(නාලක සංජීව දහනායක)
රැකියා විරහිත බව අවම කිරීමට ඉතා ප‍්‍රයෝජනවත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන වැනි ආයතන වසා දැමීම නොව රටපුරාම ව්‍යාප්ත කිරීමට රජය ක‍්‍රියාකළ යුතුයැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (20) පැවැසීය.
ඉදිරියේදී බලයට පත්වන තම රජයක් යටතේ මෙවැනි විද්‍යායතන ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවද ඔහු කීය.
කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් සමඟ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිල නිවසේදී අද (2) පැවැති සාකච්ඡාවකදී විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
තාක්‍ෂණ විෂය හදාරන සිසුන්ට උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීම සඳහා මෙම කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතනය ස්ථාපිත කර තිබුණි. මෙම විද්‍යායතනයේ වත්කම් හා ඉඩම් වයඹ විශ්වවිද්‍යාලයට පවරාගෙන විද්‍යායතනය වසා දැමීමට කටයුතු කෙරෙමින් තිබෙන බව මෙහිදී සිසුහු විපක්‍ෂනායකවරයා දැනුවත් කළහ.
ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ටී.බී ඒකනායක, තාරනාත් බස්නායක යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද හිටපු අග‍්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතාද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘කුලියාපිටි සරසවිය වසා දැමීමට නොව රටපුරා ව්‍යාප්ත කළ යුතුයි‘