවමනාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්කරවා නිස්කාරණේ මහජන මුදල් කාබාසීනියා කිරීම සම්බන්ධ වගකීම කතානායකවරයා විසින් බාරගත යුතු යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (7) පැවැසීය. 07 December 2018
‘පුරවැසියන්ගේ අයිතිවාසිකම් දුර්වල කර දේශපාලඥයන් ශක්තිමත් කිරීම අරමුණයි’ රටට එරෙහි පිරිස් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමු යන මාතෘකාව යටතේ පෙළ ගැසෙමින් සිටින බවත් පුරවැසියන්ගේ අයිතිවාසිකම් දුර්වල කර දේශපාලඥයන් ශක්තිමත් කිරීම මේ අයගේ අරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (7) පැවැසීය. 07 December 2018
‘දේශපාලන අර්බුදයෙන් ආර්ථිකයේ දිගුකාලීන ප්‍රතිවිපාකවලට මුහුණදෙන්න වෙනවා’ ඔක්තෝබර් 26 වැනි දිනෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය නිසා ආර්ථිකයට දිගුකාලීනව දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කොළඹදී පැවැසීය 06 December 2018
ආසියාවේ පැරණිම ප්රජාතන්ත්රවාදී රට ඒකාධිපති රාජ්‍යයකට පත්වෙනවා’ ආසියාවේ පැරණිම ප්රජාතන්ත්රවාදී රට වූ ශ්‍රී ලංකාව සීඝ්රයෙන් ඒකාධිපති රාජ්‍යයක් කරා පරිවර්තනය වෙමින් පවතින්නේ යැයිද ඒ සඳහා මූලිකවම වගකිව යුත්තේ ජනාධිපතිවරයා යැයිද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. 06 December 2018
දේශපාලන අර්බුදය නිසා වතුකරයේ ජනතාවට හිඟාකන්න වෙනවා දේශපාලන අර්බුදය තවදුරටත් පවත්වාගෙන ගියහොත් වතුකරයේ අහිංසක ජනතාවට හිඟාකන්නට සිදුවන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කීය. 05 December 2018
දෙමළ සන්ධානයේ ස්ථාවරය වෙනස් කරන්න දුන් පොරොන්දු මොනවාදැයි ගම්මන්පිල අහයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට කිසිදු සහයක් නොදෙන බව කී දෙමළ ජාතික සන්ධානයට ස්ථාවරය වෙනස් කරගැනීම සඳහා පොළඹවා ගන්නට එක්සත් ජාතික පක්ෂය විසින් දුන් පොරොන්දු මොනවා දැයි ජනතාවට හෙළි කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 05 December 2018
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026