IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘පාර්ලිමේන්තුව තුළ ඉලක්කම් වලින් කුමක් පෙන්නුවත් ජනතාව ආණ්ඩුවට විරුද්ධයි‘‘

(මුදිතා දයානන්ද)

මේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අපි විශ්වාසභංගයේ පරාජයෙන් අවසන් කරන්නේ නැහැ.පාර්ලිමේන්තුව තුළ ඉලක්කම් වලින් කුමක් පෙන්නුවත් ජනතාව ආණ්ඩුවට විරුද්ධයි. අපි ඒ බලවේගය එකතු කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (12) පැවසීය.

ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය

අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් මෙසේද පැවසීය.

     ‘‘සහරාන්ලාගේ සමස්ත ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදී ඒ සියල්ල සාපරාධි ලෙස නොසළකා හැරීමෙන් සිදුවූ අපරාධයක් ලෙසයි අපි අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය දකින්නේ. ඒකට කිසිසේත්ම සමාව දෙන්න බැහැ. ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීම යුක්ති සහගත වන්නේ නැහැ.

අපි විශ්වාසභංගයක් ගෙන එමින් අපේ කාර්යභාරය ඉටුකළා. ආණ්ඩුවට දොස් කියමින් ඔවුන් ගෙදර යවන්න කතා කරන විපක්ෂයට වගකීමක් තිබුණා මෙයට සහය දෙන්න. විපක්ෂයේ 118ක් සිටියා දෙමළ ජාතික සන්ධානයත් සමඟ ඔවුන් සියලූ දෙනා තමන්ගේ වගකීම ඉටු කළා නම් මේක දිනන්න තිබුණා.

මහින්ද මහත්තයා මේ විශ්වාසභංගයට සහය දෙන බව මුල සිටම ප‍්‍රකාශ කළා. ඒ ගැන ස්තූතිවන්න වෙනවා. ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයා සමඟ විපක්ෂයේ වාඩිවී සිටින අයගෙන් 13 ක් ඡන්දේ දෙන්න ආවේ නැහැ. ඔවුන් ගේන්න ඔහු සමත් වුණේ නැහැ. ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ විවාදයට එක්නොවූ විපක්ෂ නායකයා ලෙස මහින්ද ඉතිහාස ගතවෙනවා.

මඩකලපු පල්ලියේදී මිය ගිය අයගෙන් වැඩිදෙනෙක් දෙමළ ජාතිකයන්. ඔවුන්ගේ දුක වේදනාව ඔවුන්ට ඉටුවිය යුතු සාධාරණය කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දිනා ගැනීම වැනි කාරණාවකට දෙමළ ජාතික සන්ධානය පටු කළා. ඒක හරිම නින්දිතයි.

දැන් සමහරු කියනවා අපි විශ්වාසභංගය පරදින බව දැන දැනම ගෙනත් ආණ්ඩුව දිනවලා රනිල්ට ඔක්සිජන් දුන්නා කියලා. එහෙම නම් මහින්ද මහත්තයාගේ කණ්ඩායම පසුගිය වසරේ අප්‍රේල් 04 වෙනිදා මහබැංකු හොරකම පදනම් කරගෙන විශ්වාසභංගය පරාජය වීමෙනුත් සිදුවුණේ ඒකම නොවේද සිදුවුණේ? එදා පක්ෂව ලැබුණේ ඡන්ද 76යි. විපක්ෂව 122ක් ලැබුණා. එදා ඔවුන් රනිල්ව මහබැංකු හොරා කියන චෝදනාවෙන් නිදහස් කළා කියලා කවුරුවත් චෝදනා කළේ නැහැනේ. ඇයි මේ අවස්ථා දෙක දෙවිදිහකට දකින්නේ?‘‘

 

 

 



අදහස් (0)

‘‘පාර්ලිමේන්තුව තුළ ඉලක්කම් වලින් කුමක් පෙන්නුවත් ජනතාව ආණ්ඩුවට විරුද්ධයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site