IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘

(නිමල කොඩිතුවක්කු)

තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට නොහැකිවීම ගැන කණගාටු වන බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා කොලඹදී අද (15) පැවසීය.

ජනතාවගේ අභිමතාර්ථ ඉටු කරනවා වෙනුවට වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන්  තම  අවශ්‍යතා වෙනුවෙන්  රටේ නීති රීති වෙනස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් කරා රට ගෙන යමින් තිබෙන බවද  සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව රාජගිරියේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා මෙසේද කීය.

           “දැන් මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අයිතිකාරයෙක් නැහැ. මේක හැදුවේ කවුද කියලා ව්‍යවස්ථා කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අලි සබ්රි දන්නේ නැහැ. ජී එල් පීරිස් මහත්තයා දන්නෙත් නැහැ. උදය ගම්මන්පිල , විමල් වීරවංශ යන මහත්වරු දන්නෙත් නැහැ. රටේ අගමැතිටත් ඒකට උත්තර නැහැ.

තමන් දන්නෙ නැති ව්‍යවස්ථා කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇයි කියලා අපි රටේ අධිකරණ ඇමතිගෙන් අහනවා. ඔහු වගකීම් විරහිතව කටයුතු කරල කියලා මේකෙන් පැහැදිලි වෙනවා.

දේශපාලන පක්ෂවලින් , සිවිල් සංවිධානවලින් , ජනතාවගෙන් විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විශාල විරෝධතාවයක් එල්ලවෙලා තියෙනවා.

රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන මේ පනත් කෙටුම්පත පැය විසි හතරක් තුළ ඉදිරිපත් කර තිබෙනවා. රටේම  මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ විදිහට වගකීම් විරහිතව සංශෝධනය කරන්න හේතුව මොකක්ද කියලා මේ අය වහාම රටට හෙළි කළ යුතුයි.

ජනතාවගේ අභිමතාර්ථ ඉටු කරනවා වෙනුවට අද මේ අය ඔවුන්ට අවශ්‍ය විදිහට රටේ නීති රීති වෙනස් කරමින් යනවා.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ඒකාධිපතිත්වයක් කරා රට ගෙන යමින් තිබෙනවා. එම්.සී.සී ගිවිසුම  අත්සන් කරලා තමන්ට ඕන ඕන විදියට වැඩ කරන්න තමයි මේ අය ලෑස්ති වෙන්නෙ.

දැන් මිනිස්සුන්ට සල්ලි නැහැ, රැකියා අහිමි වෙලා, ආදායම් මාර්ග අහිමි වෙලා, ජීවන වියදම ඉහළ ගිහින්. මේවා තමයි මිනිස්සුන්ට තියෙන ඇත්ත ප්‍රශ්න. මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව 20 ගෙනල්ලා තමන්ගේ අභිමතාර්ථ ඉටු කරමින් යනවා. මේක ජනමතයට පයින් ගැහිල්ලක් කියලා අපි දකිනවා.

දැනටමත් මේ ආණ්ඩුව නීති විරෝධීව කටයුතු කරනවා. මේ ආණ්ඩුව පත් වෙච්ච මේ කෙටි කාලය තුළ කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩලා දැම්මා, සිංහරාජය මැදින් පාරක් කැපුවා, පුත්තලම අභයභූමිය විනාශ කළා. මේ එකකටවත් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

මේ ආණ්ඩුව පත්වෙච්ච ගමන් එතනෝල් ගෙන්වීම තහනම් කරා කිව්වට ජනවාරි සිට  අගෝස්තු 31 වෙනිදා වෙනකම් එතනෝල් ලීටර් විසි එක් ලක්ෂ හැත්තෑදහස් නමසීය හැට එකක් ගෙනල්ලා තියෙනවා. විස්කි , බ්‍රැන්ඩි  සහ වයින් තොග වශයෙන් මේ කාලය තුළ ගෙන්නලා තියනවා.

ඒත් රටට අවශ්‍ය කහ ගේන්න මේ අය කටයුතු කරලා නැහැ. ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්ම මේකද කියලා අපේ ප්‍රශ්න කරනවා.

කෝපා කමිටුවල සභාපති තනතුරු සඳහා ආණ්ඩුවේ  මන්ත්‍රීවරු පත්කර  තිබෙනවා. මේ දෙකේම මෙයට පෙර හිටියේ  විපක්ෂයේ මන්ත්‍රීවරුන්. ඒ නිසා තමයි මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ.

ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලය ඇතුළු ආයතන විගනණයෙන් ඉවත් කරලා තියෙනවා. දැන් විගණකාධිපති විමර්ශනය කරන්නේ මොනවා ගැනද කියලා අපි අහනවා. වංචාවට දූෂණයට අවස්ථා ලබාගන්න තමයි මේ දේවල් කරන්නේ.

19 තියෙද්දී මෙහෙමනම් 20 සම්මත වුනොත් මේ අය කොහොම රට පාලනය කරයිද කියලා ජනතාව තේරුම් ගත යුතුයි. මෙහෙම සංශෝධනයක් ජනතාව ඉල්ලුවේ නැහැ.

තමන්ගේ පැවැත්ම ගැන හිතන්නේ නැතුව රටත් ජනතාවත් ගැන හිතන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ ඒකාධිපති වැඩපිළිවෙළට එරෙහි එකතුවන්න කියලා නිදහසට ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පිරිස්වලින් අපි ඉල්ලා සිටිනවා.

 



අදහස් (0)

‘ජනතාවගේ අවශ්‍යතා ඉටු කරනවා වෙනුවට ආණ්ඩුව රටේ නීති රීති වෙනස් කරනවා‘

ඔබේ අදහස් එවන්න

දියත

වාතයෙන් වතුර නිපදවන යන්ත්‍රයක් හදයි
2024 මැයි මස 08 67 1

පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති


‘ ධුරයෙන් ඉවත්වන්නැයි ඇමැති ටිරාන්ට බලපෑම් ‘
2024 මැයි මස 08 401 0

මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බ


වීසා ගැටළුව අහන්න ලොක්කෝ දෙන්නෙක් මුදල් කමිටුවට
2024 මැයි මස 08 207 0

වීසා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන පාලකවරයා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට කැඳ


ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බිලියන 17ක ඉතිරියක්
2024 මැයි මස 08 278 0

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමා


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 802 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 281 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2025 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site