IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි

( තිළිණි ද සිල්වා )
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන්  එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු රුපියල් එක් කෝටි හය ලක්ෂ හැත්තෑ දෙදහසක (ඇමෙරිකා ඩොලර් 58,000) වියදමක් දරමින් මෙරටට එවීමට ඔහු සේවය කළ සෞදියේ ගල්ෆ් වෙස්ට් පෞද්ගලික සමාගම කටයුතු කළ බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙලෙස දිවයින රැගෙන විත් ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි ආන්ඩෲ රොහාන් නැමැති අයෙකි.

 ඔහු ජෙඩා නුවර පිහිටි ගල්ෆ් වෙස්ට් සමාගමේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ අයෙක් වන අතරම වසර 30කට ආසන්න කාලයක් එම සමාගමේ සේවය කළ අයෙකු වේ.
 
 එලෙස අදාළ සමාගමේ රාජකාරී කටයුතු වල නිරතව සිටින අතරවාරයේදී මීට මාස දෙකකට පෙර ඔහුගේ මොළයේ සිදුවූ අභ්‍යන්තර ලේ වහනයකින් පසුව සිහිසුන් තත්ත්වයට පත්ව එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
 
ඒ අතරවාරයේදී  ඔහුව යළි දිවයිනට ගෙන්වා දෙන ලෙසට ඇන්ඩෲ රොහන් මහතාගේ පවුලේ ඥාතීන් අදාළ සමාගමේ පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.
 
 එම ඉල්ලීමට අනුව ගල්ෆ් වෙස්ට් සමාගමේ අයිතිකරු වන ඉදිරිස් මුස්තාපා මහතා ඇතුළු එම සමාගමේ කළමනාකාරීත්වය ඇන්ඩෲ රොහාන් මහතා සමඟ සේවය කරන තවත් ලාංකිකයෙකු වන ෆසීයාහ් මරික්කාර් මහතා සහ සෞදි වෛද්‍ය කණ්ඩායමක් සමඟින් සමාගම සතු ජෙට් යානයෙන් ඔහුව මෙරටට එවීමට පියවර ගනු ලැබීය.
 
අදාළ ලාංකිකයා සේවය කළ සෞදියේ ගල්ෆ් වෙස්ට් පෞද්ගලික සමාගම මෙම සියලුම් වියදම් දැරූ  බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
 
මෙම ලාංකිකයා දිවයිනට යැවීමට පෙර අදාළ සමාගම මෙම පියවර ගන්නා බවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර ඇති අතර ඒ අනුව එම ලාංකික ශ්‍රමිකයා සමඟ සෞදි වෛද්‍යවරුන් සහ හෙදියන් යුතු වෛද්‍ය කණ්ඩායමක්ද  එම ජෙට් යානයෙන් ඉකුත් සිකුරාදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතට පැමිණියේ යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
 
 රෝගාතුරව සිටින ලාංකිකයා නිරෝධායනයට ලක් කරමින් අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ඔහුව සිකුරාදා දිනයේදීම කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇත.
 
 ඇන්ඩෲ රොහාන් මහතා යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වීම සම්බන්ධයෙන් ඒ මහතා ගේ පවුලේ ඥාතීන් ගල්ත් වෙස්ට් සමාගම් අයිතිකරුට හා පාලනාධිකාරියට සිය කෘතඥතාවයට පළකර ඇති අතර සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයද එම පියවර අගයමින් අදාළ සමාගමට ස්තූතිය පළ කර ඇත.



අදහස් (0)

වසර 30 ක සේවය අයගමින් සිහිසුන් රෝගියා ගෙදර එවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site