IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘සහල් මිල ඉහළගියේ සහල් මාෆියාව ශක්තිමත් වූ නිසයි’

(නිමල කොඩිතුවක්කු)
 
පසුගිය රජය මැදිහත්වීමෙන් ක‍්‍රියාත්මක කළ ශක්ති සහල්  වැඩපිළිවෙළ විනාශ කර සහල් මාෆියාව යළි ශක්තිමත් කිරීම වෙළඳපොළේ සහල් මිල ඉහළ යාමට හේතු වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා  මහතා ලංකාදීපයට අද(12) පැවැසීය.
 
නාඩු සහල් කිලෝවක් සඳහා  රුපියල් 98 ක් සහ සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 99 ක උපරිම මිලක් වත්මන් රජය නියම කලත් රුපියල් 85ත් 88ත් අතර මිලකට  ජනතාවට සහල් ලබාදීමට හැකියිව ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා  මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
               
‘‘වෙළඳපොළේ සහල් මිල අවුරුදු ගාණක් තිස්සේ පාලනය කළේ සහල් හිමියන් හතර පස් දෙනෙක්. මේ සහල් හිමියන් වෙළඳපොළේ ඒකාධිකාරියක් ගෙන ගියා. මේ නිසා කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් වැසී ගියා.
 
මේ සහල් හිමියන් අඩු මුලට වී මිලදී ගෙන ගබඩා කළා. කෘත්‍රිම හාල් හිඟයක් මවා පාමින් හාල් මිල වැඩිවීමට ඉඩ හරිනවා. ඒලෙස සහල් මිල වැඩිවුනහම මේ අය තමන්ගේ සහල් තොග පොඞ්ඩ පොඞ්ඩ එළියට දානාවා.
 
හාල් හිඟය මවා පාමින් පිටරටින් සහල් ගෙන්වනවා. ඒ සහල් සඳහාත් මේ අයගේ සහල් තොග කවලම් කරමින් වෙළඳපොළට එකතු කරනවා. මේ හාල් මාෆියාව නිසා මේ රටේ ගොවියන්, කුඩා සහල් මොල් හිමියන් මෙන්ම පාරිභෝගික ජනතාවත් විශාල අපහසුතාවයට පත්වෙනවා.
 
මේ හාල් මාෆියාව පාලනය කිරීම සඳහා  අපේ රජයේ ආර්ථික කටයුතු සහ පොදු සැපයුම් අමාත්‍යාංශය යටතේ මගේ මූලිකත්වයෙන් අපි මේ ශක්ති සහල් වැඩපිළිවෙළ ආරම්භ කළා. ආහාර කොමසාරිස්වරයා ඇතුළු කමිටුවක් මගින් මේ කටයුතු අධීක්ෂණය කෙරුණා.
 
අපේ මේ වැඩපිළිවෙළ නිසා සාධාරණ මිලට වෙළඳපොළට සහල් නිකුත් කිරිමට අපට හැකිවුණා. ඒ වගේම වෙළඳපොළේ පැවති සහල් ඒකාධිකාරිය බිඳ දැමීමටත්, වැසී ගිය කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් 200ක් නැවත විවෘත කිරීමටත්, සතොස ආයතනය මගින් මෙන්ම ප‍්‍රධාන සුපිරි වෙළඳ සැල් මගින් මේ සහල් අඩු මුදලට ජනතාව අතට පත්කිරීමටත් ඒ අනුව රුපියල් 85ක පමණ ස්ථාවර මිලකට සහල් මිල පවත්වාගෙන යන්නත් අපිට හැකිවුණා. 

දිස්ත‍්‍රික්ක අටක අපි මේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කලා. ඊළඟ කන්නයේ වී ලැබෙන තෙක් අපි මෙටි‍්‍රක් ටොන් 48,000ක් පමණ සහල් තොග ගබඩා කරලා තිබුණා. මේ ආන්ඩුව පත්වෙලා එය විනාශ කර තිබෙනවා.
 
දැන් අපි ඒ ගබඩා කර තිබූ මෙටි‍්‍රක් ටොන් 48000 ක ප‍්‍රමාණයත් මහාපරිමාන මොල් හිමියන් අතට පත්වෙලා තිබෙනවා. යළිත් මේ හාල් මාෆියාව ආරම්භ වෙලා තිබෙනවා. ඒ නිසා තමයි සහල් මිල 120 ට වැඩිවුනේ.
 
රුපියල් 40ට අඩුවෙන් ගන්න වී කිලෝවක් ලාභයකුත් තියාගෙන රුපියල් 85ක පමණ මුදලකට වෙළඳපොළට නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා. එහෙම තිබියදී රජය නාඩු සහල් කිලෝවක් සඳහා  රුපියල් 98 ක් සහ සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 99 ක උපරිම මිලක් නියම කිර තිබෙනවා. මේක සහල් සඳහා වැඩිමුදලක් නියම කර ගැසට් කිරීමක් විදියට අපි දකිනවා.
 
ශක්තිසහල් වැඩපිළිවෙළ කුඩුපට්ටම් කර සහල් මාෆියාව ශක්තිමත් කිරිමට රජය ගෙන ඇති මේ කටයුත්ත අපි පිළිකුලෙන් හෙලා දකිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

‘සහල් මිල ඉහළගියේ සහල් මාෆියාව ශක්තිමත් වූ නිසයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site