IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වමේ කෙන්ද්‍රයේ කැඳවුම්කරු ජනතාවගේ නිදහස අපේක්ෂා කරයි

(නිමල කොඩිතුවක්කු)
අලූත් දේශපාලන  සංස්කෘතියක්  පිළිබද කතා කරන වර්තමාන  ජනාධිපතිවරයා එම දේශපාලන සංස්කෘතිය තුළ ජනතාවගේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ විරුද්ධවීමට තිබෙන නිදහස් භාවය ආරක්ෂා කරනු ඇතැයි  තමන් විශ්වාස කරන බව  වමේ කේන්ද්‍රයේ සම කැදවුම්කරු චමීර පෙරේරා මහතා කොළඹදී අද (03) පැවැසීය.
 
 රජයට එල්ල වී ඇති  විමර්ශන ස්වාධීනව  කටයුතු කිරීමට ඉඩ ලබාදීමෙන්ම  රජයට තමන්ගේ ස්වාධීනභාවය ඔප්පු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඔහු සදහන් කළේය.
 
තිඹිරිගස්යායේ පිහිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන මූලස්ථානයේදී  වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන්  කැඳවා තිබූ මාධ්‍ය හමුවකට  එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා මෙසේද කීය.
 
‘‘පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක ජන වරමකින්  ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වුණා. ඒ වගේම ඔහුට විරෝධී  ලක්ෂ 59ක පාර්ශවයකුත් තිබෙනවා. මේ  සියලූම  දෙනා මේ රටේ පුරවැසියන්. ඒ නිසා  සියලූම පුරවැසියන්ට මේ රටේ පවතින  නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතය පිළිබඳ වගකීමක් සහ අයිතියක් තිබෙනවා.
 
වර්තමාන රජය ආරම්භ වී සති දෙකක් ගතවෙනවා. මේ රජය ඉදිරියට යාමේදී  යහපත්,අයහපත්  රජයේ කටයුතු පිළිබද අපේ මැදිහත්වීම, අපේ විවේචනයන් ඉදිරියේදී අපි සිදුකරනවා. මේ මොහොතේදීත්  රජයේ ක‍්‍රියාකාරිත්වය පිළිබද අපේ යම් කියවීමක් තිබෙනවා.
 
2015න් පස්සේ  ඇතිවූ නිදහස් පරිසරය පිළිබද මේ රටේ සියලූ පුරවැසියන් දන්නවා.මාධ්‍යයට ලැබුණු ඒ නිදහස පිළිබද මාධ්‍යය දන්නවා. රාජ්‍ය නායකයාගේ  සිට ආණ්ඩුව නියෝජනය  කරන සියලූම දෙනා විවේචනය කිරීමට මාධ්‍යයට අයිතිය තිබුණා.
 
 
ඒ වගේම රජයට විරෝධය පළකිරීමට ජනතාවට, මාධ්‍යයට,  වෘත්තීය සමිති වලට අයිතියක් තිබුණා.  එයට එරෙහිව කුමන  ආකාරයකින් හෝ මර්ධනයක් ගෙන ඒමට පැවති රජය කටයුතු කළේ නැහැ. ඒ රජයට ඒ විදියට කටයුතු කිරීමට  පුරවැසි ව්‍යාපාර විදියට අපි ඉඩ දුන්නෙත් නැහැ.  අපි නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදුකළා. ඒක තමයි අපි පවත්වාගෙන  ගිය නිදහස්කාමී  සංස්කෘතිය.
පොලිසි යොදවලා හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැදවලා සමාජ මාධ්‍ය දඩයම් කරන්න, බිය ගන්වන්න  ඔවුන් බිත්තියට හේත්තු කරන්න කටයුතු කළේ නැහැ.  වර්ථමාන ජනාධිපතිවරයා බලයට පත්වීමට දායකවුනේ ඒ පැවතුනු නිදහස් භාවිතයයි.
 
තමන්ගේ පාරශවය නියෝජනය කර අදහස් දක්වන්නත් මාධ්‍යයට හැකියාව තිබුණා. පැවති ආණ්ඩුව ඒවා යටපත් කළේ නැහැ. සමතලා කළේ නැහැ. මේක තමයි  අපිට අවශ්‍ය ඒ  සංස්කෘතිය.
 
වර්තමාන  ජනාධිපතිවරයා අලූත් දේශපාලන  සංස්කෘතියක්  පිළිබඳ අදහස් දක්වනවා. ඒ අලූත් දේශපාලන සංස්කෘතිය තුළ ජනතාවගේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරයි කියලා   අපි බලාපොරොත්තු වෙනවා.  විරුද්ධවීමට තිබෙන ඒ නිදහස් භාවය ආරක්ෂා කරයි කියලා අපි  විශ්වාස කරනවා. ‘



අදහස් (0)

වමේ කෙන්ද්‍රයේ කැඳවුම්කරු ජනතාවගේ නිදහස අපේක්ෂා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1122 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1134 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 430 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site