IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’

(නිමල කොඩිතුවක්කු)
 
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනතා අභිලාෂයන්ට පයින් ගසා ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද(24) පැවසීය.
 
කොරෝනා වසංගතයත් සමග කඩාවැටි ඇති ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් කිසිදු අවධානයක් යොමුකර නැතැයිද ඔහු එහිදී සඳහන් කළේය.
 
රට මුහුණ දෙන  අභියෝගවලට විසදුම් ලබාදෙන ආකාරයේ  කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නොමැතිවීම ගැන විපක්ෂය කනගාටුවට පත්වන බවද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙසේද කීය.
 
 “ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුට ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශනයක අවධානය යොමු කළ යුතු මූලික කාරණා එහි තිබෙනවා අපි දැක්කේ නැහැ. ඒ මොහොතේ රටේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමු කරමින් අනාගතයේ ක්‍රියාත්මක කළ යුතු වැඩ  පිළිවෙළ පිළිබඳ තමන්ගේ කාලසටහන ඉදිරිපත් කිරීම ආණ්ඩුවක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හෝ ඉදිරි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේදී අපේක්ෂා කරනවා.
 
රටේ ගැටලු විසඳනවා වෙනුවට අද ආණ්ඩුව දිගින් දිගටම කතා කරන්නේ දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කිරීම පිළිබඳවයි. 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ද මේ රටේ ජනතාවගේ මූලික මිනිස් අවශ්‍යතාවය වෙලා තියෙන්නෙ කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා. ජනතාවට මේ වෙලාවේ ඕන 19 විසි කරන එකවත් 20 අලුතෙන් ගේන එකවත් නෙමෙයි. කොරොන වසංගතයක් එක්ක රට මුහුණ පාලා තියෙන ආර්ථික සමාජ ව්‍යසනයෙන් ගොඩ එන්න වහා ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙළක් පිළිබඳව අද ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා.
දහනම වන ව්‍යවස්ථාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න වැදගත්ව තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. පසුගිය කැබිනට් මණ්ඩලයෙන් දහනම වන ව්‍යවස්ථාව අහෝසි කරන්න තීරණය කළාය කියන ප්‍රතිපත්තිමය තීන්දුව එලියට දානකොට විධායක ජනාධිපතිවරයා ගේ කාල සීමාව හෝ දෙවරක් තරග කිරීම පිලිබඳ  සීමාව අහෝසි කරන්නේ නැහැ කියලා කියනවා.
 
ඒ අනුව දහනමය අහෝසි කිරීමේ මූලිකම උපාය මාර්ගය බවට පත් වෙලා තියෙන්නේ  ද්විත්ත පුරවැසියන්ට මැතිවරණයට තරග කරන්න තියෙන අවකාශය නැවත ලබාගැනීමට සහ ස්වාධීන කොමිෂන් සභා හරහා ආණ්ඩුවට ඕන විදිහට දේශපාලන අතපෙවීම් කරන්න තියෙන අවකාශය වළක්වාලමින් නැවත දේශපාලන ඇඟිලි ගැසීම් සඳහා රාජ්‍ය සේවය විවෘත කරන්නයි. මේකද ජනතාවගේ මූලික අවශ්‍යතාවය කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.
 
එක පුද්ගලයකු හට බලය පැවරීම සඳහා ක්‍රියාදාමයකට තමයි මේ අය අවතීර්ණ වන්නේ. ස්වාධීන විගණන කොමිෂන් සභාව අහිමිවීම, තොරතුරු දැනගැනීම සඳහා තිබෙන අයිතිය ඉවත් කිරීම, රාජ්‍ය සේවා කොමිෂන් සභා ඉවත් කිරීම, ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තිබෙන සියලු අවස්තාවන් විනාශ කර දැමිම අද මේ ආන්ඩුවේ මූලිකම අරමුණ වී තිබෙනවා.
 
ආණ්ඩුව තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමින් පවුලක දේශපාලන අභිලාෂ වෙනුවෙන් රටේ නීතිරීති තමන්ගේ අතට ගනිමින් සිටිනවා.තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරන්න කටයුතු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පලවෙනි කැබිනට් මණ්ඩලයේ දී ම තීරණය කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකරලා දාලා ජනතා අබිලාෂයන්ට පයින් ගැසීමයි” යැයිද ඔහු එහිදී පැවසීය.

 



අදහස් (0)

‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 311 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site