‘‘ඔළු තුනේ බුරුවා පන්නා දමා අළුත් පාලනයක් සඳහා එක්විය යුතුයි‘‘ කණ්ඩායම් තුනක් වගේ පෙන්වාගෙන එක එක මුහුණු වලින් ජනතාව රවටා මෙතෙක් රට පාලනය කළ ඔළු තුනේ බුරුවා පළවා හැර අළුත්ම පාලනයක් සඳහා එක්වීමට කාලය එළැඹ ඇතැයි හිටපු අමාත්‍යංශ ලේකම් , මැතිවරණ සීමා නිර්ණ කොමිසමේ හිටපු සභාපති අශෝක පිරිස් මහතා අද (07) පැවසීය. 07 August 2019
සුෂ්මාගේ අභාවය ගැන අගමැති ශෝකය පළකරයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්වාගෙන යන ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා සඳහා මෙන්ම විවිධ බහුපාර්ශවීය සංසදයන්හි දී කලාපීය අභිමතාර්ථයන් ඉටුකරගැනීම කෙරෙහි සුෂ්මා ස්වරාජ් මහත්මිය දැක්වූ දැඩි උනන්දුව සහ කැපවීම ශ්‍රී ලාංකික ජන හදවත් තු 07 August 2019
ජ්‍යෙෂ්ඨයින් යැයි කියන පිරිස් බොහෝමයක් දවල් මිගෙල් රෑ ඩැනියෙල් අද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හෝ ප්‍රබලයන් යැයි කියා ගන්නා ඇතැමුන් අනුගමනය කරමින් සිටින්නේ ඩැනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය. 07 August 2019
‘රාජපක්ෂ ආණ්ඩුවට බැන බැන ඉදලා වැඩක් නැහැ‘ රාජපක්ෂ යුගයේ අත්සන් කළ ගිවිසුම්, ලබා ගත් ණය සහ රට පත්කළ ආගාධයෙන් ගොඩ ගැනීමට වත්මන් ආණ්ඩුවටම සිදුවන බැවින් රාජපක්ෂ ආණ්ඩුවට බැන බැන සිටීමෙන් ඵලක් නොවන බව ප්‍රථමික කර්මාණ්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා කොළඹදී පැවසීය. 07 August 2019
බෞද්ධ බහුතරයක් වෙසෙන ඉන්දියාවේ පළමු ප්‍රාන්තය ලඩක් ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් ඉන්දීය රජය විසින් නම් කිරීමත් සමඟ බෞද්ධ බහුතරයකින් යුතු ඉන්දියාවේ ප්‍රථම ප්‍රාන්තය බවට ලඩක් ප්‍රදේශය පත් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 06 August 2019
බදුල්ල රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ 175ක හිඟයක් බදුල්ල පළාත් මහ රෝහල ඇතුළු ඌව පළාතේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 175ක් පමණ නොමැති බවත් රෝගීන්ගේ ජීවිත අවදානම් තත්වයක් ඇති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාව අවධාරණය කරයි. 05 August 2019
‘එජාපයෙන් ප්‍රබලයකු ආවත් ශ්‍රීලනිපයත් ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණදෙනවා’ එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනා එකට එක්වී ජනාධිපතිවරණයට ප්‍රබලයකු ඉදිරිපත් කළද ඔහුට තම පක්ෂය සාර්ථකව මුහුණ දෙන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (02) පැවැසිය. 02 August 2019
‘කුලියාපිටි සරසවිය වසා දැමීමට නොව රටපුරා ව්‍යාප්ත කළ යුතුයි‘ රැකියා විරහිත බව අවම කිරීමට ඉතා ප්‍රයෝජනවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන වැනි ආයතන වසා දැමීම නොව රටපුරාම ව්‍යාප්ත කිරීමට රජය ක්‍රියාකළ යුතුයැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (20) පැවැසීය. 02 August 2019
ජනතාව ඉන්නේ භීතියකින් හා අවිනිශ්චිතභාවයකිනුයි අද රටේ ජනතාවගේ සිත් සතන් තුල තෘප්තිමත් භාවයකින් තොරව විශාල භීතියක් හා අවිනිශ්චිත භාවයකින් ජනතාව ඔහේ ජීවත් වන බවත්, මේ තත්වය වෙනස් නොකළහොත් විශාල සමාජ අර්බුද ඇතිවිය හැකි බවත්, ඒවා වැළැක්විය යුතු බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පැවසූහ. 28 July 2019
ශ්‍රී ලංකාවේ ජනතාව එක්ව වැඩ කළ යුතු බව එ.ජා. නියෝජිත කියයි ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව එක්සත්ව එක්ව වැඩ කළ යුතුයැයි සාමකාමී රැස්වීමේ සහ සංගම් පැවැත්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිත ක්ලෙමන්ට් න්‍යාලෙස්ට්සොසි වූලී මහතා ප්‍රකාශ කර සිටී. 28 July 2019
‘කසළ කන්ටේනර් ප්‍රතිඅපනයනය නොකළාට නීතිය ක්‍රියාත්මක කරන්න’ එංගලන්තයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ අඩංගු කන්ටේනර් 130ක් වසර එකහමාරක් තිස්සේ ප්‍රතිඅපනයනය නොකිරීම සම්බන්ධයෙන් හේලිස් පෞද්ගලික සමාගමට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත්, වහාම එම කසළ තොග ප්‍රතිඅපනයනය කිරීමටත් උපදෙස් දුන් බව, ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධ්යක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද(25) අරලියගහ මන්දිරයේ පවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 25 July 2019
‘රාජපක්ෂ කඳවුරේ කිසි කෙනෙක් ප්රතිසන්ධානය වී නැහැ‘ 2015 ට පෙර රාජපක්ෂ කඳවුරේ සිටි එක පුද්ගලයෙක්වත් නැවත ප්රතිසන්ධානය වී නොමැති බවත් මේ අය යළිත් බලයට පැමිණියහොත් රටටත් ජනතාවටත් අබ සරණයි යැයිද හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද ලැනරෝල් මහතා පැවැසීය. 23 July 2019
‘ශාසනයට එජාපය තරම් සේවය කළ පක්ෂයක් නෑ’ බෞද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේට එක්සත් ජාතික පක්ෂය තරම් සේවය කළ වෙනත් පක්ෂයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය. 23 July 2019
‘කලාකරුවන් මර්දනය වැළැක්වීමට වගකිව යුතු පිරිස් මැදිහත් නොවීම ගැටළුවක්‘ කලාකරුවන් සහ ඔවුන්ගේ ප්‍රකාශන ඉලක්ක කරමින් විශාල මර්දනයක් ක්‍රියාත්මක වන බවත් රජය සහ වගකිව යුතු පිරිස් එයට මැදිහත් නොවිම ගැටලූවක් බවත් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු මහාචාර්ය චන්ද්රප්ත තේනුවර මහතා කොළඹදී පැවැසීය. 21 July 2019
දේශපාලන බලය ලබාගැනීම සඳහා අන්තවාදී-ආගම්වාදී ගැටලු ඇති කිරීම වැළැක්විය යුතුයි අහිමි වූ දේශපාලන බලය යළි ලබා ගැනීම සඳහා අන්තවාදි, ආගම් වාදි ගැටලූ ඇති කිරීමට සහ යුද්ධ ඇති කිරිමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් ඒවා වැළැක්වීම වගකිවයුතු පුරවැසියන්ගේ වගකීමක් බවත් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කොළඹදී පැවැසීය. 21 July 2019
‘ශිෂ්ට සම්පන්න ලෙස ප්‍රශ්න විසඳන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා‘ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ම්ලේච්ඡත්වයට ම්ලේච්ඡත්වයෙන් උත්තර දිමක් බවත් ඒ වෙනුවට ශිෂ්ට සම්පන්න විදියට මේ ප්‍රශ්න විසඳන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ පැවැසීය. 18 July 2019
’ආණ්ඩුවේ ධූර කාලය අවසන් වන තෙක්ම ජනතාව වෙනුවෙන් සියල්ල ඉටු කරනවා’ මැතිවරණ ඉලක්ක කරමින් කටයුතු කරනවා වෙනුවට වත්මන් ආණ්ඩුවේ ධූර කාලය අවසන් වන තෙක්ම රටත් ජනතාවත් වෙනුවෙන් සිදුකළ හැකි සියල්ල ඉටු කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කොළඹ දී පැවසීය. 17 July 2019
‘‘පශ්චාත් උපාධියක් ඇති අප වැනෙන පිරිසක් නොවේ‘‘ ජවිපෙය ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම නිසා එකමතයක නැති වැනෙන්නන් පිරිසක් බවට සන්ධාන මහලේකම්වරයා චෝදනා කර ඇතැයි ද පශ්චාත් උපාධියක් ඇති අප වැනෙන පිරිසක් නොවේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (12) පැවසීය. 12 July 2019
‘‘පාර්ලිමේන්තුව තුළ ඉලක්කම් වලින් කුමක් පෙන්නුවත් ජනතාව ආණ්ඩුවට විරුද්ධයි‘‘ මේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අපි විශ්වාසභංගයේ පරාජයෙන් අවසන් කරන්නේ නැහැ.පාර්ලිමේන්තුව තුළ ඉලක්කම් වලින් කුමක් පෙන්නුවත් ජනතාව ආණ්ඩුවට විරුද්ධයි. අපි ඒ බලවේගය එකතු කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවසීය. 12 July 2019
‘‘රට වෙනුවෙන් ජය ගන්න තවත් අභියෝග රැසක් තියෙනවා‘‘ විශ්වාසභංග යෝජනාව ජය ගත්තා සේම රට වෙනුවෙන් ජය ගැනීමට තවත් අභියෝග රැසක් ඉදිරියේ පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 12 July 2019
‘රට වෙනුවෙන් ජය ගන්න තවත් අභියෝග තියෙනවා’ විශ්වාසභංග යෝජනාව ජය ගත්තා සේම රට වෙනුවෙන් ජය ගැනීමට තවත් අභියෝග රැසක් ඉදිරියේ පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 12 July 2019
මරණ දඬුවම නියම වූ රැඳවියෙක් පශ්චාත් උපාධිය ලබාගනී මරණ දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටිමින් තම උපාධිය හැදෑරූ ඉන්දික බමුණුසිංහ නැමති රැඳවියා අද (11) සිය පශ්චාත් උපාධිය ලබාගත්තේය. 11 July 2019
‘පොහොට්ටුව අපේක්ෂකයකු නම් කරන්න හදද්දී චෞරයන් එකට එක්වෙලා’ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයකු නම් කිරීමට සූදානම්වීමත් සමඟම සියලූම චෞරයන් එකට එක්ව සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (10) පැවැසීය. 10 July 2019
‘අවුරුදු 18 අඩු දරුවන් 6100 ක් හෙරොයින් වලට පුරුදු වෙලා’ දිවයින පුරා වයස අවුරුදු 18ට අඩු දරුවන් 6,100ක් හෙරොයින් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇතැයි මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය සහ පොලිසිය ඒකාබද්ධව ජනාධිපතිවරයා වෙත බාරදුන් සමීක්ෂණ වාර්තාවක් මගින් දැක්වේ. 10 July 2019
‘පොලිස්පතිට - ආරක්ෂක ලේකම්ට වරද පටවා වගකිවයුත්තන්ට මහගරින්න බෑ‘ පොලිස්පතිතුමාටත් හිටපු ආරකෂක ලේකම්වරයාටත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම පවරා දෙමින් ප්‍රහාරයට වගකිවයුතු බලධාරීන්ට අත හෝදගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 10 July 2019
ලංවිම පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගැනීමෙන් බිලියන 100 ක පාඩුවක් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය 2015 සිට මේ දක්වා පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් දැනට රජයට බිලියන 100 ක පමණ අලාභයක් සිදුවී ඇතැයි එම මුදල මහා බැංකු වංචාව හේතුවෙන් වූ අලාභය වන බිලියන 13 ටත් වඩා වැඩි බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික කැඳවුම්කරු සංජීව ධම්මික මහතා ප්‍රකාශ කරයි. 10 July 2019
‘හැම පුද්ගලයකුම ලක්ෂ 530,000 ක් ණය වෙලා’ මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයකුටම රුපියල් 530,000 ක මුදලක් රටට ණයවී ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය. 09 July 2019
‘විශ්වාසභංග යෝජනා ආණ්ඩුව තවත් ශක්තිමත් කරනවා’ විශ්වාසභංග යෝජනා යනු ආණ්ඩුව තව තවත් ශක්තිමත් කරන වැඩපිළිවෙළක් හෙයින් ඊට ඉතා සතුටින් මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය හමුවක දී අද (9) පැවසීය. 09 July 2019
‘ලංකාව ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනපතිවරයකු තියාගෙන සිටින රටක්’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවතාවක්ම උල්ලංඝණය කළ ජනාධිපතිවරයකු වැඳ වැඳ තියාගෙන සිටින රටක් ඇත්නම් ඒ ලංකාව පමණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා අද (9) පැවසීය. 09 July 2019
‘ජනපති දුටු සිහිනය පුස්සක් වෙලා’ රාජපක්ෂවරුන්ගේ කර මතින් යළි ජනාධිපති ධූරයට පත්වීමේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම දුටු සිහිනය අද වනවිට පුස්සක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවැසීය. 08 July 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026