IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘රට වෙනුවෙන් ජය ගන්න තවත් අභියෝග රැසක් තියෙනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

විශ්වාසභංග යෝජනාව ජය ගත්තා සේම රට වෙනුවෙන් ජය ගැනීමට තවත් අභියෝග රැසක් ඉදිරියේ පවතින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ටත් අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වීමෙන්ම ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බව පාර්ලිමේන්තුව තීන්දු කර ඇති බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අද (12) මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කිය.

      ‘‘මටත්, අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වුණා. පාර්ලිමේන්තුව තීන්දු කළේ ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බවයි.

පාස්කු ප‍්‍රහාරය සැලවූ ගමන්ම මම ආරක්ෂනක ප‍්‍රධානීන් හමුවුණා. වහාම ක‍්‍රියාත්මක වීමට උපදෙස් දුන්නා.

අප ගත් පියවර නිසා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ප‍්‍රහාරයට සම්බන්ධ සියළු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට පුළුවන් වුණා. ඒ ගැන අපේ ආරක්ෂක අංශවලට මම ප‍්‍රශංසාව පුද කරනවා.

විපතට පත් අයට සහන සැලසීමටත්, විනාශ වූ දේපල යළි ගොඩනැංවීමටත් අපේ ඇමතිවරු කැපවී, වෙහෙසී කටයුතු කළා. මේ කටයුතු නිසියාකරව සිදු වූ බව දැන් පාර්ලිමේන්තුවත් පිළිගෙන තියෙනවා.

මේ අතර තවත් ප‍්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සන්නිවේදනය නොවීම. ආරක්ෂක බුද්ධි මණ්ඩලයේ අවධානය මේ ගැන නිසි අයුරින් යොමු නොවීම.

අප මුලින් කළේ ත‍්‍රස්තවාදීන් සොයා ගැනීමේ මෙහෙයුමයි. අපට එය සාර්ථක කර ගන්නට පුළුවන් වුණා. ඊට පසුව අපි බුද්ධි තොරතුරු සන්නිවේදනය නිසියාකාරව සිදු නොවීම ගැන හොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා.

මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත්, එය නීත්‍යානුකූල බව අධිකරණයත් පිළිගෙන තියෙනවා. අපට හංගන්නට දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාව හමුවට යන්නට බයක් නෑ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියනවා.

විශ්වාසභංග යෝජනාව විවාද කරද්දීත් වැදගත් කරුණු ගණනාවක් රටට හෙළි කරන්නට අවස්ථාව ලැබුණා. අපට අවශ්‍ය මෙවන් ත‍්‍රස්ත කටයුතු යළි සිදු නොවන ආකාරයට පදනම දමන්නටයි. රටේත්, ජාතියේත් අනාගතය වෙනුවෙන් එසේ කළ යුතුයි. නැතිනම් එය දේශද්‍රොහී  ක‍්‍රියාවක් වෙනවා.

ඒ නිසා තේරීම් කාරක සභාව මගින් අප සත්‍යය සොයා ගන්නවා. ඒ වගේම අධිකරණය හමුවේ ද මේ සිද්ධිය සම්බන්ධ නඩුවක් තියෙනවා. එතැනදී ද සත්‍ය හෙළිවේවි.

මේ සත්‍ය අප හෙළිදරව් කරගන්නේ පුද්ගලයන් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කරගෙන නොවෙයි. සත්‍ය හඳුනාගෙන, අඩුපාඩු වී ඇත්නම් අනාගතයේ එසේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමටයි.

ගෝලීය ත‍්‍රස්තවාදය මැඬලීමට අවශ්‍ය නව නීතිරීති කීහිපයක් ද සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

තවත් කරුණක් පිළිබඳව මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි. මෙවැනි අනපේක්ෂිත විපතක් නිසා රටේ සියළු කටයුතු එක තැන හිරවෙනු ඇතැයි කියා සමහරු සිතුවා. නමුත් අප ඊට ඉඩ දුන්නේ නෑ.

අපේ ආණ්ඩුව ආර්ථික, සමාජයීය හා සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට ගෙන ගියා. සමෘද්ධිය ලබා දුන්නා. ඉඩම් ඔප්පු ලබා දුන්නා. රැකියා ලබා දුන්නා. නිවාස ලබා දුන්නා. අඩපන වුණු සංචාරක ව්‍යාපාරය යළිත් ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කළා. ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිඳු බාධාවක් වෙන්න අපි ඉඩ දුන්නේ නෑ.

මේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වුණේ අප සියල්ලම එකට එක්වී රට ගැන සිතමින් කටයුතු කළ නිසයි. ජය ගැනීමට තවත් අභියෝග අප ඉදිරියේ තියෙනවා. කඩිනම් කළ යුතු කාර්යයන් තවත් තියෙනවා. රට වෙනුවෙන් එකතු වී අපි ඒ සියල්ලත් සාර්ථක කර ගනිමු’’ යනුවෙන්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.

 



අදහස් (0)

‘‘රට වෙනුවෙන් ජය ගන්න තවත් අභියෝග රැසක් තියෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site