IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


‘රාජපක්ෂ කල්ලිය ජනපති පුටුව ඉල්ලන් ආවේ ලේ සෝදාගෙනද?’

(අංජුල මහික වීරරත්න)
 
අද රාජපක්ෂ කල්ලිය සුදු ඇඳගෙන යළිත් ජනාධිපති පුටුව ඉල්ලාගෙන පැමිණ ඇත්තේ ඇඟපුරා තැවරුණු ලේ සෝදාගෙනදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජුබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද(22) පැවැසීය.
 
ඝාතනයට ලක් වූ සුදු වෑන් වලින් අතුරුදන් වූ පවුල්වල ඉතිරි වී සිටින දරුදැරියන්ගේ කඳුළුවත් වේලී නැති හෙයින් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව ඔවුන්ට හොඳ පිළිතුරක් දෙනු ඇතැයිද රහුමාන් මහතා කීය.
 
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීය.
 
“යහපාලන රජය බලයට පත්වී වසර 4ක් පිරෙනවා. එහි ප්‍රගතිය දෙස බලනවිට අපට පෙනී යන කාරණාව වෙන්නේ ජනතාව බලාපොරොත්තු වුණු සියල්ල අත්පත් කරගන්නට නොහැකි වූවත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඉදිරියට යාමට හැකි වාතාවරණයක් බිහිකර ගැනීමට හැකිවී තිබෙන බවයි.
 
අප රට බාරගන්නා විට  තිබූ තත්ත්වය ජාත්‍යන්තර අප්‍රසාදය ගැන අප දන්නවා. වර්තමානය සමග එය සසදන විට අප රටක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා” යැයිද ඒ මහතා පැවසීය.



අදහස් (0)

‘රාජපක්ෂ කල්ලිය ජනපති පුටුව ඉල්ලන් ආවේ ලේ සෝදාගෙනද?’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 108 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site