IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ධීවර වරායන් ආශ්‍රිතව ශීතාගාර- අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා සැකසීමට පියවර

(නිමල කොඩිතුවක්කු)


ධිවර වරායන් ආශ‍්‍රිතව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් කඩිනමින් සැකසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
 
මෙම ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් සැලසීම පිලිබදව මැලේසියානු සහ චීන නියෝජිත කණ්ඩායමක් සමග සාකච්චා කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ඒ අනුව මෙම ආධාර මත කලමැටිය ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් පළමු ශීතාගාර සහ අයිස් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට නියමිත අතර එතැන් සිට සෙසු ධිවර වරායන් ආශ‍්‍රිතව එම පහසුකම් වැඩිදියුනු කිරීමට නියමිතය.
 
මෙම ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් සදහා අවශ්‍ය විදුලි බලය සුර්ය බලයෙන් ලබාගැනීමට සැලසුම් කර ඇත .   
 
ධිවර ජනතාව නෙලාගන්නා අස්වැන්න සුරක්ෂිතව ගබඩා කර තැබීමට කුඩා ශීතාගාර පහසුකම් සැලසීම මගින් ඔවුන්ගේ අස්වැන්නට නියම වටිනාකමක් ලබාදීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා සදහන් කළේය .



අදහස් (0)

ධීවර වරායන් ආශ්‍රිතව ශීතාගාර- අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා සැකසීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site