(නාලක සංජීව දහනායක)
රටක් සංවර්ධනය කිරීමටනම් පුද්ගලයන් හෝ නායකයන් වටානොව ප‍්‍රතිපත්තියක් වටා ජනතාව පෙලගැස්සවිය යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19) පැවැසීය.
කුමන බාධක පැමිණියද ඒ සඳහා ඕනෑම මාවතක ගමන් කිරීමට සූදානම් යැයිද ඔහු කීය.
කොළඹ, සුගතදාස ක‍්‍රීඩාංගනයේදී අද (19) පැවැති ජාතික විද්වත් සංවිධානයේ මහ සමුළුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙහිදී එම සංවිධානය විසින් සකස් කළ ‘ගොඩනඟමු ශ්‍රී ලංකාව’ ජාතික ප‍්‍රතිපත්ති මාලව එළිදැක්වීමද සිදුවිය.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.
‘‘අවුරුදු 71ක් අපේ රට පාලනය කළ පාලකයන් මේ වනවිට අතිශයින්ම විනාශකාරී අන්තයක් කරා අපේ රට ගෙන ගොස් තිබෙනවා. මේ වනවිටත් අපේ රටේ සම්පූර්ණ ණය බර රුපියල් බිලියන දහදහස් පන්සියයකට වැඩියි.
මෙම වසරේදී පමණක් අපි රුපියල් බිලියන 5200ක ණයක් ගෙවිය යුතුයි. රටේ සමස්ත ජනගහණයෙන් සියයට 43කගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් දෙකක් ඉක්මවන්නේ නැහැ. වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 750 සීමාවේ සිරකරලා. මේ ජනතාවට උරුම වන්නේ කුමන අන්දමේ ජීවිතයක්දැයි අප මදක් සිතා බැලිය යුතුයි.
අපරාධවලින් බහුල, දරු දැරියන්ගේ ජීවිත අනාරක්‍ෂිතවූ සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ රාජ්‍යයක් දැන් අප හමුවේ නිර්මාණය වෙලා තිබෙනවා.
මේ අනාරක්‍ෂිත රට අපි අනාගත පරපුරටත් උරුම කර දෙනවාද?. මෙම ගමන් මාර්ගය වෙනස් කරනවාද? නැද්ද? යන්න අපි අපගෙන්ම ප‍්‍රශ්න කරගත යුතුව තිබෙනවා. මනුෂ්‍යයන් ගැන හැඟීමක් තිබෙන කිසිවෙකුත් මෙම ගමන යන්න ඉඩක් දෙන්නේ නැහැ. ඒ නිසා මෙම විනාශකාරී ගමන නතර කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහය අපි ලබාදෙනවා.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘‘රටක් සංවර්ධනය කරන්න ප‍්‍රතිපත්තියක් වටා ජනතාව පෙලගැස්සවිය යුතුයි‘‘