IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘ශිෂ්ට සම්පන්න ලෙස ප්‍රශ්න විසඳන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා‘

(නිමල කොඩිතුවක්කු)

 මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම  ම්ලේච්ඡත්වයට ම්ලේච්ඡත්වයෙන් උත්තර දිමක් බවත්   ඒ වෙනුවට ශිෂ්ට සම්පන්න විදියට මේ ප‍්‍රශ්න  විසන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ  පැවැසීය.
 

තමන්ගේ දුර්වලතාවයන් වසා ගැනිම සඳහා පාලකයන් මරණ දඩුවම වැනි ජනප‍්‍රිය මාතෘකා සපයමින් සිටින බවත් පැවසූ මන්ත‍්‍රීවරයා රටට  මත්කුඩු එන එක වැලැක්විමට නොහැකිනම් පාලකයන් මුලින්ම එල්ලෙන්න අවශ්‍ය බවත්  සඳහන් කළේය.
 
කොළඹ අරලියගහ මන්දිරයේ   අද(18)  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ  මහතා මෙසේද කීය.
   
ඊට විරුද්ධව අදහස් දක්වමින් අජිති පී. පෙරේරා මහතා  පැවසුවා ‘‘මේ ප‍්‍රශ්නවලට විසඳුම මරණ දඬුවම නෙමෙයි.  මරණ දඩුවම  කියන්නේ අදක්ෂයින්ගේ තෝරා ගැනිමක්. මරණ දඬුවම කියන්නේ ජනප‍්‍රියත්වයේ තෝරා ගැනීමක්, මරණ දඬුවම කියන්නේ බැරිකමේ  තෝරා ගැනිමක්’’ කියලා එතුමා පැවසුවා.

ඒ නිසා මටත් කියන්න තියෙන්නේ මරණ දඩුවම කියන්නේ ප‍්‍රශ්නවලට  විසදුම නෙමෙයි. මරණ දඬුවම කියන්නේ ජනප‍්‍රිය වෙන්න මේ යුගයේ  උස්සපු මාතෘකාවක් විතරයි.

අපි විශ්වාස කරනවනම් මරණ දඩුවම ලබාදීමෙන් අපරාධ අඩුවෙයි කියලා ඒක යථාර්ථයක් නෙමෙයි.  සේයා දැරියගේ ඝාතනය, රටේ විවිධ තැන්වල සිදුවූ දරුණු ගනයේ අපරාධ දැක්කම  මෙවුන් මරා  දැමිය යුතුයි කියාල අපිටත් ක්ෂණික හැඟීමක් ඇතිවෙනවා.  

ක්ෂණිකව ඇතිවන හැගීමෙන්  අපට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විදියට  වගකිවයුතු තීන්දු තීරණ ගන්න බැහැ. ලක්ෂ 220ක් වන  ජනතතාව වෙනුවෙන් තින්දු තීරණ ගැනීමේදී  අපට හදවතින් තින්දු තීරණ ගන්න බැහැ. 

අපි ඊට වඩා  එහා ගිය  පුලූල් බුද්ධියකින් ජාතික සහ ජාත්‍යන්තර  කාරණා පිළිබඳ විශ්ලේෂණය කරමින් තමයි අපට තීන්දු තීරණ ගන්න වෙන්නේ. 

ප‍්‍රශ්නයේ  අගින් අල්ලලා මේ ගැන කතා කරන  එක වැරදියි. මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්න කලින් කළ යුතු  තවත් බොහෝ ප‍්‍රතිසංස්කරණ තියෙනවා.  එතනදි අපේ පාලකයෝ භාරගත යුතු  වගකිම් රාශියක් තියෙනවා.
අපේ රට දූපතක්. දූපතක් වෙච්ච අපේ රටට  මත්කුඩු එන එක වලක්වන්න බැරිනම් පාලකයො ඉස්සෙල්ලම එල්ලෙන්න  ඕන.

ඒ වගේම අපරාධකාරයේ දිගින්  දිගටම බන්ධනාගාරවල ඉදගෙන  අපරාධවලට සම්බන්ධ වෙනවනම්  බන්ධනාගාරය ප‍්‍රතිසංස්කරණය කළ යුතු නැද්ද,  බන්ධනාගාරය පුනරුත්තාපන කදවුරක්  විය යුතු නැද්ද කියලා අපි විමසනවා. 

අපේ ඇතැම් බන්ධනාගාර  අද අපරාධකරුවන්ට ආචාර උපාධි ලබා දෙන ස්ථාන බවට පත්වෙලා තියෙනවා.  සුළු අපරාධකාරයෙක්  බන්ධනාගාර ගත වුනොත් ඒකෙන් එළියට එන්නේ අපරාධ පිළිබද පශ්චාත් උපාධියත් අරගෙනයි. 

බන්ධනාගාර  ඇතුලේ ඉදගෙන අපරාධ කරනවනම් හතර පස් දෙනෙක් එල්ලලා මරණ එක ඒකට විසඳුමද කියලා අපි අහනවා. ආගම පැත්තෙන් බැලුවත් අපිට මරණ දඬුවමට එකඟ වෙන්න බැහැ. 

මරණ දඩුවමට එරෙහි වෙන්නේ අපරාධකාරයෝ ආරක්ෂා කරන්න කියලා අද  චෝදනාවක් එල්ල වෙනවා. මම දහම් පාසල් ගුරුවරයෙක් විදියට අවුරුදු 15ක් සේවය කරලා තියෙවනවා. අවුරුදු 28ක් මහජන නියෝජිතයෙක් ලෙස එක දිගටම ඉන්නවා. මම රථ වාහන නඩුවකටවත් උසාවි ගහින් නැහැ. අපේ දෑත් පිරිසිදුයි.  අපි අපරාධවලට සම්බන්ධ නැහැ.

1924 ඞී. එස් සේනානායක මහතා මුලින්ම මේ පනත ගෙනාවේ අපරාධ  කාරයෝ ආරක්ෂා කරන්නද කියලා මම අහනවා.  1956 බණ්ඩාරනායක මහත්තයා  මේ පනත ගෙනාවේ, ජේ. ආර් ජයවර්ධන  මහත්තයා 1976 දීත්, 1978 දි නෛතික පසුබිමක් හැදුවේ අපරාධකාරයෝ ආරක්ෂා කරන්නද කියලා අපි අහනවා. 
මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීමට පෙර කරුණාකරලා නිතියේ තියෙන හිඩැස් වහන්න කියලත්,  බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණවලට අවතීර්ණ වෙන්න කියලත් මම යෝජනා කරනවා.

මරණ දඩුවම ක‍්‍රියාත්මක කරනවා කියන්නේ ම්ලේච්ඡත්වයට ම්ලේච්ඡුත්වයෙන් උත්තරදිමක්.  ඒ වෙනුවට ශිෂ්ට සම්පන්න විදියට මේ ප‍්‍රශ්න විසඳන්න කියලා අපි ඉල්ලිම් කරනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ  වගකීිම කැරකැවිලා  තමන්ගේ පැත්තට එනවිට ඒකෙන් බේරෙන්න  ජනාධිපතිවරයා බාල ජනප‍්‍රියත්වයක් හොයනවා. අපි ජනාධිපතිට කියනවා ජනප‍්‍රිය වෙන්න වෙන දෙයක් හොයා ගන්න කියලා. අතීසාරෙට අමුඩෙ ගහන්න ගිහින් අමුඩෙ  ගලවගෙන ලෝකෙටම නිරුවත පෙන්වන්න එපා කියලා මම ජනාධිපතිවරයාට කියන්න කැමතියි’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.



අදහස් (0)

‘ශිෂ්ට සම්පන්න ලෙස ප්‍රශ්න විසඳන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1592 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1382 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site