IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘‘ජනපති අපේක්ෂකයා තේරීමේ කිසිම අර්බුදයක් නෑ‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිවේදනය කිරීමේ කිසිදු අර්බුදයක් හෝ ප්‍රමාදයක් හෝ නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (25) පස්වරුවේ පැවැසීය.

ජනාධිපති අපේක්ෂකයා ගැන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සංවාදයක් ඇති කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේය.

කොළඹ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම කරුණු සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේ ද පැවැසීය.

      “මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේදී දේශපාලනය කතා කරන්න මම කැමැති නැහැ. එය සුදුසු නැහැ වගේම මෙතැන දේශපාලනය කතා කරන එක වැරැදියි. හැබැයි මේ ටික කියන්න ඕනේ.

තව පැය 24ක් තියෙනවා. අපි මාස දෙකක් විතර දැඟලුවනේ. තව පැය 24ක් ඉවසන්න. ඉක්මනට තෝරලා එවයි.

ජනාධිපති අපේක්ෂකයා තේරීමේ කිසිම අර්බුදයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපති අපේක්ෂයා තේරීම පිළිබඳ සාකච්ඡාවක් ඇති කරලා තියෙන්නේ අපේ පක්ෂය විතරයි. ජනතාව මෙය තේරුම් ගන්න ඕනේ.

උදාහරණයක් විදියට ඇමෙරිකාව ගන්න. අද ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට එමපක්ෂයේ දහ දොළොස් දෙනෙක් පොරකනවා. සති දෙක තුනකට සැරයක් රූපවාහිනි සංවාදවලට වැඩසටහන්වලට ඇවිල්ලා චෝදනා කරනවා, විවාද කරනවා, විවේචන කරනවා. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදය.

එංගලන්තයේ තෙරේසා මේ අගමැතිය අස්වුණාම කන්සවටිව් පක්ෂයේ හය හත් දෙනෙක් පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට සටන් කළා. අන්තිමට එක්කෙනෙක් ඊට පත්වුණා.

ඒ වගේම නායකයා පත් කිරීමේ කිසිදු ප්‍රමාදයක් නැහැ. අපි ප්‍රජාත්‍රන්තවාදී සටනක් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපේක්ෂකයා තෝරාගෙන ඉවරයි. වේලාසනින් පැනලා දීපු අය අද අමාරුවේ වැටිලා. අපිට කිසිදු ප්‍රමාදයක් නැහැ. අපේ ටයිමින් නියමයි.අපි හැමදේම කරන්නේ වෙලාවට.ඒ වගේම තවත් කියන්න දෙයක් තියෙනවා. අපි රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුප් ගෙවන්න තීරණය කරලා තියෙනවා. එහෙම කරපු ලෝකයේ තවත් රටක් තියෙනවද කියන්න. අපි මෙච්චර ප්‍රශ්න සහ වියදම් තිබියදී රණවිරුවෝ ඔවුන් කරපු සේවය සලකා බලා විශ්‍රාම වැටුප ජීවිතාන්තය දක්වා ගෙවීමට තීරණය කරලා තියෙනවා. අපි රණවිරුවන්ට අපිට කරන්න පුළුවන් උපරිම සාධාරණය කර තිබෙනවා.

මේ රණවිරුවෝ මීට මාස කිහිපයකට කලින් මා හමුවුණා. අපි මේ කැබිනට් පත්‍රිකාව දැම්මේ මීට සති කිහිපයකට කලින්. ඒක දැනගත්තුගමන් පිරිසක් මේ රණවිරුවන්ව පාරට දැම්මා. අපි මේ ප්‍රශ්නේ විසඳනවා කියන ආරංචිය දැනගත්තු ගමන් කට්ටියක් මේ අහිංසක ආබාධිත රණවිරුවන් පාරට දැම්මා.

මෙතැන තියෙන්නේ දේශපාලනය. දේශපාලන කුමන්ත්‍රණවල කොටස්කරුවන් වෙන්න එපා කියලා මම රණවිරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි රාජ්‍ය සේවකයන්ට වැඩි කරන්න පුළුවන් හැම සතයක්ම වැඩි කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නේ.

1948න් පස්සේ රාජ්‍ය සේවකයන්ගේ වැටප සියයට 107කින් වැඩි කරපු ආණ්ඩුවක් තියෙනවා නං මට කියන්න. ඒ නිසා අපි පුළුවන් හැම සතයක්ම වැඩි කරලා තියෙන්නේ”.

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (0)

‘‘ජනපති අපේක්ෂකයා තේරීමේ කිසිම අර්බුදයක් නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1592 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1382 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site