(නිමල කොඩිතුවක්කු)
“කවදාහරි ලූණු වල රහ දැනෙන්නේ හොද්දට ලූණු අඩුවුන දවසටයි. ලූණු තියෙනවනම් කවදාවත් ලූණු ගැන කතා කරන්නේ නැහැ හොද්දේ රහ ගැනයි කතා කරන්නේ. ඒවගේ තව ටික දවසක් යනවිට අපි ලබාදුන්නු නිදහසේ රඟ ජනතාවට තේරෙයි’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය.
වත්මන් රජය යන දිශාව පිළිබඳ නිර්වචන ලබාදීමට දැන්ම ඉක්මන් නොවන බවත් පැවසූ මන්ත‍්‍රීවරයා ජනතාව ලබාදුන් ජනවරම අයුතු විදියට පාවිච්චි කරන්න එපා කියා රජයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කලේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.
‘‘2015 ඉඳලා අපේ රජයේ යම් යම් දුර්වලතා තිබුණත් අපි මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ බවට සියලූම දෙනා පිළිගන්නවා. අපි මිනිස්සුන්ට බියකින් සැකයකින් තොරව නිදහසේ ජීවත්විමේ අයිතිය ලබාදුන්නා. ඒක දකුණට පමණක් නෙමෙයි උතුරටත් ඒ විදියටම ලබාදුන්නා. තුන්වැනි එක තමයි අපි මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තහවුරු කළා.
ස්වාධීන අධිකරණය මගින්, ස්වාධීන කොමිෂන් සභා මගින් අපි මේ දේවල් ලබාදුන්නා. ඒ වෙනුවෙන් අපේ රජය විශාල වැඩකොටසක් කළා. දැන් පහුගිය මැතිවරණය ප‍්‍රචණ්ඩක‍්‍රියාවලින් තොරව සාමකාමීව සිදුවුණා. වෙනදා මැතිවරණ පවත්වද්දී මෙච්චර ප‍්‍රචණ්ඩක‍්‍රියා සිදුවුණා කියලා පුවත්පත්වල වාර්ථා කරනවා. කොච්චර හරි ජනතාවට තේරුනෙත් නැහැ මැතිවරණයක් පවත්වනවා කියලා. ඒ තරම් සාමකාමී තත්වයක් රටේ පැවතුණා.
ඒ වගේම උතුරේ එදා බියෙන් සැකෙන් ජීවත් වූ ජනතාව අපේ ආණ්ඩුවට විරුද්ධව පාරට බැහැලා විරෝධතා, උද්ඝෝෂණ කළා. අවුරුදු 35කට පමණ පස්සේ තමයි ඒ ජනතාවට නිදහස ලැබුණේ.
මේ රජය බලයට පත් වෙලා මේ කෙටිකාලය තුළදීම කියනවා මේ නිදහස ලබාදුන් ක‍්‍රමවේදය අපි වෙනස් කරනවලු. ඊළඟට කියනවා මේ දේශපාලන පත්වීම්වලට අපි එකඟ නැහැ අපි වෙනම කමිටුවක් දාලා වෘත්තීයවේදීන් තෝරනවලූ. මේකම තමයි අපි 19 වැනි සංශෝධනයෙන් කළේ.
අපි ලබාදුන් මේ නිදහස මේ රටේ මිනිස්සු අවුරුදු පහකට කිට්ටු වෙන්න භුක්තිවින්දා. නමුත් කතාකළේ වෙන වෙන දේවල් නිසා න්‍යායපත‍්‍රය වෙනස් වුන නිසා අපි පරාද වුණා. ජනතාව ඒවා ගැන එච්චර තැකීමක් කළේ නැහැ.
දැන් පහුගිය දිනවල මම සුදුවෑන් වල පිරිසක් ඉදිරිපත් කළාමත් ඒවා බොරුයි කිව්වා. 2015න් පස්සේ සුදුවෑන් නොතිබූ නිසා අපේ මිනිස්සුන්ට සුදුවෑන් සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අමතක වුනා. දැන් මේ ආණ්ඩුව පත්වෙලා සතියක් යන්න කලින් සුදුවෑන් එක ආවා.
සුදුවෑන් එකකින් ඇවිත් කාන්තාවක් ගෙනල්ලා ප‍්‍රශ්න කරලා තියෙනවා. අග‍්‍රාමාත්‍යතුමා කිව්වා ඒ අයට ඇවිත් කටඋත්තරයක් දෙන්න කියලා. දැන් ඒ කාන්තාව මානසිකව කඩා වැටිලා කතා කරගන්න බැරුව ඉන්නවා. එයාට කටඋත්තර දෙන්න තියා ගෙදර ඉන්න අයත් එක්කවත් කතා කරන්නේ නැහැ.
මේ ගැන ස්විට්සර්ලන්ත තානාපති කාරයාලය පැහැදිලි විමරශණයක් ඉල්ලුවා විතරක් නෙමෙයි ඒ මුළු පවුලම ස්විට්සර්ලන්තයට යවන්න හදනවා. අපේ අවුරුදු පහේදී කිසිම පුරවැසියෙකුට මේ වගේ තත්වයක් ඇති වුනාද කියලා අපි අහනවා. අපේ ආණ්ඩු කාලයේදී අපිට බයයි කියලා රට දාලා කවුරු හරි යන්න හැදුවද? කිසි දවසක එවැනි තත්වයක් ඇති වුනේ නැහැ.
අද සුදුවෑන් එනවා, වෙබ් අඩවි වලට පැනලා පරීක්ෂා කරනවා. හතරවෙනි තට්ටුවට කාන්තාවන් ගෙනිහින් ප‍්‍රශ්න කරනවා. මෙතනින් කරන්නේ රස්තියාදු කරලා යම් බියක් ඇති කිරීමයි.
මේ ජනාධිපතිතුමා පෙන්වන සරල භාවය ගැන අපි සතුටු වෙනවා. එතුමා අඳින ඇදුම්, විදේශ සංචාර වගේ මේ දේවල් හොඳයි. නමුත් මට තියෙන බිය තමයි මේවා එතුමන්ගේ මේ ක‍්‍රියාදාමය වසා ගැනීමට අඳින ඇඳුම් පැළඳුම්ද දන්නේ නැහැ.
එහෙම නැත්නම් එතුමා මේ වගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව යන්නේ නැතුව, 19 වැනි සංශෝධනයෙන් ලැබුනු නිදහස වෙනස් කරන්නේ නැතිව සුදුසුකම් සහිත පුද්ගලයන් ඒ තැනට පත්කිරීමේ ක‍්‍රියාදාමයේ ඉඳලා ඒ ලබා දුන් නිදහස දිගටම ක‍්‍රියාත්මක කරමින් නව රජයක් ගොඩනගනවනම් ඉතා හොදයි. එහෙම නැතුව ඒක පිරුවටයක් කරගෙන වෙනත් ක‍්‍රියාදාමයක් කරන්න යනවනම් ඒක මේ රටට ඉතාම නරකයි.
එහෙම දේශයක් ලෝකයා පිලිගැනීමට සූදානම් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස වෙනුවෙන් අපි ගෙනගිය වැඩසටහන ලෝකයා පිලිගත්තා.
රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ආවයි කියන මතය ජාත්‍යන්තරව ගියොත් නැවත අපි 2015ට කලින් තිබූ තත්වයට පත්වෙනවා. රටේ තිබුණු ආර්ථික තත්වයත් එක්ක එවැනි තතත්වයකට පත්වුනොත් අපිට විශාල අර්බුදයකට පත්වෙනවා.
මේ රජය යන දිශාව මේ පැත්තට කියලා අපි දැන්මම කියන්නේ නැහැ. ඒකට ඉක්මන් වැඩියි. නමුත් තමුන්ට දුන්න ජනවරම අයුතු විදියට පාවිච්චි කරන්න එපා කියලා අපි රජයට කියනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති
ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක‍්‍රියාත්මක
ශ්රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා
මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘අපි ලබාදුන් නිදහස ටික කාලයකින් ජනතාවට තේරේවි’