IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දේශපාලන බලය ලබාගැනීම සඳහා අන්තවාදී-ආගම්වාදී ගැටලු ඇති කිරීම වැළැක්විය යුතුයි

 (නිමල කොඩිතුවක්කු)
අහිමි වූ දේශපාලන බලය යළි ලබා ගැනීම සඳහා  අන්තවාදි, ආගම් වාදි ගැටලූ ඇති කිරීමට සහ යුද්ධ ඇති කිරිමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්  ඒවා වැළැක්වීම වගකිවයුතු පුරවැසියන්ගේ වගකීමක් බවත් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා කොළඹදී  පැවැසීය.

වෛද්‍ය සාෆිගේ සිද්ධියේදී වෛද්‍ය සාෆි සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කරනවා මෙන්ම එම ප‍්‍රශ්නය උඩු දිවීමට කටයුතු කළ වෛද්‍ය සංගමය සහ ඇතැම් භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙනුත් නීතිය ක‍්‍රියාත්මක විය යුතුව ඇතැයිද ඔහු එහිදී සදහන් කළේය.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි  පිහිටි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (21)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිතත් එකමුතුවේ කැදවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා මෙසේද කීය.

 ‘‘පාස්කු ඉරිදා ප‍්‍රහාරයට මාස  තුනක් සපිරෙනවා. ප‍්‍රහාරයෙන් 260 කට අධික පිරිසක් මිය ගිහින්  500කට ආසන්න පිරිසත් තුවා ලැබුවා. 
පාස්කු ඉරිදා ප‍්‍රහාරය වලක්වා ගත හැකි ප‍්‍රහාරයක් බව පාර්ලිමේන්තු  තේරිම් කාරක සභාව සිදුකළ  විමර්ශනය මගින් මේ වනවිට හෙලිදරව් වෙමින් යනවා. මේ ප‍්‍රහාරයට වගකිව යුතු අයට දැඩි දඩුවම් ලබා දිය යුතුයි. මේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබුවන්ට සහ  දේවස්ථාන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා මුකුත් වුනේ නැහැ කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රට යථා තත්වයට පත්වෙමින් තිබෙනවා. රජය, ආරක්ෂක අංශ විශාල සේවයක් සිදු කරලා තිබියදීත් කිසිදු දෙයක් කරලා නැහැ කියන එකින් අපේ රටට ජාත්‍යන්තර වශයෙන් අහිතකර ප‍්‍රථිපල ඇති විය හැකියි.

මේ ප‍්‍රහාරයෙන් පස්සේ ඇතැම් පිරිස් ජාතිවාදි ආගම්වාදි ගැටුම් ඇති කිරිමට උත්සාහ කළා. වෛද්‍ය සාෆිගේ  ස්ද්ධියත් ඒකට එක උදාහරණයක්. ඒ ගැන නීතිය ක‍්‍රිියාත්මක විය යුතුයි. ඒ වගේම ඒ ප‍්‍රශ්ණය උඩු දිවීමට කටයුතු කළ වෛද්‍ය සංගමය, ඇතිම් භික්ෂුන් වහන්සේ සම්බන්ධවත් නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි. අන්තවාදී ජාතිවාදී ගැටලූ ඇති නොවීමට  කටයුතු කිරීම වගිකිවයුතු පුරවැසියන්ගේ වගකීමක් වෙනවා.‘

අහිමි වෙච්ච දේශපාලන බලය යලි ලබා ගැනීම සදහා  අන්තනවාදී ආගම් වාදි ගැටලූ ඇති කිරීමට  යුද්ධ ඇති කිරිමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටිනවා. ඒවා වලක්වන එක අපේ වගකීමක් වනවා.

දැන් අලූත්ම ප‍්‍රශ්ණය වෙලා තියෙන්නේ එංගලන්ත කුණු මෙහෙට ගේවිමට කටයුතු කිරීමයි. සමහර අය මේක එක පැත්තකින් පමනක් අල්ලගෙන කෑ ගහනවා.

අපි මේ ප්‍රශ්නය මුලින් අල්ලලා බැලලිය යුතුයි. මේ කුණු අද විශාල පිරිසර ප‍්‍රශ්ණයක් වෙලා තියෙනවා. පවතින නීති වෙනස් කරලා මේ කුණු ගේන්න අවසර දුන්නේ  මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන්. අද ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. 2013 ජූලි 11 වනදා ගැසට් පත‍්‍රයක් නිකුත් කරලා ප‍්‍රති අපනයනය සදහා  දේවල් ගේන්න පුලූවන් වන විදියට  නීති සකස්  කරලා තියෙනවා. ඒවා රේගු ආඥා පනතට, විනිමය  පාලන පනතට, ආනයන හා අපනයන  පනතට යටත් නොවන විදියට මේ නීති සකස් කරලා තියෙනවා. මේ කුණු ගේන්න අවස්තාව ලබා දුන් අය ගැනත් අපි කතා කළ යුතුය.

පරිසර ඇමති විදියට කටයුතු කරන්නේ ජනාධිපතිවරයා. ඔහු මේ ගැසට් පත‍්‍රය අහෝසි කරලා ඒ කුණු යළි ඒ රටවලටම යවලා මේ ප‍්‍රශ්ණය අවසන් කළ යුතුයි’’ යැයිද ඔහු එහිදි පැවැසීය.



අදහස් (0)

දේශපාලන බලය ලබාගැනීම සඳහා අන්තවාදී-ආගම්වාදී ගැටලු ඇති කිරීම වැළැක්විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site