අනීෂා මානගේ
ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් විනාශ කරන පනතක් සම්මත කිරීමට ඉදිරිපත් කර ඇතැයිද එය ත්‍රස්තවාදීන්ට වාසි සහගත වන්නක් බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (20) තංගල්ලේ දී කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
රුපියල් මිලියන 56 ක වියදමෙන් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර එය සියලු පහසුකම්ගෙන් සමන්විත වේ. ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, දකුණු පළාත් මහ අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා යන මහත්වරු එක්වූහ.
රැස්ව සිටි පිරිස අමතමින් මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීවේය.
‘අද මේ අය කියපු දේවල් ඒ විදියටම කරගෙන යනවා ජීනීවාවල. යුද්ධය අවසන් කළ නායකයෝ රටවල් වලට ආවොත් නඩු දාන්න කියලා කොමසාරිස්වරිය කියනවා. එතනින් නැවතෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අයින් කරල දාල ත්‍රස්තවාදය වැළැක්වීමේ ප්‍රතිත්‍රස්ත පනත කියල එකක් ගේන්න යනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වුණේ හදිසි නීතිය යටතේ. හදිසි නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්න තිබුණ දේවල් ගෙනල්ලා සාමාන්‍ය නීතියට ඇතුළු කරනවා. සාමාන්‍ය නීතියට ඇතුළු කළාම රැස්වීමක් අපි තිබ්බොත් පොලිසියට කවුරුහරි ගිහින් කියනවා මෙතන රැස්වීමක් තියනවා ගිහින් නවත්වන්න කියලා. ඇවිල්ලා රැස්වීම නවත්වනවා විතරක් නෙවි මේ අයව අත්අඩංගුවට ගන්නත් පුළුවන්.
අද ශිෂ්‍යයෝ පෙළපාළි යනවා. පෙළපාළි නවත්වන්න. රැස්වීම් නවත්වන්න.විරෝධතා ව්‍යාපාර නවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් විනාශ කරන පනතක් සම්මත කරගන්න අද ඉදිරිපත් කරල තිබෙනවා. මෙයට තුනෙන් දෙකේ ඡන්දය අවශ්‍ය නැහැ. වැඩි ඡන්දයෙන් කරන්නේ. ත්‍රස්තවාදීන්ට නීතිපතිට කියන්න පුළුවන් අපි අවුරුදු දහයකින් මෙය විභාග කරනවා කියලා. ත්‍රස්තවාදීන් මර්දනය කරන්න නෙවි. එයාල වැඩි කරන වැඩක් මෙය. ත්‍රස්තවාදීන් කියන කණ්ඩායමට වාසියි.
මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන පනතක් ඉදිරිපත් කර තිබෙනවා’