IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සුජිත් අක්කරවත්ත එජාපය පරාජවීමට හේතු කියයි

(නිමල කොඩිතුවක්කු)
 
බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර නොගැනීම සහ 2015 බලයට පැමිණිමට උපකාර කළ සංවිධානවල ක‍්‍රියාකාරිත්වය අඩුවීම මෙවර ජනාධිපතිවරණයේ පරාජයට හේතු වූ බව ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත මහතා කොළඹදී අද (03) පැවැසීය.
 
යහපාලන රජයෙන් සිදුවූ වැරදි සහ අඩුපාඩු හදාගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැපවෙන සියලූම බලවේග ඒකරාශි කරගනිමින් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් ශක්තිමත් යාන්ත‍්‍රණයක් ගොඩනැගිය යුතුව ඇතැයිද ඔහු සදහන් කළේය.
 
කොළඹ මහජන පුස්තකාලයේදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට  එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජිත් අක්කරවත්ත මහතා මෙසේද කීය.
 
‘‘මෙවර ජනාධිපතිවරණ පරාජයට බලපෑ කරුණු බොහෝමයක් තිබෙනවා. මේක එක පුද්ගලයෙක් හෝ පුද්ගල පසුබෑමක් නිසා සිදුවූ දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට  සිදුවු අතපසුවීම්, අඩුපාඩු හදාගනිමින්  ඉදිරි මැතිවරණ ජයග‍්‍රහන වෙනුවෙන් ශක්තිමත් යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුයි.
 
2015 ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් අපිත් ඇතුලූව සංවිධාන හා විවිධ කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් එකතුවුනා. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් එක අරමුනක් ඇතිව කැපවී ක‍්‍රියා කළා. නමුත් අපි මෙවර එවැනි තත්වයක් දැක්කේ නැහැ.
 
පැවති රජයේ මැති ඇමතිවරුන් බෞද්ධ භික්ෂූන් වහන්සේ ඉලක්ක කරමින් විවිධ ප‍්‍රකාශ කළා. ඒවා නිවැරදි කිරීමට කිසිවකුත් කටයුතු කළේ නැහැ. මේ නිසා බෞද්ධ ඡන්ද පදනම අපෙන් ඈත් වුණා. ඒ වගේම දැන උගත් ජනතාව, නාගරික ජනතාව ඇතුළු බොහෝ පිරිසක් අපෙන් ඇත් වුනා. මේ සියලූ කාරණා අපේ පසුබෑමට හේතු වුණා.
 
ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරිම වෙනුවෙන් අපි යළිත් සිංහළ, බෞද්ධ ජනතාවගේ ආදරය විශ්වාසය දිනාගත් පුද්ගලයන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කල යුතුයි. ඒ වගේම ඒ ඡන්ද දිනාගැනිම වෙනුවෙන් වැඩපිළිවලක් සකස් කළ යුතුයි. මේ ගමන සදහා 2015 දි රජය බලයට පත් කිරීම සදහා කැපවුණු සියලූ පාර්ශව වලට යළිත් ආරාධනා කළ යුතුයි’’ යැයිද ඔහු එහිදි පැවැසීය.



අදහස් (0)

සුජිත් අක්කරවත්ත එජාපය පරාජවීමට හේතු කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site