අපරාධ නඩු තිබෙන නිලධාරීන්ට උසස්වීම් නුසුදුසුයි
පැහැර ගැනීම්, අතුරුදන් කිරීම්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් යනාදී චෝදනා තිබෙන නිලධාරීන්ට උසස් වීම දීම නුසුදුසු යැයි නිර්දේශ කළත් ඒවාට කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයි අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද (28) පැවැසීය.