(නිමල කොඩිතුවක්කු)
කරූ ජයසූරිය මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවූ නායකයෙක් ලෙස ඔහු පිළිබ`ද විශ්වාසය තැබිය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.
ඉදිරි ජනාධිපතිවරණයේදි යම් කිසි අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂය නොමැතිව ගමනක් යාමට සිතන්නේ නම් ඔහුට පොලේ ගිය නයාට සිදුවූ දෙයම වනු ඇති බවත් මන්ත‍්‍රිවරයා සදහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.
‘‘ලබන සතියේදී කෘත්‍යාධිකාරි මණ්ඩළය රැස්කිරීමට නියමිතයි. එහිදී අපේ අපේකෂකයා නම් කිරීමට නියමිතව තිබෙනවා. ජයග‍්‍රහණය කරන්න පුලූවන් සුදුසුම අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා.
අපේ පක්ෂයේ කිසිම ඝට්ඨනයක් සහ අරගලයක් නැහැ. අපි සුයලූදෙනාම බොහෝම සාමකාමීව සහ සුහදව කටයුතු කරනවා.
ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වෙන්න කියලා කරූ ජයසූරිය මහතාගෙනුත් සිවිල් සංවිධාන, මහානායක හිමිවරුන් දේශපාලන සංවිධාන ඇතුලූ බොහෝ දෙනා ආරාධනා කර තිබෙනවා.
විධායක ජනාධිපතිධුරය සැබවින්ම ඉවත් කිරීමට එතුමා එකඟ වෙලා මේ වගකීම භාර ගෙන තිබෙනවා. 1978 මේ විධායක ජනාධිපතිධුරය ඇති කරයින් පස්සේ එතැන් සිට සියලූම දේශපාලන පක්ෂ මේ විධායක ජනාධිපතිධුරයට බැන්නා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සිට අද රටේ ජනාධිපතිධුරයේ ඉන්න ඉන්න මෛත‍්‍රීපාල සිරිසේන දක්වාම විධායක ජනාධිපති ධුරය විවේචනය කළා.
මෛත‍්‍රිපාල සිරිසේන මහතාත් මෙතෙන්ට ආවේ විධායක ජනාධිපතිධුරය අතහරිනවා කියලා. හැබැයි ඔහු තවම ඒක බදාගෙන ඉන්නවා. කරූ ජයසූරිය කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි ඔහු කියූ දෙය කළ නායකයෙක්. ඒක අපිට බොහොම වගකීමෙන් කියන්න පුලූවන්.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවූ නායකයෙක්‘