IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විශ්ව විද්‍යාවල - ව්‍යාපාරික ආයතන අතර සබඳතාවක් නිර්මාණය කළ යුතුයි

(හර්ෂණ තුෂාර සිල්වා)

විශ්ව විද්‍යාවල පර්යේෂණ සංවර්ධන අංශ සහ ව්‍යාපාරික ආයතන අතර ශක්තිමත් සබඳතාවක් නිර්මාණය කළ යුතුව ඇතැයි නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද (7) පස්වරුවේ පැවැසීය.

අද මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සුවිශේෂී සංධිස්ථානයකට පැමිණ ඇතැයි කී රවුෆ් හකීම් මහතා උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් සංවාදයක් ඇති වී ඇතැයි ද කීවේය.

‘ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (ලර්න්)’ හි 30 වැනි සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ සැමරුම් උත්සවය අමතමින් හෙතෙම එම කරුණු සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී එම විශේෂ සැමරුම් උත්සවය පැවැත්විණි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙසේ ද කීය.

“වසර 30කට මේ ආයතනය පිහිටවූ අවස්ථාවේදී මෙය මේතරම් වටිනා ආයතනයක් බවට පත්වේවි කිසිවකුත් හිතන්න නැතුව ඇති. මේ ආයතනය පසුගිය වසර 30ක කාලයේදී මේ රටේ ජනතාවගේ වගේම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා.

අද අපේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. කලාපයේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් සංවාදයක් ඇති වී තිබෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කලාපයේ රටවල කතාවක් ඇති වී තිබෙනවා. උසස් අධ්‍යාපනය අමාත්‍ය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආණ්ඩුව මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයත් ව්‍යාපාරික ලෝකයත් අතර සබඳතාවක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා. විශ්ව විද්‍යාලවල පර්යේෂණ හා සංවර්ධන අංශයක් තිබෙනවා. එම අංශ රටේ ව්‍යාපාරික ආයතන සමඟ කටයුතු කිරීම දිරිගන්වනවා. ඇතැම් විශ්ව විද්‍යාල සහ ව්‍යාපාරික ආයතන එම සබඳතාවලින් සුවිශේෂී හා උපරිම ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා. විශ්ව විද්‍යාලවල පර්යේෂණ හා සංවර්ධන අංශ සහ ව්‍යාපාරික අංශ වසර කිහිපයක් තිස්සේ එකට වැඩ කර තිබෙනවා. එහෙත් එයින් තවත් බොහෝ ප්‍රතිලාභ ලැබිය හැකියි. ඒ නිසා අපි මීට වඩා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. පලදායී උපාධිධාරීන් බිහි කිරීම පිළිබඳව ව්‍යාපාරික ක්ෂේත්‍රය වැඩි උනන්දුවක් දක්වන බව ද සිහිපත් කරන්න ඕනේ.  

තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. ලෝක බැංකුවේ ආධාර ඇතිව ද උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අපි බොහෝ දේ කර තිබෙනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයත් ව්‍යාපාරික අංශත් අතර සබඳතා ශක්තිමත් විය යුතුයි. මානව විද්‍යා සහ සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍ර කෙරෙහි ද අපි අවධානය යොමු කර තිබෙනවා. විශ්ව විද්‍යාලවලින් ඒවායේ උපාධි ලබන සිසු සිසුවියන්ගෙන් අපි උපරිම පල නෙළා ගත යුතුයි.

මේ නිසා ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නැයි අපි විශ්ව විද්‍යාලවල දිරිගන්වා තිබෙනවා. මමත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාත් මාලදිවයිනට යනවා. සාර්ක් උසස් අධ්‍යාපන අමාත්‍ය සමුළුව මාලදිවයිනේ පැවැත්වෙනවා. එහිදි කලාපීය රටවල් අතර සමීප සබඳතාව සහයෝගීතාව ඇති කරගනිමින් එකිනෙකාගෙන් ඉගෙන ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

එකිනෙකාගෙන් ඉගෙන ගනිමින් සංවර්ධනය අත්පත් කරගැනීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කෙරෙනවා. කලාපීය උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වී තිබෙන බව මම කලින් ද ප්‍රකාශ කළා.
ඒ වගේම අපේ විශ්ව විද්‍යාවලට විදෙස් සිසුන් ඇතුළත් කරගැනීම ද දිරිගන්වනවා. එය ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. එහෙත් විදෙස් සිසුන් බඳවා ගැනීමෙන් අපේ විශ්ව විද්‍යාවල ගුණාත්මකභාවය මෙන්ම ශ්‍රේණිගත කිරීම් ද ඉහළ නංවා ගැනීමට පුළුවන්.

 


උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකබව සහ තත්ත්ව ආරක්ෂණ කොමිෂන් සභාව ගැන ද මේ දිනවල කතාබහ ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විවේචන ද එල්ල වුණා. එය මේ දිනවල මතභේදාත්මක මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවෙන් පිටස්තර එහෙත් උචිත ආයතනයක් මගින් ගුණාත්මකබව සහ තත්ත්ව ආරක්ෂණ කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගැනීමට එවැන්නක් අවශ්‍යයි. එමගින් විශ්ව විද්‍යාලවල ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගන්න පුළුවන්. අපි ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විවිධ පාර්ශව සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.

වසර පහක් තුළ පත්වූ සිවුවැනි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස බොහෝ දේ කර තිබෙන බව ද අභියෝග රැසක් තිබෙන බව ද මම සිහිපත් කරන්න ඕනේ” යැයි හෙතෙම තවදුරටත් කීවේය.

 



අදහස් (0)

විශ්ව විද්‍යාවල - ව්‍යාපාරික ආයතන අතර සබඳතාවක් නිර්මාණය කළ යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site