(බිඟුන් මේනක ගමගේ)
1986 ජාතික අධ්‍යාපන විද්‍යායතන පනත අනුව අධ්‍යාපන විද්‍යාපීඨවලට සියලුම ගුරුවරුන්ට උපාධි ප්‍රදානය කළ හැකි යැයි ද ප්‍රශ්නය උද්ගතව ඇත්තේ පනත නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙහි යැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට අද(12) පැවැසීය.
එය නොකොට අධ්‍යාපන විද්‍යා පීඨ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යටත් කිරීමෙන් සිදුවෙන්නේ ගුරු වෘත්තියෙහි සුවිශේෂී කාරණා යටපත්වීම යැයි ස්ටාලින් මහතා චෝදනා කළේය.
දැනට අධ්‍යාපන විද්‍යාපීඨ 24 ක් පැවැතිය ද එයින් ගුරු පුහුණුව සිදුකෙරෙන්නේ 7ක පමණකැයි ද ස්ටාලින් මහතා කීය.
ගුරු සංවර්ධනයට ආරම්භ කළ ආයතන හැටියට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අනන්‍ය වූ අරමුණක් ඇතැයි ද පැවැති ආණ්ඩු කිසිවක් එම අරමුණු සාක්ෂාත් කරගැනීමට කැපවූයේ නැතැයි ද ස්ටාලින් මහතා සඳහන් කළේය.
ඒ අනුව අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල පීඨ බවට පත්කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව හා 1986 ජාතික අධ්‍යාපන විද්‍යාතන පනත නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සමග ලංකා ගුරු සංගමය ඉක්මනින්ම සාකච්ඡා කරන්නේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නොගන්නැයි ඉල්ලීමක්