‘‘රන්ජන් කළ දේ රන්ජන්ටම පරාවළල්ලක් වෙලා‘‘ හඬපට පටිගත කරමින් රන්ජන් රාමනායක මහතා කටයුතු කළ ආකාරය හරියි කියා තමන් අනුමත නොකරන බවත් ඔහු සිදුකළ දේ අවසානයේ ඔහුටම පාරාවළල්ලක් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 08 January 2020
‘හඬපට වලට මුවා වී රජය ජනතා ප්‍රශ්න අමතක කරන්න හදනවා‘ නමුත් වත්මන් රජය හඬපටවලට මුවා වී ජනතා ප්‍රශ්න අමතක කිරීමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසීය. 08 January 2020
ඉරානයේ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයෙකු ඝාතනය වීමත් සමඟ, මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 07 January 2020
‘හිටිහැටියේ ගේන අරුම පුදුම ව්‍යවස්ථා ගැන අවංකත්වයක් දකින්න බැහැ‘ ජනාධිපතිවරයාගේ තිබූ බලතල කප්පාදු කර රටට නොගැලපෙන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ ඇතැම් පුද්ගලයන් හිටි හැටියේ අරුම පුදුම ව්‍යවස්ථා සංශෝධන ඉදරිපත් කිරීම ගැන අවංකත්වයක් දැකිය නොහැකි බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා කොළඹදි අද(05) පැවැසීය. 05 January 2020
නිදහස් වීසා අප්‍රේල් 30 තෙක් දිගු කරන්න යයි රටවල් 48 ක් සදහා ලබාදී තිබූ නිදහස් වීසා කාලය අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 January 2020
ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කරන්න උත්සහ කළේ නෑ ස්විට්සර්ලන්තය කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට හානි කිරීමට අදහස් කළේ නැතැයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 31 December 2019
‘විපක්ෂයේ මන්ත්‍රීව දඩයම හෙළා දකිනවා’ - හිරුණිකා ආණ්ඩුවේ අඩුපාඩු ජනතාව අතරට යැවීමට සිටින විපක්ෂයේ ප්‍රබල මන්ත්රීවරුන්ව අනවශ්‍ය චෝදනා නඟමින් සිරගත කරන ආණ්ඩුවේ වැඩපිළිවෙළ තරයේ හෙළා දකිනවා යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (27) පැවසුවාය. 27 December 2019
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත බව ඇමැති කියයි දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වී ඇතැයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසීය. 26 December 2019
මහ මැතිවරණයට වාමාංශික පක්ෂ එක්වූ සන්ධානයකින් තරග කරනවා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා වාමාංශික පක්ෂ කිහිපයකින් සැදුම්ලත් සන්ධානයකින් තරග කරන බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (24) සදහන් කළේය. 24 December 2019
එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම්වරිය දිනේෂ් ගුණවර්ධන හමුවෙයි දැනට ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පවත්වා ඇත. 24 December 2019
ගුරු සංගමයෙන් චෝදනාවක් උසස් වීම් ලද ගුරුවරුන්ට ලැබිය යුතු වසර නවයක හිඟ වැටුප් ගෙවීම අධ්‍යාපන අමාත්‍යංශයත් පළාත් සභාත් වසර අටක් තිස්සේ මඟහරිමින් සිටින බව ලංකා ගුරු සංගමය පවසයි. 24 December 2019
‘පාඨලී අත්අඩංගුවට ගැනීම ප්රජාතන්ත්රවීරෝධීයි’ පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමෙන් වත්මන් ආණ්ඩවේ ඒකාධිපති, ප්රජාතන්ත්රවිරෝධී වැඩපිළිවෙළ පැහැදිලි වන බවත් මහජන නියෝජිතයන් ලෙස ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ දැඩි ලෙස හෙළා දකින බවත් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් වූ පළාත් පාළන නියෝජිතයන්ගේ සංසදය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අද (22) පැවසීය. 22 December 2019
නිලධාරිනිය අත්අඩංගුවට ගැනීම ස්විට්සර්ලන්තයට දන්වයි කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිලධාරිනිය අත්අඩංගුවට ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නසියෝ කැසීස් මහතා නිල වශයෙන් දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී. 19 December 2019
‘ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියට කාර්යාලයෙන් ඉවත් කිරීමට සිදු වේවි‘ ස්වීස් තානාපති කාර්යාලයේ සිද්ධියට අදාල නිලධාරිනියට එම තානාපති කාර්යාලයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන්නට පවා සිදුවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 17 December 2019
නඩු කටයුතුවලට අදාළ ජනමාධ්‍ය ප්‍රචාර ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක් අධිකරණය ඉදිරිපිට විමසීමට ලක් වෙමින් පවත්නා හා විනිශ්චය කර අවසන් වී ඇති නඩු කටයුතු වලට අදාළව මෙන්ම යම් යම් විනිශ්චයකාරවරුන්ගේ සහ රජය නියෝජනය කරන්නා වූ මෙන්ම තම සේවාදායකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින්නා වූ නීතිඥවරුන්ට අදාළව ජනමාධ්‍ය මගින් ප්රචාරයට පත් වූ යම් ප්‍රකාශ තරයේ හෙලාදකින්නේ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 16 December 2019
රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු කල් නොදමන්නැයි ඉල්ලීමක් රාජ්‍ය සේවකයන්ගේ ස්ථාන මාරු ජනවාරි 1 වැනිදා සිට කල් නොදමා ක්‍රියාත්මක කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලියු.එච්. පියදාස මහතා අද (13) ප්‍රකාශ කළේය. 13 December 2019
අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නොගන්නැයි ඉල්ලීමක් 1986 ජාතික අධ්‍යාපන විද්‍යායතන පනත අනුව අධ්‍යාපන විද්‍යාපීඨවලට සියලුම ගුරුවරුන්ට උපාධි ප්රදානය කළ හැකි යැයි ද ප්රශ්නය උද්ගතව ඇත්තේ පනත නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙහි යැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට අද(12) පැවැසීය. 12 December 2019
‘සහල් මිල ඉහළගියේ සහල් මාෆියාව ශක්තිමත් වූ නිසයි’ පසුගිය රජය මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළ ශක්ති සහල් වැඩපිළිවෙළ විනාශ කර සහල් මාෆියාව යළි ශක්තිමත් කිරීම වෙළඳපොළේ සහල් මිල ඉහළ යාමට හේතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට අද(12) පැවැසීය. 12 December 2019
‘පරිණත නායකත්වයක් තුළින් මහමැතිවරණය ජය ගන්න සැළසුම් කරනවා‘ පරිණත නායකත්වයක් තුළින් සියලූ දෙනා ඒකරාශී කරගනිමින් ශක්තිමත් බලවේගයක් ලෙස ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරිමට සැලසුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. 11 December 2019
දේශපාලන පළිගැනීම් ගැන සොයන්න ජනපති කොමිසමක් දේශපාලන පලි ගැනීම්වලට ලක්වූ රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවයේ සියලූ දෙනාට සහන සැලසීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට රජය තීරණය කර ඇත. 06 December 2019
‘ මහ මැතිවරණයකට පෙර පො.එ.පෙ ප්‍රති සංවිධානය කරනවා‘ මහ මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 05 December 2019
‘ස්විස් නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධිය ගැන ඇත්ත රටට හෙළිකරන්න’ ‘ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් ලවා විවිධ ප්‍රකාශ නිකුත් නොකර සාධාරණ නිවැරදි පරීක්ෂණයකින් රටට ඇත්ත හෙළි කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (04) පැවසීය. 04 December 2019
සුජිත් අක්කරවත්ත එජාපය පරාජවීමට හේතු කියයි බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර නොගැනීම සහ 2015 බලයට පැමිණිමට උපකාර කළ සංවිධානවල ක්‍රියාකාරිත්වය අඩුවීම මෙවර ජනාධිපතිවරණයේ පරාජයට හේතු වූ බව ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත මහතා කොළඹදී අද (03) පැවැසීය. 03 December 2019
වමේ කෙන්ද්‍රයේ කැඳවුම්කරු ජනතාවගේ නිදහස අපේක්ෂා කරයි අලූත් දේශපාලන සංස්කෘතියක් පිළිබද කතා කරන වර්තමාන ජනාධිපතිවරයා එම දේශපාලන සංස්කෘතිය තුළ ජනතාවගේ නිදහස ප්රජාතන්ත්රවාදය සහ විරුද්ධවීමට තිබෙන නිදහස් භාවය ආරක්ෂා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව වමේ කේන්ද්‍රයේ සම කැදවුම්කරු චමීර පෙරේරා මහතා කොළඹදී අද (03) පැවැසීය. 03 December 2019
ටැබ් ලබාදීම අත්හිටුවීමට ගත් තීරණයට අකිලගේ නොසතුට උසස් පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් තීරණය සිදු නොවිය යුත්තක් බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 02 December 2019
‘අපි ලබාදුන් නිදහස ටික කාලයකින් ජනතාවට තේරේවි’ “කවදාහරි ලූණු වල රහ දැනෙන්නේ හොද්දට ලූණු අඩුවුන දවසටයි. ලූණු තියෙනවනම් කවදාවත් ලූණු ගැන කතා කරන්නේ නැහැ හොද්දේ රහ ගැනයි කතා කරන්නේ. ඒවගේ තව ටික දවසක් යනවිට අපි ලබාදුන්නු නිදහසේ රඟ ජනතාවට තේරෙයි’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය. 02 December 2019
රාජපක්ෂ පාලනයේ පෙර තිබූ හිරිහැර යළි අරම්භවෙමින් පවතින බව රංගේ බණ්ඩාර කියයි 2015ට පෙර පැවති රාජපක්ෂ පාලන සමය සිහිපත් කරමින් යළි රාජ්‍ය නිලධාරින්ට, මාධ්‍යවේදීන්ට, තානාපති නිලධාරින්ට හිරි හැර කිරීම් ආරම්භ වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. 27 November 2019
දැනට ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර සහනදායී පොලී අනුපාත යටතේ ක්‍රියාත්මක ණය යෝජනා ක්‍රම නැවත සමාලෝචනය කර ඵලදායි ලෙස නැවත ක්‍රියාත්මක කිරීමට මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 26 November 2019
‘දුෂණ චෝදනා ඇති අයට අමාත්‍යංශ ලේකම් තනතුරු එපා’ යහපත් තීරණ අනුව රට මෙහෙයවීමේ ප්‍රධාන භූමිකාවක් හොබවන අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ දී දූෂණ චෝදනා එල්ල වූ හෝ ජනාධිපතිවරණ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ හෝ රාජ්‍ය නිලධාරින් පත් නොකිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පැෆරල් සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. 26 November 2019
‘හැදිච්ච මිනිස්සු එක්ක ඉදිරියට යනවා මිස මිනිස්සු හදන්න බෑ’ රට හදන්නට මිනිසුන් හද හදා සිටින්නට වෙලාවක් නැති බැවින් හැදිච්ච මිනිසුන් සමඟ රට පෙරට ගෙන යන්නට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි දේශය සුරැකිමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ. 24 November 2019
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025