IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බදුල්ල රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ 175ක හිඟයක්

(එෆ්.අස්ලම් සහ පාලිත ආරියවංශ )
 
බදුල්ල පළාත් මහ රෝහල ඇතුළු ඌව පළාතේ  රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 175ක් පමණ නොමැති බවත් රෝගීන්ගේ ජීවිත අවදානම් තත්වයක් ඇති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාව අවධාරණය කරයි.
 
විශේෂයෙන් බදුල්ල පළාත් මහ රෝහලේ පිළිකා ඖෂධ ඇතුළු ප්‍රතිජීවක එන්නත් මෙන්ම මාරාන්තික තත්වයෙන් ඇතුළත් කරන රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය එන්නත්ද නොමැති බවත් රෝහලේ ඇති එන්නත් තත්වයෙන් බාල ඒවා බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අද(05) පැවසීය.

බදුල්ල පළාත් මහ රෝහලේ අද මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍යවරයා මේ අදහස් පළකර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

“රටපුරා ඖෂධ හිඟයක් පවතිනවා. බදුල්ල පළාත් මහ රෝහලටත් මේ ඖෂධ හිඟය උග්‍රව පවතිනවා. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය, ශල්‍යාගාරය, දැඩිසත්කාර ඒකකය, පිළිකා ඒකකය, සායනය මෙන්ම සියලු වාට්ටුවල ඖෂධ 150ත් 175ත් අතර සංඛ්‍යාවක් අද උදෑසන වනවිට හොයාගන්නවත් නැහැ. බොහෝමයක් ජීවිතාරක්ෂක ඖෂධයි හිඟවෙලා තියෙන්නේ.
 
මේ ප්‍රශ්නය විසඳන්නෙ නැතුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ ඖෂධ මාෆියාව වර්ධනය කරගන්නයි. ගතවූ අවුරුදු කිහිපය තුළ රාජිත සේනාරත්න මිලියන 5700ක ඖෂධ එකවර මිලදී අරගෙන විශාල වංචාවක් සිදුකරල තියෙනවා. තවත් මිලියන් ගානක හානියක් සිදුකරල රටේ සෞඛ්‍ය විනාශ කරලා ඔහුගේ මුදල් පසුම්බිය පුරවගෙන තියෙනවා.

රෝගීන්ට පණිවුඩයක් මේ අවස්ථාවේ දියයුතුයි. රෝගීන් බලාපොරොත්තු වන ජීවිතාරක්ෂාවක් අද බදුල්ල පලාත් මහ රෝහල තුළ නැහැ. අපට වෛද්‍යවරුන් විදිහට කරන්න තියෙන්නේ යම් කිසි ආකාරයක සහනයක් සැලසීම පමණයි. මොකද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය බෙහෙත් රෝහලේ නැහැ. මේ වගේම අනිත් අවට රෝහල්වලත් මේ ඖෂධ නැහැ.

ශල්‍ය උපකරණවලත් හිඟයක් තියෙනවා. දහස් ගණනක ඖෂධ අතරින් 900ක්වත් බෙහෙත් නැහැ. අත්‍යවශ්‍ය බෙහෙත් ජීවිතාරක්ෂක බෙහෙත් කිසිම බෙහෙතක් නැහැ. වෙනත් බෙහෙත් ලබාදීල රෝගීන්ගේ ජීවිත බේරාගන්න වෛද්‍යවරුන්ට සිදුවෙලා තියෙනවා. මේ නිසා තියෙන රෝගයට අමතරව අතුරු රෝගද ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. අද වනවිට බදුල්ලේ ජනතාවට වේදනාවකින් තොරව සුව නින්දක් හෝ ලබන්නට බැරි තත්වයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.
 
මේ සියල්ලටම සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතුයි. ඔහුගේ සුවපති පට්ටම ගිහිං දාන්න කියනවා බේරේ වැවට. රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය විදිහට අප වගකීමෙන් සහ වගවීමෙන් කියනවා මේ ඖෂධ නැහැ කියලා.
 
කඩිනමින් සියලු රෝහල් වෙත ඖෂධ ලබාදිය යුතුයි. නැතිනම් දීපව්‍යාප්ත අරගලයක් කරා යාමට රජයේ වෛද්‍යනිලදාරීන්ගේ සංගමය සූදානම්” යැයිද වෛද්‍යවරයා කීය.
 
මේ සම්බන්ධයෙන් බදුල්ල පළාත් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්නගෙන් විමසීමට යාමේදී ඔහු මාධ්‍ය වෙත පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කලේය. අධ්‍යක්ෂවරයා රෝහලේ ආරක්ෂක අංශ කැදවා මාධ්‍යවේදීන් පලවා හැරීමට උත්සහා කළේය.
 



අදහස් (0)

බදුල්ල රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ 175ක හිඟයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site