මෛත්‍රීගේ ජනපති සිහිනය බොඳවෙමින් පවතින බව කියයි මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති සිහිනය බොඳ වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා පැවැසීය. 27 March 2019
‘ගොඩනැගිලි සැලසුම්කරණයත් විදුලි අර්බුදයට හේතුවක්’ විශාල ගොඩනැගිලිවලට වායු සමීකරණ යන්ත්‍ර අධිකව භාවිත කිරීම විදුලි අර්බුදයට හේතුවක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය දැක්වුවත් එහි සැබෑ අර්බුදය ඇත්තේ ගොඩනැගිලි සැලසුම්කරණයෙහි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා පැවසීය. 26 March 2019
විදුලි අර්බුදය ඇති වීමට හේතුව විදුලිබල හිටපු ඇමැති කියයි විදුලි අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලය කැඳවු ටෙන්ඩරය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නොකිරීම නිසා රට තුළ විදුලි අර්බුදයක් ඇතිවීමට හේතු වූ බව හිටපු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 26 March 2019
මාසයක් පුරා චිත්‍ර ප්‍රදර්ශයක් කොළඹ දී ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සිය ප්‍රදර්ශන මාලාවේ තවත් එක් සුවිශේෂි ප්‍රදර්ශනයක් කොළඹ දී ආරම්භ කළේය. 22 March 2019
‘‘ජලය නිසා යුද්ධයක් පවා ඇතිවිය හැකියි‘‘ ඉදිරියේදී ජලය නිසා යුද්ධ පවා ඇතිවීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ජල සම්මේලනයේ සභාපති ඉංජිනේරු ආචාර්ය කමල් ලක්සිරි මහතා අද (21) පැවැසීය. 21 March 2019
විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සේවා සංගමයෙන් ආණ්ඩුවට චෝදනාවක් ජාතික පාසල් 354 න් 303 කම පවතින විදුහල්පති පුරප්පාඩු සඳහා නුසුදුස්සන් පත් කිරීමට ආණ්ඩුව රාජ්‍ය සේවා කොමිසන් සභාවට බලපෑම් එල්ල කරමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා චෝදනා කරයි. 21 March 2019
‘දෙස බස රකින නායකයකු රටේ නායකයා විය යුතුයි’ හදවතින්ම දෙස බස ආරක්ෂා කරන ජාතික නායකයකු රටේ නායකත්වයට පත්විය යුතු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක අධිනීතිඥ වි. ජ. මු ලොකුබණ්ඩාර මහතා අද(21) කොළඹ දී පැවැසීය. 21 March 2019
‘ප්රජාතන්ත්රවාදය විනාශ කරන පනතක් ඉදිරිපත් කර තිබෙනවා’ ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන් විනාශ කරන පනතක් සම්මත කිරීමට ඉදිරිපත් කර ඇතැයිද එය ත්රස්තවාදීන්ට වාසි සහගත වන්නක් බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (20) තංගල්ලේ දී කීවේය. 20 March 2019
‘බැඳුම්කර පොලිය වැඩිකිරීමෙන් බිලියන 151 ක පාඩුවක් වුණා’ අදක්ෂ ආර්ථික පරිපාලනය හේතුවෙන් හෝ වංචනික ලෙස පොළී අනුපාතය වැඩිකිරීම නිසා බැඳුම්කර සඳහා 2015 වසරේ සිට දැවැන්ත පොළියක් ගෙවීමට සිදුවී ඇති බවත් ඇමරිකානු ඩොලර් මිලියන 834.6 (රුපියල් බිලියන 151) විදේශ විනිමය පාඩුවක් සිදුව ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (20) පැවැසීය. 20 March 2019
නවීන වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරගම ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරට තුලම නිශ්පාදනය කිරීමේ අරමුණින් නවීන තාක්ෂණයෙන් යුත් වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ දී ආරම්භ කෙරිණ. 20 March 2019
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1200 ක් විනාශ කරන බව මත්ද්‍රව්‍ය නිවාරණය කියයි විවිධ අවස්ථාවන් හීදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1200 ක් අප්‍රේල් මුලදී විනාශ කර දමන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා අද (19) කොළඹ දී පැවසීය. ඒ අතර හෙරොයින්, කොකේන් සහ ගංජා යන මත්ද්‍රව්‍ය තොගයක් ඇතැයි ඔහු කීය. 19 March 2019
‘රජයේ වැඩපිළිවෙළ යටතේ විදේශ ආයෝජන වේගවත්’ වත්මන් රජය ගෙන යන වැඩපිළිවළ හමුවේ සෘජු විදේශ ආයෝජන අධි වේගයෙන් රට තුළට ගලා එමින් පවතින බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. 19 March 2019
'මතින් තොර රටකට දේශපාලන කැපවීමක් ඕනෑ' මහජන නියෝජිතයන්ට මත්පැන්හල් බලපත් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබියදී මතින් තොර රටක් සංකල්පය ක්‍රියාවට නගන්නේ කෙසේදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන්නේ යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 19 March 2019
කසළ ප්‍රශ්නයට විසඳුම් දෙද්දී උද්ඝෝෂණය කරන බාල දේශපාලනය පැරදවිය යුතුයි කසළ ප්‍රශ්නයට විද්‍යාත්මක විසඳුමක් දෙනවිට පාරට බැස විරෝධතා කරන බාල දේශපාලනය පැරදවිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 19 March 2019
පළාත් පාලන ආයතන ගැන පසුවිපරමක් පළාත් පාලන ආයතනවල වසරක ප්‍රගතිය විමර්ශනය කර වාර්තාවක් සකස් කරන්නේ යැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ සංවිධානයේ(සී.එම්.ඊ.වී) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 18 March 2019
ශ්රීලනිපය ආණ්ඩුව ආරක්ෂා කිරීමට සූදානමින් සිටින බව ජි.එල් කියයි එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණය කර තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය වර්ජනය කිරීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ආරක්ෂා කිරීමට ඔවුන් තවදුරටත් සූදානමින් සිටින බව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (18) පැවැසීය. 18 March 2019
විදුහල්පති පුරප්පාඩු ගැන ගුරු සංගමයෙන් චෝදනාවක් ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු ප්රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයන් අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇතැයි ද එය තනිකරම නීතිවිරෝධී මෙන්ම සදාචාරවිරෝධී ක්‍රියාවක් යැයි ද ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි. 17 March 2019
පළාත් සභා ක්‍රමය ගෙනා එජාප රජයක් යටතේම එය අකර්මන්‍ය වෙලා ජිවිත රැසක් රටට අහිමි කරමින් රුපියල් බිලියන ගණනක රාජ්‍ය දේපල විනාශ කරමින් ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් මේ රටට බලහත් කාරයෙන් ගෙන ආ පළාත් සභා ක්‍රමය එක්සත් ජතික පක්ෂ රජයක් යටතේම අකර්මන්‍ය කිරිම දෛවපෝගත සිදුවිමක් යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රරසේන මහතා පැවසිය. 17 March 2019
හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති හෝටල් සහ ආපන ශාලා වලින් ආහාර ලබා ගන්නා ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සදහා නව නීතිරීති කඩිනමින් ගෙන එන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 17 March 2019
ධීවර වරායන් ආශ්‍රිතව ශීතාගාර- අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා සැකසීමට පියවර ධිවර වරායන් ආශ්‍රිතව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් කඩිනමින් සැකසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 14 March 2019
‘ආණ්ඩු බලය අල්ලන්න සිහින දකින මන්ත්‍රීවරුන්ට කිසිඳු බාධාවක් නෑ‘ අයවැය පරදා ආණ්ඩු බලය අල්ලන බවට කටමැත දොඩවන රාජපක්ෂ කල්ලිය හා ඔවුන්ට වන්දනා කරන නායකයන්ට සිහින දකින්න කිසිම බාධාවක් නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. 13 March 2019
‘ජනපති වැය ශීර්ෂයට සහය පළකිරිම ගැන අවසන් තීන්දුවක් ගෙන නෑ’ ජනාධිපති වැය ශිර්ෂයට සහය දෙනවාද නැද්ද යන කාරණය ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. 12 March 2019
දෙමුහුන් අධිකරණයක් එපා- ජවිපෙ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පවසන ආකාරයට යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කළ යුතු නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ‘ලංකාදීපයට ’ පැවැසීය. 12 March 2019
කුමන දේශගුණයක් තිබුණත් විදුලිය කපන්නේ නැති බව රවී කියයි කුමන දේශගුණික තත්ත්වයක් යටතේ වුවද විදුලිබල කප්පාදුවක් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 12 March 2019
සිහින අයවැයක් සමඟ වත්මන් ආණ්ඩුවේ සිහින කතා සිහින අයවැයක් මගින් සිහින කතා ගොතන වත්මන් ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳීමට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය. 10 March 2019
’දේශපාලන නායකයන් ප්රජාතන්ත්රවාදය පාවිච්චි කරන්නේ බල ව්‍යාපෘතිවලට පමණයි’ දේශපාලන පක්ෂවල නායකයන් මැතිවරණ සහ ප්රජාතන්ත්රවාදය භාවිත කරන්නේ තමන්ගේ බලව්‍යාපෘති සඳහා පමණක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. 06 March 2019
මෙවර අයවැය පරාජය කරන බව බන්දුල කියයි 2019 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරන් ලබන සමස්ථ අයවැය ලේඛනය පරජය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා කොළඹදී අද (4) පැවැසීය. 04 March 2019
’යහපාලනයෙන් රටට වූ හානියට අගමැති ප්රමුඛ මැතිඇමතිවරු වගකිවයුතුයි’ යහපාලන ජාතික රජය යටතේ පසුගිය වසර 04ක කාලය තුළ සිදුවූ දූෂණ, වංචා හේතුවෙන් ආර්ථික, සමාජීය සහ ප්රජාතාන්ත්රවාදී යන සෑම අංශයකින්ම රට කඩා වැටී ඇති බවත් මෙම තත්වයට අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ මැතිඇමතිවරුන් වගකිව යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා කොළඹදී අද(01) පැවැසීය. 01 March 2019
‘බැංකු මංකොල්ලයට අමතරව අධ්‍යාපන ක්ෂේත්රයෙත් වංචා සිදුවනවා’ වත්මන් රජය යටතේ මහ බැංකු මංකොල්ලයට අමතරව අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර වලින්ද රුපියල් බිලියන ගණනින් මුදල් වංචා සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹදී පැවැසීය. 28 February 2019
ජාතික ආර්ථික සභාවේන් නව ආර්ථික සැලැස්මක් ආර්ථික , සමාජීය සහ පරිසර ආදී සියලුම අංශ ඇතුළත් වන පරිදි ජාතික ආර්ථික සැලැස්මක් මේ වසරේදී එළිදක්වන බව ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවැසීය. 27 February 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026