(අංජුල මහික වීරරත්න)
විශ්වාසභංග යෝජනා යනු ආණ්ඩුව තව තවත් ශක්තිමත් කරන වැඩපිළිවෙළක් හෙයින් ඊට ඉතා සතුටින් මුහුණ දෙන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය හමුවක දී අද (9) පැවසීය.
බල්ලන් බිරුවාට කඳු පාත් නොවෙනවා සේම බල්ලන්ගේ බිරුම් හඬට තවලම නතරවන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා විශ්වාසභංගයේ දී මෛත්‍රී - මහින්ද පාර්ශවයේ සිටින ආණ්ඩුවට ඍජුව සහ වක්‍රව සහාය දෙන කණ්ඩායම් පිළිබඳව ජනතාවට හොඳින් දැක බලාගන්නට හැකි වනු ඇතැයි ද සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මෙසේ ද පැවසීය.
‘ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න පිරිසක් සූදානමින් සිටිනවා. කොපමණ විශ්වාසභංග ගෙනාවත්, කොපමණ ගල් ගැසුවත් ආණ්ඩුව දුර්වලභාවයට පත්වෙන්නේ නෑ. ආණ්ඩුව නිවැරදි විදියට රට පාලනය කරනවා.’
‘විශ්වාසභංග යෝජනා නිරන්තරයෙන් ආණ්ඩුවට විරුද්ධව ගෙන එන විට ආණ්ඩුව තව තවත් ශක්තිමත් වෙනවා. මෙතෙක් කාලයක් මෙම ආණ්ඩුව ගෙදර යවන්න විවිධ කණ්ඩායම් කොපමණ උත්සාහ දැරුවත් ආණ්ඩුව ඉදිරියට යනවා කියා කියන්න කැමතියි.’
‘එළැබෙන බ්‍රහස්පතින්දා ගෙන ඒමට නියමිත විශ්වාසභංගයෙන් ආණ්ඩුව ශක්තිමත් ද, නැති ද කියන එක ජනතාවට දැකගැනීමට හැකිවෙයි. පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල විශ්වාසය එක්සත් ජාතික පක්ෂයට ලැබෙයි කියා අපි කියනවා.’යැයි මන්ත්‍රීවරයා කීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘විශ්වාසභංග යෝජනා ආණ්ඩුව තවත් ශක්තිමත් කරනවා’