IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ඔළුගෙඩි මාරුවකින් බලය ගන්න පොහොට්ටුව උත්සහ ගන්නේ නෑ’

(නාලක සංජීව දහනායක)

ජනාධිපතිවරණයකින් හෝ ජාතික මැතිවරණයකින් මිස පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් බලය ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ නොදරන බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි කංචන විජේසේකර මහතා අද (22) පැවැසීය.

තවත් දින 89න් පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තම පක්‍ෂය අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරන බැවින් කෙටි ක‍්‍රම මඟින් බලය ලබාගැනීමට තමන්ට වූවමනාවක් නැතැයි ද මන්ත‍්‍රීවරයා කීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාගැනීම වෙනුවෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර දී පවත්වනු ලබන ජනරැලියේ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ හා ලොතරයි මණ්ඩලයේ රථවාහන විශාල ප‍්‍රමාණයක් දැනටමත් මාතර දිස්ත‍්‍රික්කය පුරාම සැරිසරන බව කී විජේසේකර මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ අංශ වෙත පැමිණිලි කරන බවද පැවැසීය.

එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයෙන් මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින බුද්ධික පතිරණ හා සාගල රත්නායක මහත්වරුන් ද එම වේදිකාවට ගෙන්වා පෙන්වන ලෙසට තමන් මංගල සමරවීර අමාත්‍යවරයාට අභියෝග කරන බවද කංචන විජේසේකර මන්ත‍්‍රීවරයා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේය.

 



අදහස් (0)

‘ඔළුගෙඩි මාරුවකින් බලය ගන්න පොහොට්ටුව උත්සහ ගන්නේ නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 414 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16776 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site