IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘පොහොට්ටුව අපේක්ෂකයකු නම් කරන්න හදද්දී චෞරයන් එකට එක්වෙලා’

(නාලක සංජීව දහනායක)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්‍ෂකයකු නම් කිරීමට සූදානම්වීමත් සමඟම සියලූම චෞරයන් එකට එක්ව සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (10) පැවැසීය.

කෙසේ වුවත් තම පක්‍ෂය ජනාධිපතිවරණය සදහා හොඳ සූදානමකින් පසුවන බවද ඔහු කීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවැසීය.

තවත් දින 132න් පැවැත්විය යුතු ජනාධිපතිවරණය මඟහැරීමට ආණ්ඩුව විවිධ උපක‍්‍රම භාවිතා කරමින් සිටින බව කී අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා වත්මන් ආණ්ඩුව පසුගිය අවුරුදු හතරහමාර තුළම මැතිවරණ කල්දැමීමට ක‍්‍රියාකළ බවද කීය.

ජනමතය කල්දැමීමට ක‍්‍රියාකළ මෙරට හා ලෝකයේ පාලකයන්ට අත්වූ ඉරණම ඉතිහාසයේ කලූ අකුරින් ලියවී තිබෙන බවත් ඒ කිසිඳු නායකයකුට ඇදක් මත සුවදායක මරණයක් අත්නොවූ බවද අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට ඉතාම හොඳින් සූදානම් වන බව කී අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා ලබන 11 වැනිදා පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී විපක්‍ෂනායකවරයා විසින් තම පක්‍ෂයේ අපේක්‍ෂකයා කවුදැයි හෙළිකරනු ඇතැයිද කීය.

කොළඹ-07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේය.



අදහස් (0)

‘පොහොට්ටුව අපේක්ෂකයකු නම් කරන්න හදද්දී චෞරයන් එකට එක්වෙලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site