රට ගොඩනැංවීමේ ව්‍යායාමයට සියළු දේශපාලන පක්ෂ සහභාගී කර ගැනීම අරමුණයි ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්ෂ ආණ්ඩුවේ කාර්ය භාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 03 February 2019
‘ඖෂධ ගබඩා කර ඇති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ඖෂධ හළක් ලෙස ලියාපදිංචි කළ යුතුයි ‘ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඖෂධ ගබඩා කර ඇත්නම් එම ස්ථාන ඖෂධ හළක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කළ යුතු බව සෞඛ්‍ය දේශිය හා පෝෂණ වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 03 February 2019
‘ඉදිරි ශ්‍රිලනීප අපේක්ෂකයා ලෙස ජනපතිව ඉදිරිපත් කරනවා’ ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය. 01 February 2019
රජයේ ඉදිකිරීම්වලට මුදල් නොලැබීමෙන් කොන්ත්‍රාත්කරුවන් අසීරුතාවක රජයේ ඉදිකිරීම් වෙනුවෙන් ලැබිය යුතු රුපියල් කෝටි 700 කට අධික මුදලක් නොලැබීමෙන් කුඩා හා මධ්‍යම පරිමාණයේ කොන්ත්‍රාත්කරු දහසකට වැඩි පිරිසක් දැඩි අසීරු තත්වයකට පත්ව සිටිති. 31 January 2019
‘කැබිනට් මණ්ඩලය මෙල්ල කරන්න ජනාධිපතිට හැකියාවක් නැති වෙලා ‘ රටේ වත්මන් කැබිනට් මණ්ඩලය මෙල්ල කිරීමට විධායක ජනාධිපතිවරයාට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී අද (31) පැවැසීය. 31 January 2019
චීන චිත්‍රපට උළෙලක් හෙට සිට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිව් වැනි වරට සංවිධානය කරන චීන චිත්‍රපට උළෙලක් හෙට (01) සිට ලබන 6 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේදි පැවැත්වේ. 31 January 2019
ඉදිරියේදී රටේ සෑම තැනකම ලංවීම පාරිභෝගික සේවා අංශයක් රටේ සෑම තැනකම ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා අංශයක් ලබන අපේ‍්‍රල් මාසය වනවිට ස්ථාපිත කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය. 30 January 2019
ගුරුවරුන්ට - විදුහල්පතිවරුන්ට ගෙවන දීමනා වැඩිකරන්න මේ වසර සඳහා වන අයවැය ලේඛනය මගින් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන දීමනා වැඩි කරන ලෙසට ලංකා ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි. 30 January 2019
‘‘මානව හිමිකම් සැසිවාරයේදී රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා‘‘ ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන වාර්ෂික සැසිවාරයයේදී රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනි සිටිමින් රටට එරෙහි සියලු යෝජනා පරාජයට පත්කිරීමට කැපවෙන බවත් ජගත් දේශපේ‍්‍රමී ලාංකික සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා කොළඹදී අද (30) පැවැසීය. 30 January 2019
‘සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතුයි’ සියලු පළාත් සභාවල මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතු ජාතික හෙළ උරුමය සඳහන් කරයි. 30 January 2019
‘‘සේනා කෘෂිකර්මය විනාශ කරනවිට මුදල් අමාත්‍යාංශය ජනතාව විනාශ කරනවා‘‘ සේනා දළඹුවා කෘෂිකර්මය විනාශ කරන විට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් බදු ගෙවන ජනතාව සම්පූර්ණයෙන්ම විනාශ කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (29) පැවැසීය. 29 January 2019
‘ප්‍රසම්පාදන සභාවට නව සාමාජිකයන් පත්කර නෑ’ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවට නව සාමාජිකයන් තවමත් පත්කර නැතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය. 29 January 2019
‘නැණසල මධ්‍යස්ථාන ගණනාවක් අක්‍රීයයි’ දිවයින පුරා නැණසල මධ්‍යස්ථාන 10,000ක් පිහිටුවා ඇතත් ඒවායින් බොහොමයක් මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බවද නැණසල ව්‍යාපෘතිය නව මුහුණුවරකින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය. 29 January 2019
‘බාහිර උපාධි කප්පාදු කිරිමේ වැඩපිළිවෙළක ආර්ඩුව නිරත වෙනවා’ බාහිර උපාධිය කප්පාදු කිරිමේ වැඩපිළිවලක ආණ්ඩුව නිරත වන බව බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ. 28 January 2019
සමානුපාතික ක්‍රමය අනුගමනය කළොත් කාන්තා නියෝජනය අර්බුදයක පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණෙන් පැරැණි සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීමට ගියහොත් කාන්තා නියෝජනය වැඩි කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය අර්බුදයට යනු ඇතැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ( සී.එම්.ඊ.වී) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 24 January 2019
සේනා එක් ප්‍රදේශයකට ව්‍යාප්ත වූ පසු තුරන් කළ නොහැකි සේනා දළඹුවා එක් ප්‍රදේශයකට ව්‍යාප්ත වූ පසු ප්‍රායෝගිකව එම කෘමියා තුරන් කළ නොහැකි යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික වැඩසටහන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 24 January 2019
උසස් පෙළ ඇගයීම් ගාස්තු ගෙවා නෑ - ලංකා ගුරු සේවා සංගමය අපොස උසස් පෙළ විභාගයේ අතිරේක ශාලාධිපති හා ඇතැම් විෂයන්ගේ උත්තර පත්‍ර ඇගයීම්වල නිරත වූ ගුරුවරුන්ගේ ගාස්තු මෙතෙක් ගෙවා අවසන් කර නැතැයි ද ඒවා කඩිනමින් ගෙවන්නැයි ද ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලිපියක් යොමු කර ඇත. 24 January 2019
මාධ්‍යයට බාධා කිරීම ගැන නීතිය කඩිනම් කරන්න හම්බන්තොට ලුණු ලේවායේ පැවැති සේවක උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට කිසියම් පිරිසක් බැණ තර්ජනය කරනු ලැබීමේ සිදුවීම තරයේ හෙළා දකින්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 24 January 2019
ඥානසාර හිමියන්ට සුදුසු අවස්ථාවේදී සමාව හිමිවෙයි - ශාන්ත බණ්ඩාර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සුදුසු අවස්ථාවේදී ජනපති සමාව හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 24 January 2019
‘ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දුෂිත ආයතනයක් වෙලා’ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට රටේ පවතින දූෂිතම ආයතනයක් බවට පත්ව ඇති බවත් එහි වගකීම වත්මන් සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය බාර ගත යුතු බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ. 24 January 2019
‘රාජපක්ෂ කාලයේ සිදුවූ දූෂණ ගැන සෙවිය යුතුයි’ 2015 වසරේ සිට 2018 දක්වා සිදුවූ දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් ඔක්තෝබර් මස 26 දින සිට දින 51 කාලයක් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරය දැරූ කාලයේ වූ දූෂණ පිළිබඳව ද සෙවිය යුතු බව උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 24 January 2019
ආණ්ඩුවට ගොවියන්ගේ අදෝනා ඇසෙන්නේ නෑ වියළි කාලගුණයෙන් පීඩා විඳි ගොවි ජනතාව දැන් සේනා දළඹුවා නිසා නැවත පීඩාවට පත්ව සිටියත් ආණ්ඩුවට ඔවුන්ගේ දුක් අදෝනා ඇසෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය. 23 January 2019
‘‘රටේ අනාගතය පවතින්නේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මතයි‘‘ ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මත යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (22) පැවැසීය. 22 January 2019
‘‘තරුණ බලාපොරොත්තු ඉටු කළ හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි‘‘ කාලයෙන් කාලයට වෙනස්වන තරුණ බලාපොරොත්තු ඉටු කළ හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (22) පස්වරුවේ පැවැසීය. 22 January 2019
පළාත් 6 මැතිවරණය පවත්වන්නැයි පොහොට්ටුවෙන් පෙත්සමක් නිල කාලය අවසන් වූ පළාත් සභා හයේ මැතිවරණ පවත්වන ලෙස රජයට නියම කරන්නැයි ඉල්ලමින් මෙම සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට බළාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. 21 January 2019
‘ජාති භේදයකින් තොරව රට සංවර්ධනයට පියවර ගන්නවා‘ ජාති භේදයකින් තොරව රටේ සියලූ ප්‍රදේශ සංවර්ධනය කිරීම වෙනුවෙන් කැපවෙන බව විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්ණන් මහතා කොළඹදී පැවැසීය. 21 January 2019
රාජ්‍ය සේවා කොමිසමේ සමාජිකයන් අරලියගහ මන්දිරයට කැඳවීම ගුරු සංගමය හෙලාදකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභාවක් වන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් අරලියගහ මන්දිරයට කැඳවීම වැරදි පුර්වාදර්ශයක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පැවැසීය. 16 January 2019
‘අඩු මිලට දඹදිව සංචාර සංවිධානය කරන්නන්ගෙන් ප්රවේශම්වෙන්න’ අඩු මිලකට දඹදිව සංචාර සංවිධානය කරන සංවිධායකයන්ගෙන් සංචාරකයන් ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ ලේකම් රංගනාත් කරුණාදාස මහතා පැවැසීය. 16 January 2019
කාබන් බද්දට බස් ගැමුණුත් විරෝධය පායි ඩීසල් සහ පෙට්‍රල් වාහන වලින් ජනවාරි 1 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි කාබන් බද්දක් අයකිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා පැවසීය. 15 January 2019
සේනා දළඹුවා මර්දනයට රජය මැදිහත්විය යුතුයි සේනා දළඹුවා බඩ ඉරිඟු වගාවේ සිට වී, එළවලූ ඇතුළු අනෙකුත් භෝගයන්ට සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මෙම දළඹුවන් මර්ධනය කිරිමට රජය මැදිහත්ව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 15 January 2019
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026