IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘මඩ නොගසා ප්‍රසිද්ධ විවාදයකට එන්න‘‘

(ඩයනා උදයංගනී)

තමන් ව්‍යාපාර ආරම්භ කළ ආකාරය ගැන අසත්‍ය ප‍්‍රකාශ කරමින් මඩ නොගසා ඒ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට පැමිණෙන්නැයි තමන්ට චෝදනා කරන දේශපානඥයින්ට අභියෝග කරන බව  ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පැවසීය.

රටේ තිබෙන වැදගත් මාතෘකා සහ ප‍්‍රශ්න යට ගැසීම සඳහා ඇතැමුන්  නොවැදගත් මාතෘකාවක් උඩට අරගෙන මඩ ගසන බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

නිරෝෂාන් ප්‍රේමරත්න මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.

    ‘‘මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය යොදා ගනිමින් දේශපාලන පක්‍ෂවලට අයත් පිරිස් මට විවිධ අවලාද නඟනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වාගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි.

මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන, ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් ආරම්භ නොකළ බව මුලින්ම කියන්න ඕනෑ. මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාරයන්ගෙන් හෝ පාතාලයන්ගෙන් සත 05ක්වත් අරන් නැහැ. මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට. එය  ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් එකක්. 2017 සැප්තැම්බර් මාසයේ සිට එය කුලියට ගත්තත් මුදල් නොමැතිකම නිසා මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා. පසුව මම ලංකා බැංකුව සමඟ කතාකරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලූම් කළා. එතැනදීත් බොහෝ පිරිස් කීවේ මම කෝටි 08ක ණය මුදලක් අරගෙන තිබෙන බවයි. මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නැමැති මිතුරා ඇපයට තැබීම සඳහා ඔහුට අයත් ඉඩමක් මට ලබාදුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.

කෙසේ වෙතත් ව්‍යාපාරය 2018 මැයි මාසය වනවිට රටේ පවතින ආර්ථිකය කඩා වැටීමේ ප‍්‍රතිඵලයක් හැටියට පාඩු ලබන තත්වයට පත්වුණා. ගොඩනැගිල්ලේ මාසික කුලිය ගෙවීමට නොහැකි වුණා. අද වනවිට මේ ව්‍යාපාරය පවත්වාගෙන යාමට බැරි තත්වයක් තමයි තිබෙන්නේ. පෙබරවාරි 28 වැනිදා වනවිට ගොඩනැගිල්ලෙන් ඉවත්වෙන්න’ කියා ගොඩනැගිල්ල හිමි වෛද්‍යවරයාගේ නීතිඥ මහතා දැනටමත් දැනුම් දී තිබෙනවා.’’



අදහස් (0)

‘‘මඩ නොගසා ප්‍රසිද්ධ විවාදයකට එන්න‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site