IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘‘රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා සජිත්‘‘

(නිමල කොඩිතුවක්කු)

රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්ව ඇති බව හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කොළඹදී අද (09) පැවැසීය.

මේ හේතුවෙන් තමන් සජිත් ප්‍රේමදාස  මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කළ බව  බෝගොල්ලාගම මහතා  සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිත බෝගොල්ලාගම මහතා මෙසේද කීවේය.

         ‘‘සජිත් පේ‍්‍රමදාස මහතාගේ ගමනට ශක්තියක් වීමට  ලැබීම ගැන මම සතුටු වෙනවා. මම සාමාන්‍යයෙන් දේශපාලනය තුළ  අධ්‍යයනයක් කරලා ඒ තුළින් ලැබෙන ප‍්‍රථිපල තුළයි මම බොහෝවිට තීරණ ගන්නේ. ඒ අනුව මට හැඟී ගියා මේ වෙලාවේ හොඳම තීරණය සජිත් පේ‍්‍රමදාස මහතාට ශක්තියක් ලබා දීම සුදුසුයි කියලා.

මුදල් වලට දේශපාලඥයන් විකිණෙන බඩ ගෝස්තරවාදය වෙනුවෙන් තීන්දු තීරණ ගන්න තත්වයට අද දේශපාලනය පත්වෙලා තියෙනවා.  අද මේ රටේ සියලූ  ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා බවට සජිත් පේ‍්‍රමදාස මහතා පත්වෙලා තිබෙනවා.

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් එතුමන් වටා පෙළ ගැහෙයි කියලා අපි විශ්වාස කරනවා. නම් සඳහන් නොකලත් ලේකම් මට්ටමේ පිරිසුත් අද අපිත් එක්ක සාකච්ඡා කරමින් සිටිනවා. රටේ ජයග‍්‍රහණය වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ කඳවුරත් සමඟ එක්වන ලෙසට සියලුම ජනතාවට අපි ආරාධනා කර සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

 

 

 



අදහස් (0)

‘‘රටේ ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයා සජිත්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 245 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 437 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 178 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site