IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


නඩු කටයුතුවලට අදාළ ජනමාධ්‍ය ප්‍රචාර ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

(බිඟුන් මේනක ගමගේ)

අධිකරණය ඉදිරිපිට විමසීමට ලක් වෙමින් පවත්නා හා විනිශ්චය කර අවසන් වී ඇති නඩු කටයුතු වලට අදාළව මෙන්ම යම් යම් විනිශ්චයකාරවරුන්ගේ සහ රජය නියෝජනය කරන්නා වූ මෙන්ම තම සේවාදායකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින්නා වූ නීතිඥවරුන්ට අදාළව ජනමාධ්‍ය මගින් ප්‍රචාරයට පත් වූ යම් ප්‍රකාශ තරයේ හෙලාදකින්නේ යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අධිකරණයක් ඉදිරිපිට විමසීමට භාජනය වෙමින් පවත්නා නීති කෘත්‍යයන් ට අදාළව ප්‍රකාශයන් කිරීම පිළිගත් සම්ප්‍රදායන්ට පටහැනි අතර සබ්ජුඩ්සේ යන න්‍යාය ධර්මයට අනුකූලව යම් නීති කෘත්‍යයක පාර්ශවයන් විසින් හෝ තෙවන පාර්ශ්වයක් විසින් හෝ නීතිඥවරුන් විසින් එවන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු අතර මෙම න්‍යාය අපගේ නීති ක්‍රමය ආරම්භ වූ අවස්ථාවේ පටන් දිගින් දිගටම අනුගමනය කොට ඇති පිළිවෙතක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෑත අතීතයේදි පවා අධිකරණයන්හි කටයුතු අවසන් වී නොමැති නීති කෘත්‍යයන් සම්බන්ධයෙන් මෙන්ම යම් යම් විනිශ්චයකරුවන්ට අදාළව එවන් ප්‍රකාශයන් සිදු කොට ඇති බව සිය සංගමයේ නිරීක්ෂණය බවත් මෙම ක්‍රියාදාමය දිගින් දිගටම සිදුවෙමින් පැවතීම ඉතා කණගාටුදායක කරුණක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ඇතැම් අවස්ථාවලදී ඇතැම් නීතිඥවරුන් විසින් ද මෙවන් ආකාරයට කටයුතු කිරීම සිදුකොට ඇති බව නිරීක්ෂණය කරන අතර එම නීතිඥවරුන් ගේ ක්‍රියාකලාපය ද ඉතා කණගාටුදායක කරුණක් බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

විනිශ්චයකාරවරුන් හා පැමිණිල්ල නියෝජනය කරන්නා වූ රජයේ අධිනීතිඥ වරුන් විසින් සිදු කරනු ලබන්නේ ඔවුන් විසින් ඉටු කළ යුතු මහජන වගකීමක් වන අතර යම් නඩුවක පැමිණිල්ල මෙහෙයවීම මත හෝ යම් නඩුවක් විනිශ්චය කිරීම මත එසේ පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරුන්ට අදාල ව හෝ විනිශ්චයකාරවරුන් ට අදාළව මෙවන් ප්‍රකාශ සිදු කිරීම නොකළ යුතු බව සිය මතය යැයි නීතිඥ සංගමය අවධාරණය කරයි.

අධිකරණ ක්‍රමය තුළ යම් අධිකරණ නියෝගයකින් අතුරු අතෘප්තියට පත් පාර්ශවයකට පාර්ශවයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය මෙන්ම නඩු කටයුත්තක් මෙහෙයවීමේදී ඒ සම්බන්ධයෙන් අතෘප්තියට පත් පාර්ශ්වයට තම අදහස් පළ කිරීමට අවස්ථාවන් අධිකරණ ක්‍රමය තුළින් සකසා ඇති බව එහි සඳහන් වේ.

අපරාධ නීති ක්‍රමය තුළ සැකකරුවකුට හෝ චූදිතයකු චූදිතයෙකුට නීතීඥවරයෙකු මාර්ගයෙන් පෙනී සිටීමට පිළිගත් නීතිමය අයිතියක් ඇති අතර අපරාධ නඩු කටයුත්තක දී අගතියට පත් කවර පාර්ශ්වයකට වුවද නීතිඥ සහාය ලබා ලබාගැනීමට ව්‍යවස්ථාපිත නීතිමය අයිතියක් ඇති බවත් එම නීතිමය අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් හා 1978 අධිකරණ සංවිධාන පනත තුළින් මෙන්ම 1979 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 260 360 වගන්තිය තුලින් සුරක්ෂිත කොට ඇති බවත් සංගමය පවසයි.

ඉහත කී ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට අමතරව අධිකරණමය කටයුත්තක දී යම් පාර්ශවයක් නියෝජනය කිරීමට නීතිඥවරයකුට ඇති අයිතිය නීතියේ ආධිපත්‍ය යන සංකල්පය තුළ ගැබ් වූ ඉතා සුවිශේෂී කරුණක් බවද නිරීක්ෂණය කරමින් අවසන් වී ඇති නඩු කටයුතු අධිකරණයේ විමසීමට ලක් වෙමින් පවත්නා නඩු කටයුතු අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන්ගේ කාර්යභාරය පැමිණිල්ල නියෝජනය කරන්නා වූ නීතිඥවරුන්ගේ කාර්යභාරය හා අධිකරණ කටයුත්තක් කටයුත්තට පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටීමට සිටි නීතිඥවරුන් ට ඇති අයිතිය සම්බන්ධයෙන් සිදු කොට ඇති ඉහත ප්‍රකාශ ශ්‍රී ලංකා නීතිඥ සංගමය තරයේ හෙළාදකින බව සඳහන් කරයි.

මෙවන් ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසත් ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගි උපයෝගී කර ගැනීමෙන් වළකින ලෙසත් සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින එම සංගමය තවද තම වෘත්තීයමය කටයුතු කිරීමේදී නීතිඥ වෘත්තිය තුළ පිළිගත් ආචාර ධර්මයන්ට අනුකූලව සහ නීතිඥ වෘත්තිය ගරුත්වය රැකෙන ආකාරයට කටයුතු කරන මෙන් ද ඉල්ලා සිටී.

තවදුරටත් මේ ආකාරයට කටයුතු සිදු කරනු ලැබුවහොත් අදාළ පියවර ගැනීම උදෙසා යොමු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුබට නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

 



අදහස් (0)

නඩු කටයුතුවලට අදාළ ජනමාධ්‍ය ප්‍රචාර ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site