‘මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ට වඩා වත්මන් ජනාධිපතිට ප්‍රසාදය වැඩියි‘ මෙතෙක් කල් හිටපු ජනාධිපතිවරු සියලු දෙනාට වඩා විශාල ජනතා ප්‍රසාදයක් වත්මන් ජනාධිපතිට ලැබී තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය වලට එරෙහිව ගෙන යන ක්‍රියමාර්ග නිසා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27) පැවසීය. 27 February 2019
විභාග රාජකාරී ගාස්තු නැතැයි ගුරු සංගමයෙන් චෝදනා ජාතික විභාග වලට අමතරව විභාග දෙපාර්තමේන්තුව 2018 වසර සඳහා පැවැත්වූ සෙසු විභාගවල රාජකාරි කටයුතුවල නිරතවූ ගුරුවරුන්ගේ ගාස්තු මෙතෙක් ගෙවා නැතැයි ලංකා ගුරු සංගමය සදහන් කරයි. 20 February 2019
‘‘රටක් සංවර්ධනය කරන්න ප්‍රතිපත්තියක් වටා ජනතාව පෙලගැස්සවිය යුතුයි‘‘ රටක් සංවර්ධනය කිරීමටනම් පුද්ගලයන් හෝ නායකයන් වටානොව ප්‍රතිපත්තියක් වටා ජනතාව පෙලගැස්සවිය යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19) පැවැසීය. 19 February 2019
‘‘යහපාලන ආණ්ඩුව රට ගිනි තියන පනත් ගේනවා‘‘ රට ගිනි තියන පනත් වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කොළඹදී අද (19) පැවැසීය. 19 February 2019
‘ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට වෘත්තිය මඟට යනවා’ ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවය ඇතුළු ගැටලූ මුල් කරගනිමින් නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය. 19 February 2019
ආර්ථිකයේ දියුණුවට යහපාලන රජය දැමූ අත්තිවාරමේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා රටේ ආර්ථික, සංවර්ධන දියුණුව වෙනුවෙන් යහපාලන රජය දැමූ අත්තිවාරමේ ප්‍රතිඵල මේ වනවිට රටට ලැබෙමින් පවතින බව විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කොළඹදී අද (18) පැවැසීය. 18 February 2019
යහපාලන ආණ්ඩුවේ ප්රචාරක පුවරු විතරයි වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිකිරීම් හෝ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවට ඒවා පිළිබඳ ආකර්ෂණීය ප්රචාරක පුවරු පමණක් සවි කරමින් සිටින බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (18) පැවැසීය. 18 February 2019
ජාතික ආණ්ඩු යෝජනාව අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරනවා ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත් අවශ්‍ය වේලාවට එය ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. 17 February 2019
මැතිවරණ නීති සහ පරිපාලනය ගැන පාඨමාලාවක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ ක්‍රම සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය හා එක්ව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ‘මැතිවරණ නීති සහ පරිපාලනය’ යන මැයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් සංවිධානය කරනු ලැබ තිබේ. 17 February 2019
‘වී මිලදී ගැනීමට රජයේ කිසිඳු වැඩපිළිවෙළක් නැහැ‘-එස්.එම් චන්ද්‍රෙස්න ‘මේ වන විට වී මිල විශාල වශයෙන් පහළ වැටීමෙන් ගොවි ජනතාව අන්ත අසරණ වෙලා රජයට මේ වී මිලදී ගැනීමට කිසිම වැඩ පිළිවෙළක් නැහැ‘ යැයි ශ්‍රි ලංකා ගොවි ජන පෙරමුණේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසිය. 17 February 2019
‘‘මඩ නොගසා ප්‍රසිද්ධ විවාදයකට එන්න‘‘ තමන් ව්‍යාපාර ආරම්භ කළ ආකාරය ගැන අසත්‍ය ප්‍රකාශ කරමින් මඩ නොගසා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට පැමිණෙන්නැයි තමන්ට චෝදනා කරන දේශපානඥයින්ට අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පැවසීය. 14 February 2019
‘නීතිගරුක සමාජයක් ගොඩනගන්න සියලු පක්ෂ කැපවිය යුතුයි’ නීති ගරුක, යුක්ති ගරුක සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු සියලූ කණ්ඩායම් කැපවිය යුතුව ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පැවැසීය. 14 February 2019
‘රැකියා විරහිත උපාධිධාරීන්ට ආණ්ඩුව දැක්වු ප්‍රතිචාරය අනුමත කළ නොහැකියි‘ රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළ උපාධිධාරීන්ට එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූ ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 13 February 2019
මන්ත්‍රි චමින්ද විජේසිරි ගැන පළ වු වාර්තා ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් පළව ඇති වැරදි වාර්තා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කරයි. 13 February 2019
ඉදිරි මුදල් වර්ෂයේ අය වැය සම්මත කර ගැනීමේ ශක්තිය එජාපය සතුයි ඉදිරි මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය පහසුවෙන් සම්මත කරගැනීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂය සතු බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. 13 February 2019
මිනිස් ජාවාරම සඳහා බෝට්ටු යොදා ගැනීම නැවැත්වීමට නව නීතී පැනවීමට යයි මිනිස් ජාවාරම සදහා ධිවර බෝට්ටු යොදාගැනීම නැවත්වීමට නව නීති සම්පාදනය කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසයි. 13 February 2019
ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන කිසිදු වාර්තාවක් තවම නැහැ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ සති දෙකක් තුළ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පවසා සති දෙකක් ඉක්මවා ගියද එවැනි කිසිදු වාර්තාවක් මෙතෙක් ඉදිරිපත් වී නැතැයි සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසීය. 13 February 2019
‘‘බලයට කෑදර නොවී කලාවට - සංස්කෘතියට අවධානය යොමුකළ යුතුයි‘‘ බලයට පමණක් කෑදර නොවී කලාව සහ සංස්කෘතිය සම්බන්ධයෙන් රජය අවධානය යොමුකළ යුතුව ඇතැයි සංගීතවේදී ජනනාත් වරකාගොඩ මහතා පැවැසීය. 12 February 2019
‘රට-ජනතාව බලාපොරොත්තු වු නායකත්වය ජනාධිපතිවරයාගෙන් ලැබුණේ නැහැ‘ සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ වල මැදිහත්වීමෙන් රටේ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළත් රට සහ ජනතාව බලාපොරොත්තුවූ නායකත්වය එතුමන්ගෙන් නොලැබුණ බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය. 12 February 2019
‘ සහයෝගය නොදෙන ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නවා‘ රටේ අධිකරණය සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරමින් නිදහස් සමාජයක් කරා රට ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය ලබා නොදෙන ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (11) පැවැසීය. 11 February 2019
‘සන්ධානයේ පොදු අපේක්ෂකයා නම් කිරීම මහින්දගේ වැඩක්‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවනු ලබන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ සම්පූර්ණ අයිතිය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ තම පක්ෂයට අයිති වැඩක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (11) පැවැසීය. 11 February 2019
‘සේනා’ මර්දනය වී නැති බව කියයි සේනා දළඹු ව්‍යාප්තිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ගත් සමඟ නතර වී ඇතැයි උදම් අනන බවත් එහෙත් කිසිදු ආකාරයකින් සේනා දළඹුවා මර්දනය වී නොමැති බවත් මීට වඩා විශාල ගුණයකින් දළඹු ප්‍රහාරයකට රටම ලක්විය හැකි බව පරිසරවේදී තිලක් කන්දේගම මහතා පැවසීය. 11 February 2019
වතුකරය සංවර්ධන කරා ගෙනයන්න එජාපෙන් සැලසුමක් වතුකරය වේගවත් සංවර්ධනයක් කරා රැගෙන යාමට අවශ්‍ය සැලසුම් එක්සත් ජාතික පෙරමුණු රජය යටතේ ගෙන ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාතය මංගල සමරවීර මහතා පැවැසීය. 07 February 2019
ජනපති තවම ‘ගේම‘ අතහැරලා නෑ ජනපති තවම ‘ගේම‘ අතහැර නැතැයිද ඒ ගේමට මුහුණ දෙන්නට ආණ්ඩුව ලෙස සුදානම් විය යුතුව ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 07 February 2019
ජාතික ආණ්ඩු යෝජනාව නිසැකවම පරදවනවා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාව නිසැක වශයෙන්ම පරාජය කරවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 06 February 2019
‘ආණ්ඩුව නැහැ කිව්වට ව්‍යවස්ථා කෙටුම්පතක් තිබෙනවා‘ ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර නොමැති බව ආණ්ඩුව නැවත නැවත කියන නමුත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ව්‍යවස්ථා සභාව නමැති පිටුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පළ කර ඇතැයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අංශාධිපති නීතිඥ රාජා ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. 05 February 2019
ගම්පෙරළියේ වැඩසටහන් කඩිනම් කිරීමට නව යාන්ත්‍රණයක් ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබාගැනීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 05 February 2019
‘පාසල් 350 කට පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ’ පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනිමේදී රටේ පවතින පාසල් 10,162 ක් අතරින් පාසල් 350 ක් සඳහා මේ වසරේදී කිසිදු අයදුම් පත්‍රයක් ලැබී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සදහන් කරයි. 04 February 2019
‘පළාත් මැතිවරණය පවත්වන දිනය ගැන තනිව තීරණය කරන්න බැහැ‘ පළාත් සභා මැතිවරණය පවත්වන දිනය විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට තනිව තීරණය කළ නොහැකි බවත් ඒ සඳහා පක්ෂ සියල්ලෙම එකඟතාවක් අවශ්‍ය බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. 04 February 2019
සමෘද්ධි ශිෂ්‍යත්ව පොල්ලට තාම විසඳුමක් නෑ සමෘද්ධි විදේශ ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලැබ නේවාසික පුහුණුවක් ද ලබාදීමෙන් පසු එම අවස්ථාව අහිමි වූ සිසු සිසුවියන් 21 දෙනාට දේශීය වශයෙන් අධ්‍යාපනික අවස්ථාවක් ප්රදානය කරන බවට රජය පොරොන්දු වී මාස පහකට අධික කාලයක් ගෙවී ඇතත් එය ඉටු නොවී යැයි එම සිසු සිසුවියෝ පවසති. 03 February 2019
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026