(නිමල කොඩිතුවක්කු)
කලාකරුවන් සහ ඔවුන්ගේ ප‍්‍රකාශන ඉලක්ක කරමින් විශාල මර්දනයක් ක‍්‍රියාත්මක වන බවත් රජය සහ වගකිව යුතු පිරිස් එයට මැදිහත් නොවිම ගැටලූවක් බවත් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු මහාචාර්ය චන්ද්‍රප්ත තේනුවර මහතා කොළඹදී පැවැසීය.
කලාකරුවන්ට සහ මාධ්‍යයට ඇති නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලූ දෙනා පෙළ ගැසිය යුතු බවත් ඔහු එහිදී සදහන් කළේය.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි පිහිටි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කාර්්‍යාලයේ අද(21)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු මහාචාර්ය චන්දු‍්‍රගුප්ත තේනුවර මහතා එහිදී මෙසේද කීය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට මාස තුනක් ගතවෙනවා. ඒ වගේම කලූ ජූලියට වසර 35ක් සම්පූර්ණ වෙනවා. මෙවැනි ව්‍යසන දෙකකට මුහුන දුන්නු රටක් වෙලත් ඇතැම් පිරිස් තවදුරටත් ජාතිවාදය ආගම්වාදය වපුරවමින් සිටිනවා. මේ පිරිස් පවතින රජය පෙරලන්න මෙන්ම අලූත් ආණ්ඩු පිහිටුවන්නත් ජාතිවාදය, ඇගම්වාදය පතුරවමින් සිටිනවා.
අද කලාකරුවන් සහ ඔවුන්ගේ ප‍්‍රකාශන ඉලක්ක කරමින් විශාල මර්ධනයක් ක‍්‍රියාත්මක වෙනවා. මෙයට පෙර මේ මර්ධනය ක‍්‍රියාත්මක කලේ පසුගිය රජය සමයේයිද දැන් රාජ්‍ය මට්ටමෙන් වෙනුවට විවිධ පිරිස් කලාකරුවන්ට වෛරී ප‍්‍රකාශන සිදුකළා යැයි අභූත චෝදනා නගමින් විශාල මර්ධනයක් සිදු කරමින් යනවා.
කලාකරුවන්ටත් නිදහසක් තිබෙනවා. මාධ්‍යයටත් ඒ වගකීම තිබෙනවා. මේ මර්ධනය හමුවේ රාජ්‍යය නිහඩව සිටිමත් ගැටලූවක් වනවා. ජනාධිපතිවරයා විවිධ වැරදි කරපු අයට ජනාධිපති සමාව දෙනවා. හැබැයි එතුමා ශක්තික සත්කුමාරට සමාව දීමට කටයුතු කරලා නැහැ. ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් සිවිල් සංවිධාන විදියට අපි ඉල්ලා සිටිනවා යැයිද ඔහු එහිදි පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
754
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
568
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘කලාකරුවන් මර්දනය වැළැක්වීමට වගකිව යුතු පිරිස් මැදිහත් නොවීම ගැටළුවක්‘