IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ස්විස් නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධිය ගැන ඇත්ත රටට හෙළිකරන්න’

(මුදිතා දයානන්ද)
 
‘ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් ලවා විවිධ ප‍්‍රකාශ නිකුත් නොකර සාධාරණ නිවැරදි පරීක්ෂණයකින් රටට ඇත්ත හෙළි කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (04) පැවසීය.
 
ඔහු මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, ශ්‍රී සුභූති මාවතේ පිහිටි අවකාශ මධ්‍යස්ථානයේදී පැවති ජාතික ජනබලවේගයේ මාධ්‍ය හමුවකදීය.
 
තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
 
“ස්විස් තානාපති කාර්යාල සිදුවීම බොරුවක් නම් එය වුවද රටට හෙළි කරන්න වෙන්නේ පරීක්ෂණයකින් පමණයි. මේ සම්බන්ධයෙන් ඇත්ත නැත්ත දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබෙනවා.
 
ගොරකා දඩමස් කරන දඩමස් ගොරකා කරන යුගයක් මේක. වැරදිකරුවන් නිවැරදිකරුවන් වී, ඔවුන් ගැන විමර්ශන කළ නිලධාරින් වැරදිකරුවන් බවට පත්වෙන, විකල්ප මාධ්‍ය මර්දනය කරන, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනකට ආණ්ඩුව මුලපුරා තිබෙනවා.
 
ජනාධිපතිවරණය පැවති කාලයේ බොහෝ දෙනා අතර මතයක් ඇති වුණා ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණොත් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති වෙයිද කියලා. ගෝඨෘභය මහත්තයාලාගේ පැත්තේ උදවිය හැමවිටම උත්සාහ කළා එහෙම වෙන්නේ  නැහැ කියලා කියන්න. ඒත් බලයට ඇවිත් වැඩි දවසක් යන්න වුණේ නැහැ, විකල්ප මාධ්‍ය ආයතනවලට මර්දනය ආවා. ඒවායේ වැඩ කළ අයගෙන් පැය දහය දොළහ ප‍්‍රශ්න කරන්න පටන් ගත්තා. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගිහින් ප‍්‍රශ්න කර නැවත ගෙනත් දැම්මා කියලා චෝදනාවක් එල්ල වෙනවා. මේ සියල්ල ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනි දේවල්.
 
බලයට ආපු ගමන්ම ගැසට් පත‍්‍රයක් නිකුත් කළා යුධ හමුදාවට සිවිල් බලතල ලැබෙන ආකාරයට. හමුදාව සිවිල්  සේවයට කැඳවන්නේ සිවිල් යුද්ධයක් හෝ, කැරළි තත්ත්වයක් හෝ ආන්ඩුවට පාලනය කළ නොහැකි වෙනත් කලබලකාරි තත්ත්වයක් පවතින අවස්ථාවකදි එයට මුහුණ දීම සඳහායි. එහෙත් අද එවැනි තත්ත්වයක්  නැහැ. මේ සිය්ලල මිලිටරිකරණයට ලක්වු පාලනයක ලක්ෂණ. ජනතාව බිය වද්දා කට වහලා තමන්  ඕන දේ කරගෙන යන්නයි මේ උත්සාහ කරන්නේ.
 
විනය හදන්න හමුදාවක් අවශ්‍යයි කියලා සමහරු කියනවා. රටක් විනය ගරුක විය යුතුයි. එහෙම කරපු රටවල් අපි දැක තිබෙනවා. ඒ මේ විදිහට පාරට හමුදාව කැඳවලා කසේ අරන් ජනතාව පාලනය කරලා නෙවෙයි. ස්වේච්ඡාවෙන්ම ජනතාව තුළ ඒ හැඟීම ඇති වෙන්න  ඕන.

මේ ඇතිව තිබෙන මර්දනකාරි ත්ත්වයට ජාතික ජනබලවේගය ලෙස අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. එයට නිහඬව ප‍්‍රතිචාර නොදක්වා සිටීමෙන් හෙට ඔබේ ගෙදරට ඇවිත් තට්ටු කරන තත්ත්වයක් ඇති වෙන්න පුලූවන්. මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් හැටනව ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාව නොවේ” යැයි ටිල්වින් සිල්වා මහතා පැවසීය.



අදහස් (0)

‘ස්විස් නිලධාරිනිය පැහැරගැනීමේ සිද්ධිය ගැන ඇත්ත රටට හෙළිකරන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site