IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ශාසනයට එජාපය තරම් සේවය කළ පක්ෂයක් නෑ’

(නිමල කොඩිතුවක්කු)

බෞද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේට එක්සත් ජාතික පක්ෂය තරම්  සේවය කළ වෙනත් පක්ෂයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර්  මහතා පැවසීය.

ශාසනික සේවාවන් සිදුකළත් එක්සත් ජාතික පක්ෂය වෙනත් පිරිස් මෙන් කිසිදු අවස්ථාවක ස්වාමීන් වහන්සේ හෝ අනෙකුත් ආගමික නායකයින්ව දේශපාලනිකව කඬේ යවා නොමැති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම් මරික්කාර්  මහතා මෙසේද කීය.

 ‘‘ අද වේගවත් සංවර්ධනයක් රටපුරා කරගෙන යනවා. දැන් ගම්පෙරලිය, රන්මාවත් වැනි වැඩසටහන් ක‍්‍රියාත්මක වේගෙන යනවා. රජය කරන සංවර්ධන වැඩකටයුතු වලට ප‍්‍රචාරය මාධ්‍යයෙන් ලැබෙනවා අඩුයි.

උදාහරණයක් විදියට  මන්ත‍්‍රීවරයෙතක් ගිහින් ලක්ෂ අසූවක සීයක පාරක් විවාත කරහම  එතුමා එතනදී දෙන  හඬපටය තමයි දාන්නේ විවෘත කරන පාර ගැන සඳහන් කරන්නේ නැහැ. මාධ්‍ය වාර්තාකරණයේ දී මේ ගැනත් අවදානය යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා.

ගම්පෙරලිය වැඩසටහන  මගින් සහ සංස්කෘතික අමාත්‍යාංශය මගින් ගම් දනව් වල  තිබෙන දහස් ගණන් වෙහෙර විහාර දියුණු කරන්න මුදල් ආධාර ලබාදිලා තියෙනවා. අඩුම වශයෙන් ඒ පන්සල්වල  දායක සභාව දන්නෙත් නැහැ මේවා ඒක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ කරනවා කියලා.

දැන් සාමන්‍යයෙන්  කියන්නේ එක්සත් ජාතික පක්ෂය ශාසන ආලය නැති  බෞද්ධකම නැති, දේශීයකම අගය කරන්නේ නැති  පිරිසක් ඉන්නවා කියලා.  බෞද්ධ ශාසනයට  අපේ පක්ෂය තරම්  දේවල් කරපු වෙනත් පක්ෂයක් නැහැ. හැබැයි ආපේ පක්ෂය  ස්වාමීන් වහන්දෙස් හෝ අනෙකුත් ආගමික නායකයින්ව දේශපාලනිකව කඩේ යවලා නැහැ.

පන්සල් වලට වගේම අනෙකුත් ආගමික ස්ථාන වලටත් අපේ රජය විශාල සේවයක් සිදු කරලා තියෙනවා. ඒකට තමයි සැබෑ සහජීවනයේ ප‍්‍රතිමුර්තය බවට පත්ව තිබෙන්නේ.  එහෙම නැතුව පන්සලට ගිහින්  දායක සභාව ඉස්සරහට ගිහින් රැස්වීමක් තියලා පන්සලේ ඉඳන් දේශපාලනය කරන එක නෙමෙයි’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවසීය.

 

ඡායාරූප - ඉෂාන් සංජිව

 



අදහස් (0)

‘ශාසනයට එජාපය තරම් සේවය කළ පක්ෂයක් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site