IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය එළිදකී

(මුදිතා දයානන්ද)
       
ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ඇතුළත් සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය ජනාධිපතිධූර අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදි අද (15) එළිදැක්වීය.
       
මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පිටපතක් සංකේතාත්මකව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක, අනුර දිසානායක මහතා විසින් වෛද්‍ය රොහාන් සුරවිර මහතා වෙත පිළිගන්වනු ලැබීය.
       
‘ගුණාත්මක සෞඛ්‍ය සේවයක්, නිරෝගී පුරවැසියෙක්’ යන තේමාව යටතේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඉදිරිපත් කළේය. රජයේ රෝහල්වලින් පිටත පවතින සෞඛ්‍ය සේවාව යළි රෝහල තුළට ගෙන ඒම, මුදල් නැති කමින් ප‍්‍රතිකාර ලබාගත නොහැකිව පුරවැසියන් මිය යාම වළක්වා ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ වගකීම රජයට පවරා ගැනීම, බරපතල බෝ නොවන රෝගලවලට ගොදුරුව ශල්‍යකර්මවලට භාජනය කළ යුතු රෝගීන්ට රෝගි තත්ත්වය අනුව මාසයක් හෝ දෙකක් ඇතුළත ශල්‍යකර්මවලට යොමු වීමට අවස්ථාව ලබාදීම, රෝහල් අතර සම්බන්ධීකරණය පවත්වාගනිමින් රෝගීන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීම, රෝගින්ගේ දත්ත පරිගණක ගත කිරීම මගින් කිසියම් බරපතල රෝගී තත්ත්වයකදී ඔහු හෝ ඇය ප‍්‍රතිකාර ලබන රෝහල කුමක් වුවද මූලික රෝගී තත්ත්වයන් පරිගණක මගින් පරීක්ෂා කර ප‍්‍රතිකාර ලබාදීමට හැකියාව ඇති කිරීම, ජනතාව රෝගීවීමට ප‍්‍රධාන සාධකයක් වන ආහාර සුපිරිසිදුව ලබාදීමට රජයේ මැදිහත් වීම, අන්තර්කාලීන ක්‍රියාමාර්ගයවක් ලෙස පෞද්ගලික සෞඛ්‍ය සේවය නියාමනය කිරීම, ග‍්‍රාමීයව පවුල් වෛද්‍යවරයෙක් නිර්මාණය කිරීම, අනාගත ආයෝජනයක් සේ සළකා සෞඛ්‍ය සඳහා දළ ජාතික ආදායමෙන් 5%ක් වෙන් කිරීම ඇතුළු යෝජනා රැසකින් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සමන්විත වේ.
 

මෙහිදී අදහස් දැක්වු ජාතික ජනබලවේගයේ ජනාධිපිතධූර අපේක්ෂක අනුර දිසානායක මහතා කියා සිටියේ මුදල් නැතිකමින් ඇතැම් පුරවැසියෙක් ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකිව මිය යද්දී තවත් පුරවැසියෙක් සෙම්ප‍්‍රතිශ්‍යාවටත් සිංගප්පුරුවෙන් ප‍්‍රතිකාර ලබාගන්නා සමාජ විෂමතාවය නැති කර සෑම පුරවැසියෙකුටම මෙරටදී ප‍්‍රතිකාර ලබාගත හැකි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම තමන්ගේ අරමුණ බවය.
       
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප‍්‍රධාන වංසගත රෝග විද්‍යාඥ, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා ලේකම් ලෙසත්, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහජන සෞඛ්‍ය අංශයේ මහාචාර්ය ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ක‍්‍රිෂාන්ත අබේසේන මහතා සභාපතිත්වය දරණ සෞඛ්‍යප‍්‍රතිපත්ති සම්පාදන කමිටුව විසින් මෙම සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය සම්පාදනය කර තිබේ.



අදහස් (0)

ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 245 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 436 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site