‘‘වෛරී ප්රහාර නැවැත්වීම සියලුදෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි‘‘
වෛරී ප්රහාර වහාම නැවැත්වීම සඳහා සුදුසු පියවර ගැනීමට ශ්රී ලංකාවේ සියලු ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්, ආණ්ඩුව, විපක්ෂය, සිවිල් සමාජය සහ ආරක්ෂක අංශ සහයෝගයෙන් කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකයන් දෙදෙනෙක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අද (14) සඳහන් කළහ.