IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිහින අයවැයක් සමඟ වත්මන් ආණ්ඩුවේ සිහින කතා

(නිමල කොඩිතුවක්කු)

සිහින අයවැයක් මගින්  සිහින කතා ගොතන වත්මන් ආණ්ඩුවට රටේ ප‍්‍රශ්න විසඳීමට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී සංසදය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.
 
මැතිවරණ පවත්වා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරනවා වෙනුවට වත්මන් ආන්ඩුව ජනතාව නොමග යවමින් සිටින්නේ ඔවුන්ට කිසිදු  ජනතා සහයෝගයක්  නොමැති නිසා බවද දකුණු  පලාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න මහතා කීය.
 
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්‍යාලයේදී අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දකුණු  පලාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න මහතා මෙසේද කීය.
 
‘‘අද වෙනකොට අපේ මාතෘභූමිය  බොහොම අවදානම් තත්වයකට වැටිලා තියෙනවා.  විශේෂයෙන්ම මේ රටේ ජනතාවගේ ඡන්දය පාවිච්චි කිරීමේ  ප‍්‍රජාතන්ත‍්‍රවාදි නිදහස මේ ආණ්ඩුව බරපතල විදියට උල්ලංගණය කරමින් සිටිනවා.


දැන් පළාත් සභා ගනනාවක කාලය ඉකුත් වෙලා  ඒ මැතිවරණ කල් දමමින් සිටිනවා. පලාත් පාලන  මැතිවරණයත් මේ විදියට අවුරුදු දෙකකට වලා කල් දැම්මා.
 
පලාත් සභා හයක් දැනට විසිරිලා තියෙනවා. දකුණු පළාත් සභාව  සහ බස්නාහිර  පලාත් සභාව අපේ‍්‍රල් මාසයේදි විසිරිමට නියමිතයි.  මේ එකකවත් පලාත් සභා මැතිවරනය පැවැත්වෙන ආකාරයක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. අගමැතිවරයා පහුගිය කාලයේ කිවුවේ බයනැති  අගමැති කියලා. බයනැති අගමැති අද ඡන්ද තියන්න බය වෙලා තියෙනවා. පළාත් සභා ඡුන්දය පවත්වන්න කියලා  මේ රටේ ජනතාව අද පාරට බැහැල උද්ඝෝෂන කරන මට්ටමට ඇවිත් තියෙනවා. පැරණි ක‍්‍රමයට හෝ අලූත් ක‍්‍රමයට හෝ මේ පලාත් සභා ඡුන්දය  පවත්වන්න කියලා අපි රජයට බලකර සිටිනවා.
 
අද අයවැයක් කියලා එකක් ගෙනල්ලා තියෙනවා.  ඒක සමනලූන්ගේ අයවැයක් විතරයි. ඒ අයවැයෙන් රටට වෙච්ච දෙයක් නැහැ. අද සෑම භාන්ඩයකම මිල ඉහළ ගිහින් තියෙනවා. බදු පිට බදු දාලා තියෙනවා. අද මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙයන්ම කඩා වැටිලා තියෙනවා. මේ විදියට ගියොත් අනාගතයේදි මේ රටේ ජනතාවට රටක් ඉතුරු වෙන්නේ නැහැ.


සිහින කතා කියළා,  සිහින අයවැය ගෙනල්ලා රටේ ප‍්‍රශ්න විසඳගන්න බැහැ කියන එක තමයි අපේ හැඟීම. ජනතාව  බලාපොරොත්තු වෙන්නේ පලාත් සභා හෝ මොකක් හරි මැතිවරණයක් පැවැත්විය යුතුය යන්නයි. මැතිවරණයකට  යන්න බය වෙලා තියෙන්නේ මේ  රට පාළනය කරන එක්සත් ජාතික පක්ෂයට ජනතාව විශ්වාස නැති නිසා  කියලා තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ’’ යැයිද අරුණ ගුණරත්න මහතා පැවැසීය.



අදහස් (0)

සිහින අයවැයක් සමඟ වත්මන් ආණ්ඩුවේ සිහින කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site