’යහපාලනයෙන් රටට වූ හානියට අගමැති ප්රමුඛ මැතිඇමතිවරු වගකිවයුතුයි’
යහපාලන ජාතික රජය යටතේ පසුගිය වසර 04ක කාලය තුළ සිදුවූ දූෂණ, වංචා හේතුවෙන් ආර්ථික, සමාජීය සහ ප්රජාතාන්ත්රවාදී යන සෑම අංශයකින්ම රට කඩා වැටී ඇති බවත් මෙම තත්වයට අග්රාමාත්යවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ මැතිඇමතිවරුන් වගකිව යුතු බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා කොළඹදී අද(01) පැවැසීය.