‘කසළ කන්ටේනර් ප්රතිඅපනයනය නොකළාට නීතිය ක්රියාත්මක කරන්න’
එංගලන්තයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ අඩංගු කන්ටේනර් 130ක් වසර එකහමාරක් තිස්සේ ප්රතිඅපනයනය නොකිරීම සම්බන්ධයෙන් හේලිස් පෞද්ගලික සමාගමට එරෙහිව නීතිය තදින් ක්රියාත්මක කිරීමටත්, වහාම එම කසළ තොග ප්රතිඅපනයනය කිරීමටත් උපදෙස් දුන් බව, ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධ්යක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා අද(25) අරලියගහ මන්දිරයේ පවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.