IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නිලධාරිනිය අත්අඩංගුවට ගැනීම ස්විට්සර්ලන්තයට දන්වයි

( තිළිණි ද සිල්වා)

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිලධාරිනිය අත්අඩංගුවට ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය  ඉග්නසියෝ කැසීස් මහතා නිල වශයෙන් දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.
 

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාව දුරකථනය ඔස්සේ අමතමින් මෙම දැනුවත් කිරිම සිදු කර ඇති බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 
 මෙම දුරකතන සංවාදයේදී ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශ නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව අවධානය යොමු කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ජාතික නීතිය සහ ජාත්යපන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව සිදු කර ඇති බවයි.
 
දණ්ඩ නීති සංග‍්‍රහයේ රජයට අප‍්‍රසාදය පල කිරිම පිළිබඳ සාපරාධී චෝදනාව මත දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 සහ 190 වගන්තිය යටතේ අදාල නිළධාරිනිය අතඅඩංගුවට ගැනීම සිදු කර ඇති බව මෙරට විදේශ අමාත්‍යවරයා ස්විස් විදේශ ඇමති වෙත මෙහිදී පෙන්වා දී ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
 
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිධාරිනි ගානියා බැනිස්ටර් ෆ්රැයන්සිස් මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවත් රටේ නීතියට අනුව ඇය සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගනු ලබන්නේ යැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම දුරකතන සංවාදයේදී පවසා ඇත.
 
 ෆ‍්‍රැන්සිස් මහත්මියට සියලූ පහසුකම් ලබාදී ඇති අතර ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට සහතික වන බව විදේශ සබඳතා අමාත්‍යවරයා ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාට ප‍්‍රකාශ කර ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
 
 සිද්ධිය පළමුවෙන් වාර්තා වූ දිනයේ සිට ෆ‍්‍රැන්සිස් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිම දක්වා කාලය තුළ ගෙන ඇති සියලූ පියවර ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සිදු කර ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත.
 

දෙරට අතර ඇති ද්විපාර්ශක සබඳතා සැලකිල්ලට ගනිමින් අදාල ක‍්‍රියාවලිය කඩිනම් කිරිම සඳහා ගත හැකි සෑම සහයෝගක්ම ලබා දෙන බව ස්විසර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය  ඉග්නිෂියෝ කැසීස් මහතා මෙම දුරකතන සංවාදයේදී ප‍්‍රකාශ කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කර සිටී.



අදහස් (0)

නිලධාරිනිය අත්අඩංගුවට ගැනීම ස්විට්සර්ලන්තයට දන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site